Thursday, July 26, 2012

මගේ මරණය.......


දිනෙක තනිවේවි
පාළු සුසානයක
නිවී නොනිමී දැල්වෙන
ඉටිපන්දම හිස ලඟ තනියට

දින තුනකට කලින්
පිපී මා වටේ හැඩකල
මල්වඩම් දෙක තුනත්
පරවෙමින් මා හැර යන්නට

තනිවෙන්නට පෙර පස්යට
පියාගේ බිහිසුණු විලාපය
මවගේ දුක් අ‍ඳෝනාව
දෙදන බිම තියා හඬන සොයුරාට

කියාදෙන්න මගෙ මිතුර
දිරිය දෙන්න ජීවත් වන්න ඔවුනට
ජීවිතේ අනියත බව කියාදෙමින්
රැගෙන යන්න පාළු සුසානයෙන් ඔබ්බට
 .
.
.
.
.
.
.
.
තනිවෙන්න දෙන්න මට
මගේ එකම ආසාව මරණය සමඟ
තනියට හිඳීවි දිනක මට
අරලිය මලක් හෝ මනීමලක් දම්පාට


 

45 comments:

  1. හිත හොඳින් මැරුණ කෙනෙක් නම් නෙවෙයි වගේ!
    කොහොම වුනත් වෙනස්ම අදහසක්, සිත්තමීටත් හිතෙන දේවල්!
    ලස්සනයි!

    ReplyDelete
  2. ඒකනම් සිත්තමී හිතුවෙ සිත්තමීගෙ මරණය කියලා....ගිමන්...

    ReplyDelete
  3. //.. තනිවෙන්න දෙන්න මට
    මගේ එකම ආසාව මරණය සමඟ..//

    මම නම් ආසම ටික..කවිය නම් ගොඩක් ලස්සනයි..හැබැයි අක්කියෝ ඔයා නම් ඔහොම හිතන්න එපා....

    ReplyDelete
    Replies
    1. හෆොයි , ඔයත් ආස ඒ ටිකටද...ඉහි ඉහි :(

      Delete
    2. කදාකම හෝ මැරෙන්න සිද්ධ වෙනවනේ නංගා....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. අපේ පැත්තේ නම් ඔය මල් වලට කියන්නේ සොහොන් පිච්ච කියලා.
    ඒ මල් පොඩි උනාම මහ අමුතු සුවඳක් තියෙන්නේ.
    මොකෝ එකපාරම මැරෙන්ඩ හිතුනේ ??
    මට ඉස්සරම කාලේ මැරිලා බලන්ඩ හිතුනා. ගෙදර අය කොහොමද අඬන්නේ, නෑයෝ එනවද කියලා බලන්න එහෙම. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කවදාකම හෝ මැරෙන්න වෙන එකේ අද මැරුණත් හෙට මැරුණත් මොකද මධූ අයියේ....

      සිත්තමී මේ දවස් වල ටිකක් අවුල්...

      ඔයාට මැරෙන්න හිතුණ හැටියටනම් හිනා ඔන්න....හික්ස්....

      Delete
  5. සුසනයට තනියක් නෑ මේ ලොවහැමදාම
    නිතරම යන එන අයගෙන් එය පිරුනාම
    සිහිනෙන් හෝ සුසානයේ පාලුව මකන්නම
    මොකද හිතුනේ සිහින අක්කේ එකපාරටම...


    ඉටිපන්දම් එලිය දැල්වී නිවෙයි දවසක් යත්ම
    මල්වඩමක සුවදක් කොහිද තිබෙන මල් පරවෙත්ම
    එත් නිතරම ඔබේ හිස ලග තනියට ඉන්නා හැමවිටම
    මව පිය සොයුරාට ඇයි වෙන්නේ මෙවන් දුකක් උරුම....?


    කියාදෙන්නේ කොහොමද අනියත බව ජීවිතයක
    තිබුණු දේත් සුසානය උදුරා ගත් නපුරුම කලෙක
    මෙවන් දේ නොපතන්න හීනෙක වත් කොනක
    එවිට කියා දෙන්න හැකිය ඔවුනට වටිනාකම ජීවිතයක
    .
    .
    .
    .
    .
    .
    .
    මරණය ඉක්මන් වුනේ යන්න නිවනට
    එත් ඔබට පින් ඇත සුර සැප ලබන්නට
    අඩලා කදුළු ඉවර නම් ලංවෙන මරණයට
    මමත් පනිනන්නම් අක්කිගේ මිනි වලට....

    - - - ☠ ☠ ☠ - - -

    ReplyDelete
    Replies
    1. කවි ටිකනම් නියමයි මල්ලියෝ....

