Tuesday, July 31, 2012

අවසරයි නික්මෙන්නට ටික දිනකට......


ඕන් යාළුවනේ හිතේ ටිකක් දුක තියාගෙන 
            මූණෙන් ඒක චුට්ටක්වත් නොපෙන්වා ලියන පෝස්ට් එකක් මේ 

උසස් පෙළින් පස්සේ  දෙයියනේ කියල සිත්තමී කෙල්ල මේ කරන්නේ 4 වෙනි ජොබ් එක.උසස් පෙළ කරල නිකන් ජොලියට වගේ පොඩි ජොබ් කට්ටක් කලා සල්ලි හොයන්නම නෙමෙයි ගෙදර ඉදන් උයන්න වෙන කම්මැලිකමට හික්ස්.......ඔන්න ඔන්න හිනා වෙන්න එපා කට කැඩිච්ච කථා කියන්නත් එපා සිත්තමී කියන්නේ ‍දෙයියනේ කියලා ගැහැණු ළමයෙකුට අවශ්‍ය වෙන සියළුම දේවල් අංග සම්පූර්ණව අවුරුදු 18 වෙද්දී තම මෑණියන්ගෙන් ශිල්ප හදෑරූ අම්මට පමණක් කීකරු (නැත්නම් ගුටි හම්බවෙනවනේ) අප්පච්චිට හුරතල් වෙන (තාමත්) ගැහැණු ළමයෙක්.

හ්ම් ආව මෙතන හිනා වෙන්න....

ඉතින් අහන්නකෝ පළවෙනි ජොබ් එක කලේ සල්ලි හොයන්න නෙමෙයි හුදෙක් ගෙදර සිටීමේ කම්මැලිකමට සහ උයන්න වෙනවාට.රෙදි කඩේක (හික්ස් පොඩි එකක් නෙවෙයි මහල් 4ක ටිකක් විශාල එකක්) සේල්ස් තමයි මගේ කුළුදුල් රැකියාව වුනේ...පුංචි කාලෙ ඉදන්ම රුව ඇති දුවයි කට ඇති දුවයි දෙකම එකට පිහිටපු මට සේල්ස් ජොබ් එකක් හරි සිම්පල්.ඉරිච්ච ඇදුමක් හරි කස්ටමර් කෙනෙකුට කට නිසා දෙන්න පුළුවන් කියන්නේ ඒක හැකියාවක්.හික්ස් ඔන්න ඔහොමයි පළමු ජොබ් එක. ඒක අප්පච්චිගේ පූර්ණ අකමැත්ත යටතේ සිදු වූ ජොබ් එකක්...මාස 3ක කාලයක් පුංචිම මුදලකට ලොකු වැඩ කොටසක් කල ඒ ආයතනයේ වයසින් බාලම කෙනා විදියට ලොකු තැනකුයි ලොකු නමකුයි තියල ඒ රැකියාවට සමු දුන්නා....

මම ආසම නිදහසේ හැම දවසකම අළුත් දෙයක් කරන්න පුළුවන් ජොබ් එකකට..ඒ නිසා පුංචි කාලෙ ඉදලම නිදහස අගය කල මට ඉදිරියට යන්න සුදුසුම මාර්ගය විදියට මම ‍තෝරගත්තේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න.උසස් පෙල දෙවනි වතාවට කරන්න ගෙදරින් බලකලත් මට කරන්න කිසිම වුවමනාවක් නොතිබුණ නිසා දෙයියනේ කියල මම ආසම පැත්තෙන් ඉදිරියට යන්න ඕනි තැන් සකසා ගන්න පාඨමලා කිහිපයක් හැදෑරුවා.පාඨමාලා හදාරන ගමන් මගේ දෙවනි රැකියාවට මුල්ගල තැබුනේ ස්ටූඩියෝ එකක් ෆොටෝ එඩිටින්.ඒකත් අවුලක් නැතිව කලේ හැම දවසෙම අළුත් දෙයක් නිසා.ඒකෙ ඉදිද්දි අළුත්ම දේකට අතගැහුවා  ඡායාරෑපශිල්පය අළුත්ම දෙයක් වුණාට ආසවෙන් කලා.ඒකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා.ඒ ජොබ් එකෙන් අයින් වෙද්දි තනියම වෙඩින් 2ක ෆොටෝ අරන් ඇල්බම් 2කත් ඩිසයින් කරන්න මට වාසනාව ලැබුණා.ඒ නිසා ඒ ගැනත් පරතෙරටම නැති වුනත් වැඩක් කරගන්න පුළුවන් අත්දැකීමක් තියෙනවා.