      කියාදෙන්නේ කොහොමද අනියත බව ජීවිතයක
      තිබුණු දේත් සුසානය උදුරා ගත් නපුරුම කලෙක
      මෙවන් දේ නොපතන්න හීනෙක වත් කොනක
      එවිට කියා දෙන්න හැකිය ඔවුනට වටිනාකම ජීවිතයක

      මම ආසම කවිය....

      Delete
  6. හ්ම්ම් කෙනෙක් මැරුණට පස්සේ එයාගේ තනියට ඉතුරු වෙන්නේ මේ වගේ මල් දෙක තුනක් විතරද? මරුන කෙනාට ආදරේ කරපු අය ලග එයා ගැන මතකයනුත් හැමදාමත් ඉතුරු වෙලා තියේවි නේද? මම නම් ජීවිතය කියලා විශ්වාස කරන්නේ කාලයක් තිස්සේ යන දිග ගමනක එක පුංචි නැවතුම්පලක් කියලා. මරණය විදියට අපි හැමෝම කවද කොහොම හරි මේ නවතුම්පොලෙන් පිටවෙලා ආයෙමත් නවාතැනක් ලැබෙනකම් ගමන යන්න පිටත් වේවි.
    මේක නම් සිත්තමිගේ සිතුවිල්ලක් විතරක්මයි කියන එක මම හොදටම දන්නවා. මොකද ඔයාට මේ නවාතැනේ දැන් දාල යන්න බැරි දේවල් ගොඩාක් තියෙනවානේ :P

    ReplyDelete
  7. ඔයා සිත්තමී ගැන ගොඩක් දේවල් දන්නෙ නෑනේ....සිත්තමීට ජීවිතේ ගොඩක් බැදීම් නැහැ....වැරදි සිතුවිල්ලක් හදිසි තීරණයක් විටෙක මේ කවිය ඇත්තටම ලියපු එකක් කරාවි....

    ඇත්තටම මේක සිත්තමී සිත්තමීගෙ මරණය ගැනම හිතල ලියපු එකක්...

    ReplyDelete
  8. අපෝ මේක තව ටිකක් නාකි වෙලා ලියන්න තිබ්බ එකක්.දැන්ම ලියන්න ඉක්මන් උනා වැඩිද මන්ද......

    ReplyDelete
    Replies
    1. මඩයා මරණය කියන්නේ නාකි වුණාම එන එකක්ම නෙවෙයිනේ...අද ආවත් හෙට ආවත් මරණය මරණයමයි....

      Delete
  9. 'තනිවෙන්න දෙන්න මට
    මගේ එකම ආසාව මරණය සමඟ
    තනියට හිඳීවි දිනක මට
    අරලිය මලක් හෝ මනීමලක් දම්පාට' මේ ටිකටයි යාළු මම ආසම..

    අපූරුයි! :)

    ReplyDelete
    Replies
    1. මමත් කවියෙ ආසම ටික හිරු කෙල්ලේ....ස්තූතියි ඔයාටත්‍....

      Delete
  10. අනේ මෙහෙම ඒව ලියන්න එපා බොල :ඩී

    ReplyDelete
    Replies
    1. හික්ස්....ඇයි සෑම් අයියේ....

      Delete
  11. හ්ම්ම් දිනෙක තනිවේවි ඔබ....පාළු සුසාන‍යක
    ඔබට ආදරය කරන සියල්ලන්ම අසරණ කරමින්

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වේවි බිනරි....කවද කොහොම වෙතත් යන්න ඕනි වෙලාවට අපි බෑ කිව්වත් යන්නම වෙනවනේ...

      Delete
  12. //මනීමලක් දම්පාට// මිනී මලක්ද..?
    මේ.....ඔය කියන ඒවට මමනං කැමති නෑ නගෝ...!!

    ReplyDelete
    Replies
    1. ඔව් මිනීමලක් තමා...මරණයට ගොඩක් අය හරි බයයි...එහෙම අය අතරේ මම ඇයි මරණයට බය නැත්තේ කියල මම දන්නෙ නෑ...

      Delete
  13. - පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුලු විලාපේ මා තමයි.-
    සිහින සිත්තම් ලියන පෝස්ට් හැම එකක් කියවනකොට මට සිහියට එන්නෙම ගීයක් හෝ දෙකක්. ඒ සමහර වෙලාවට ඔබ භාවිතා කරන බස ගිතවත් බව දැනෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හැමදාම මම බලාපොරොත්තු වන ඔබේ වටිනා කමෙන්ටුවට බොහොම ස්තූතියි...ගීතවත් බවක් රැදි මගේ කවි තව ගොඩක් කල් ලියවේවිද නම් දන්නෙ නෑ...

      Delete
  14. මේ මොකෝ මේ ටිකේ කස්ටියම මරණේ ගැන ලියන්නේ????

    ReplyDelete
    Replies
    1. තනිවෙන්න දෙන්න මට
      මගේ එකම ආසාව මරණය සමඟ

      අන්න ඒකයි හේතුව නාඩි....

      Delete
  15. කළුවරට බය නැතිව
    තනි වේවි හැමදාටම
    හිතලම සුළං පොද
    පාළුව තව වැඩි කරාවි..

    නිතර හැලෙන අරලිය මල්
    බොහෝ කතා කියා යාවි
    නටුවෙන් හැලෙන පොහොට්ටු
    මා වගේම නේද කියාවි..

    ReplyDelete
    Replies
    1. ලස්සන කවි දෙකක් දිනේෂ්...ගොඩක් දවසකින් ඔයාගෙ කවියක් මගෙ බ්ලොග් එකේ ලියවිලා...

      ඒ කවි පද දෙක ලොකු කථාවක් කියනවා...

      Delete
  16. කරකෝලා අතඇරිය වගේ...ඇයි අප්පා ජීවත් වෙන මිනිස්සු මෙහෙම මැරෙන කතා කියන්නේ..

    ReplyDelete
  17. මරණෙට බය නැති අයයි මරණෙ ගැන කථාකරන්නේ තරුවා...

    ReplyDelete
    Replies
    1. මමත් මරණෙටනම් බය නෑ කවද හරි වෙනවා කියලා දන්න හින්දා...අනිවාර්යෙන්ම වෙනවා කියලා දන්න දෙයක් ගැන උදේ හවස මතක් කර කර ඉන්නෙ මොකටද....

      Delete
    2. සමහර විට උදේ හවස මතක් වෙන්නේ මරණය ළග නිසා වෙන්න ඇති...අර කථාවට කියන්නේ තරුවා ගොක්කොල පේනවා කියලා ඒ වගේ වෙන්න ඇති...

      Delete
  18. අනේ මන්දා අෆ්ෆා

    ReplyDelete
  19. නාමෙ නොදිරනා.. කුණු කය දිරනා
    අරැමෙකි සෝභා සංසාරේ ....
    කියලා ඒ.ඇම්.යූ රාජ් ගායක තුමා කියලා තියෙන්නෙත් ඔය ගැනම වෙන්න ඕනෙ...

    සිත්තමී දැන් දැන් අපේ පැත්තෙ ඉදහිට එන්නෙ අපිත් එක්ක තරහා වෙලාද ?

    ReplyDelete
  20. වෙන්න ඇති නේද අයියේ... කොහොම නමුත් නොමැරෙන නමක්නම් සිත්තමීටනම් තියන්න බැරි වුණා....ලබන ආත්මෙවත් නොමැකෙන නමක් තියනවමයි....

    අනේ අයියේ මේ දවස්වල හරියට වැඩ අනේ....බ්ලොග් කියෙව්වත් කමෙන්ට් එක දාගන්න බැරි වෙනවා...

    ReplyDelete
    Replies
    1. මැරෙන්න මහන්සි වෙන්න ඕනෙ නෑ... ස්වභාව ධර්මයාගේ නියමය අනුව එය දිනෙක සිදුවේවි... ඒත් ජීවත් වෙන එක තමා අභියෝගය... නියම පිට කොන්දක් ඇති අයවලුන් අභියෝග හමුවේ ජීවිතෙන් පලා නොයත්...

      Delete
    2. නියම පිට කොන්දක් ඇති අයවලුන් අභියෝග හමුවේ ජීවිතෙන් පලා නොයත්...

      මේ වාක්‍ය හරි වටිනවා....

      Delete
  21. මොකද මේ මරණය ගැන ලියන්නේ. කාලේ ආවත් නිර්මානේ තරම් ලස්සන නැහැ මරණයේදී.

    නිර්මානේ පැත්තෙන් නියමයි.

    ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. නිර්මානේ තරම් ලස්සන නැහැ මරණයේදී. හ්ම් ඒක ඇත්ත වෙන්න ඇති අසරණයා....

      ජීවිතේ විටෙක අසරණ වෙන්නෙ මරණය තරම් ලස්සන දෙයක් නැහැ කියල පේන විදියට....

      ස්තූතියි ඔබට නිර්මාණය පැසසුවාට...

      Delete
  22. මැරුණාට පස්සේ කවුරු ළඟ හිටියාම මොකද

    ReplyDelete
  23. ඒකනම් ඇත්ත සහෝ....

    ReplyDelete