තුන් වෙනි රැකියාවට පය තියද්දි පාඨමාලා සියල්ලම අවසාන වෙලා තිබුණා.ඒ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිය‍ට ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක වැඩ කරන්න.ජොබ් එකට ආස නිසාම ඒ ජොබ් එක කලා නමුත් මගේ ජීවිතේ මට හම්බවුණ නපුරුම මිනිසුන් පිරිස වැඩ කලේ ඒ ආයතනයේ.ආයතන ප්‍රධානියාගේ සිට අවසාන දක්වා එක්කෙනෙකුට එක්කෙනනෙක් පහත් කරන අය අතරේ ඉගන ගන්න ‍ආසම නිසා අවුරුද්දකුත් මාස2ක් පමණ වැඩ කලා ඉතාම අඩු මුදලකට.නමුත් ජීවිතේට ගත් අත්දැකීම් රැකියාවේදී එතනින් ගත් අත්දැකීම් මට මුදලට වඩා වැඩි නිසා හිත හොදින් ඉවත්වුණා.

හතරවෙනි රැකියාවත්  ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිය‍ට ඇඩ්වර්ටයිසින් කම්පැනි එකක.මම මේ තැන හදුන්වන්නේ දිව්‍යලෝකයක් ගානට විටෙක අධික ලෙස වැඩ වැඩි වුනත් නිදහසේ රැකියාව කිරීමට කිසිම බලපෑමක් ඇති වුනේ නෑ.පඩියටත් වඩා වැඩ කිරීම මගේ පුරුද්දක්.ඒක මගේ අප්පච්චිගෙන් ලැබුණ දෙයක්  ආසාවෙන් වැඩ කරන නිසා මම මේ ආයතනයට පුදුමාකාර විදියට ආදරේ කරනවා.මගෙන් ඉටුවිය යුතු සෑම අංශුවක්ම මේ ආයතනය වෙනුවෙන් මම කලා නොසිතූ දෙයක් නිසා මට මේ ආයතනයෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.ඒ ආයතනයෙන් මටවත් මගෙන් ආයතනයටවත් සිදු වූ දෙයකට නෙමෙයි.ආයතනයේ ප්‍රධානියා පියෙකුට වගේ සලකද්දි හැර යාම ගැන මටත් දුකක් නමුත් යන්න සිදු වෙනවා.

මේ රැකියාවෙන් මට ලැබුණ දේවල් අසීමිතයි නොදන්න බ්ලොග් අවකාශයට අහම්බෙන් සම්බන්ධ වීම වගේම රැකියාවේදී මට ලැබුණ මගේ සහෝදරිය හැරයාම හිතට දුකක්.බ්ලොග් එකෙන් ටික දවසකට මට අයින් වෙන්න සිද්ධ වෙනවා.මගේ කොම්පීතරේ කැඩිල අළුත් එකක් ගන්න විකුණුවා.හදිස්සියේම අප්පච්චී සමග ආයෝජනයකට අත දැම්ම නිසා හම්බකල සියළු සංස්කාරයම ඒ වෙනුවෙන් වියදම්  කල නිසා මේ දවස් මම ලොස්.කොම්පීතරයක් ගන්න ටික කලක් යයි.ඒ නිසා බ්ලොග් එකෙන් නොකියාම යනවාට වඩා ඔයාලට කියල යන එක යුතුකමක් නිසා කිව්වේ.

ඒ වගේම මතක් නොකරම බැරි මගේ සහෝදරිය. ජීවිතේ මට හම්බවුණ අපූරු යහළුවා අද වෙද්දි මගේම නැගණියක්  වගේ  අපි දෙන්නා ජීවිතේ ගොඩක් දේවල් බෙදාහදාගත්තා. විටෙක හිනාවුණා බඩ රිදෙනකම් පුටුවෙන් වැටිවැටි.විටෙක දුක බෙදාගත්තා කදුළු පෙරිපෙරි.විටෙක කෑම කෑවා දෙන්නත් එක්ක තරගෙට.විටෙක රණ්ඩු වුණා ඔෆිස් එක පුරාම දුව දුව .ජීවිතේ කාට හරි හම්බවිය යුතු යහළුවෙක් නැගනියක් සිටීනම් මේ ලෝකෙ ඒ ඇය විතරයි.ඉරිසියාවක් හිත මායිමකවත් නැති අහිංසක කම දෝරෙ ගලා යන  පුදුමාකාර සංවේදී හිතක් ඇති ඇය ඔයාල නමින් නොදන්න නමුත් දන්න සිතුවිලි දැහැන


අවසරයි නික්ම යන්නට ටික කාලෙකට 
                  මගේ ආදරණීය බ්ලොග් අවකාශයෙන්...........


47 comments:

  1. මට හිතාගන්න බෑ අක්කියෝ ඔයාට මොනවා කියන්නද කියලා.ඒත් මම දන්නේ එක දෙයයි ඒ හැමදාටම ඔයා මගෙම අක්කියා කියලා විතරයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මගේ ජීවිතේට ලැබුණ හොදම සොයුරිය ඔයා ඒක ආයෙ කිසිදාක වෙනසක් නෑ......

      Delete
    2. මටත් ලැබුණු හොදම අක්කියා ඔයා...

      Delete
    3. සිතුවිලි දැහැනයි,සිත්තමියි අතර සම්බන්ධයක් තියෙනවා කියලා මට වැටහිලා ගොඩක් කල්.මම හිතුවේ දෙන්නම එක්කෙනෙක් කියලා.පෝස්ට් දාන්නෙත් එකම දවසට වගේනේ.

      අනික මෙතන උඩ කොමන්ට් කරලා තියෙන තුන්දෙනාම මට පැටලිලා තියෙනවා.

      Delete
    4. හි හි හී නිශාන්ට පැටලිලි ගොඩයි වගේ සිතුවිලි දැහැන සිහින සිත්තම් යාළුවෝ දෙන්නා....ඒ යාළුවො දෙන්න අතරට අහම්බෙන් එක්වුන ලග නැතිමුත් ලග වගේ ඉන්න අළුත් යාළුවා සිතුවිලි සිත්තම් කරන මල්ලියා...

      Delete
  2. පුළුවන් තරම් ඉක්මනට ආයෙත් මේ පැත්තේ එන්න. අපි ඔක්කොම මඟ බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ අළුත්ම ‍බ්ලොග් යාළුවා වකා....
      පුළුවන් ඉක්මණින් එනවා යාළුවේ......

      Delete
  3. ගියා වගේ නෙමේ.. ඕං !!!!
    ආපහු විජහට එන්ඩ ඕනා හරි ද.
    ග්‍රැෆික් ඩිසයිනින් කියන්නේ මාත් ගොඩක් ආස කරන රස්සාවක්... මාත් ගොඩ කාලයක් ඕක ඉගෙන ගත්තා. ඒ උනාට ඔය පැත්තෙන් රස්සාවක් කරන්ඩ උනේ නෑ.. :)

    අද මොකෝ දන්නේ නෑ අක්කයි නංගියි දෙන්නම පෝස්ට් දාලා. :)

    ReplyDelete
    Replies
    1. හික්ස් විටෙක තව ඉන්නෙ දවස් 2/3 නිසා වෙන්න ඇති.දෙන්නම එකම දවසෙ අයින් වෙනවා....ටිකක් දුකයි...

      ඒ වගේම බ්ලොග් අවකාශයේ මට ලැබුණ සොදුරු නම සිත්තමී දුන්නෙ ඔයා....ඒකනම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ මධූ අයියේ..

      Delete
  4. සුභ පතනවා ඉදිරි වැඩවලට..
    ජය!!!

    ReplyDelete
  5. මමත් ඔය කියන ග්‍රැෆික් ක්ෂේත්‍ර‍යටම සම්බන්ධ කෙනෙක් නිසා ඔය කියන අත්දැකීම් ගැන දන්නවා... අතළොස්සක් එහෙම උනාට ඉතාම හොද ආයතනත් තියෙනවා...
    හැමදේම නැසෙනසුලු ලෝකෙ මේ වගේ තාවකාලික වෙන්වීම් සාමාන්‍ය දෙයක්... හොද කොම්පීතරයක් අරගෙන නැවුම් කථා පෙලක් ආයෙත් ලියන්න... ඔබට ජය!

    ReplyDelete
  6. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි නොපමාව දුකින් මිදීමට උත්සහ කරන්න......

    ධර්මයනම් දන්නවා පෘතග්ජන මිනිසුන් නිසා දන්නෙ නැද්ද හිත සුට්ටක් විතර රිදිලා...
    ඉක්මණින්ම එනවා ආයෙත්...

    ReplyDelete
  7. අච්චෝ......ඔයා මට ගොඩක් ආදරෙයි කිව්වා නේද අක්කියෝ..
    මොකද අනේ මේ එකපාරම?? :(
    ඉක්මනට එයි කියල හිතනවා..:)
    ඔයාගෙ අනාගතේට සුභ පැතුම්! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු කෙල්ලේ....සෙනසුරාදායින් පස්සේ ටිකකාලයක් නිශ්ශබ්ද වෙයි...ආයෙත් එනවා ඉක්මණින්....

      Delete
  8. ඉදිරි වැඩ වලට සුභ පතනවා අනු.. හැකි ඉක්මනින්ම එවි කියලා විශ්වාස කරනව.. ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්....ඉක්මණින් එනවා...

      Delete
  9. Replies
    1. ඉක්මණින් එනවා යාළු...

      Delete
  10. මගෙ බ්ලොග් එකට අනිවාර්්‍යයෙන් ගොඩවෙන සීමිත පිරිසෙන් එක්කෙනෙක් උන ඔයා ටික දවසකට හරි සමුගන්න එකනම්...හිතට ..මොකක්ද..මෙව්වා එකක් වගේ..............!!!!!..කොහොම උනත් ජයම පතමි..නගෝ..:))))

    ReplyDelete
    Replies
    1. විටෙන් විට හෝ කොහොම හරි පෝස්ට් බලන්නම් ඔයාලගේ...ඉක්මණින් එනවා අයියේ....

      Delete
  11. Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ආදරෙන් ඔයාව...යන වෙලාවෙම පිළිගන්න වීම දුකක්...නමුත් ඉක්මණින් එනවා ඒ නිසා අයියෝ කියන්න එපා...

      Delete
  12. ම්ම්....ඉක්මනට එන්න හොදේ....
    අනාගතයට සුභ පැතුම්.....

    ReplyDelete
  13. ඉක්මනට එන්න ඉතිං..
    ජයවේවා!!!!!!

    ReplyDelete
  14. යන මග සුබ වේවා.. ගිය විගස ආපසු පැමිණෙන්න පෙරමග පහන් දැල්වේවා..

    මම මෙච්චර දවසක් හිතා හිටියේ සිතුවිල් දැහැන සහ සිහින සිත්තම් ලියන්නේ එක්කෙනෙක් කියලා.. දැන් තමයි වැටහුනේ මිත්‍රත්වයේ සබැදියාව

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඇහුවා ඔය දෙන්නා එක්කෙනෙක් ද කියලා දෙන්නම එක වගේ නිසා ඒ ගැන එහෙම හිතෙන එකත් සාධාරණයි...ගිහින් එන්නම්කෝ එහෙනම්

      Delete
  15. අක්කටයි නංගිටයි දෙන්නටම සුභම සුබ අනාගතයකට සුභ පැතුම් :))

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයේ මගේ සොදුරු සහෘදයාණනි...අවසරයි නික්මයන්නට ඉක්මණින් එනවා හොදේ...

      Delete
  16. සුභ පැතුම්.. ඉක්මනින් එන්න .

    ReplyDelete
  17. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ...!1!

    ReplyDelete
  18. ප්‍රියයන්ගෙන් වෙන වීම දුකක් අක්කියෝ...
    බ්ලොග් ලෝකෙට අලුතෙන් ආපු මාව පියවරෙන් පියවර එක්කරගෙන ගියේ ඔයා තමයි අක්කියෝ..තව කෙනෙක්ගේ හිත කඩලා දාලා තමන්ගේ දේ විතරක් කොහොමහරි කරගන්න ලෝකෙක ඔයාවගේ කෙනෙක් මුලින්ම හමුවීම මමත් කරපු පිනක්..
    මගේ බ්ලොග් එකටත් ඔයා හින්දා ලැබුණු දේ බොහොමයි..
    ඉතින් දවසක් දෙකක් හරි ඔයාලා මම හින්දා හිනාවෙලා හිටපු නිසා මේ කතාව කියවනකොට ගොඩක් දුකයි...

    මේ ලෝකේ අපි මුණගැහෙන විදිහත් පුදුමයි, තනිවෙන විදිහත් පුදුමයි...අපි පුදුම හිතෙන විදිහට ඉක්මණින්ම හමුවෙයි මගේ අක්කියෝ..! සතුටෙන් ඉන්න..

    ReplyDelete
    Replies
    1. මේ තරම් ලොකු වර්ණාවක්....ලැජ්ජයි වගේ ...හරි පැට්ටෝ වෙනද තරම් බ්ලොග් වල සැරි සරන්න බැරි වුනත් පුළුවන් වුන හැම තප්පරේටම ඇවිත් යන්න එනවාමයි කෙහොම හරි....

      Delete
  19. අපොයි අදනෙ දැක්කෙ :( ඉක්මණින්ම ආපහු එන්න නංගා!

    ReplyDelete
    Replies
    1. ඉක්මණින් එනවා අයියේ...

      Delete
  20. හෆ්ෆා...මොනවා කියන්නද මන්දා...ඉක්මනින් එන්න ඈ..

    ReplyDelete
    Replies
    1. ඉක්මණින් එනවා තරුවා...

      Delete
  21. ඔයාගේ සාර්ථකත්වය ඇත්තටම සුභ පතනවා. හැකි ඉක්මනින් ආයෙත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මණින් ලියනවා...ස්තූතියි ඔබටත්

      Delete
  22. Replies
    1. නිශාන් දැන් ටිකෙන් ටික පේනව අඩු ඇයි? වැඩ වැඩිද? අයියෝ කිව්වෙ යනව කියපු දුකටද? ඕන් මේ අක්කට සතුටුයි ඈ....

      Delete
  23. ආයේ මේ පැත්තට ඇවිත් මකුළු දැල් කඩලා ඉක්මනටම වැඩ පටන්ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.......!

    ReplyDelete
    Replies
    1. හරි හරි මඩයෝ ඉක්මණින් එනවා....

      Delete