Saturday, July 28, 2012

ඉඩ විතරක් මට දෙන්න සදා ......

ඇසිපිය මත වූ කඳුලු බින්දුවක්
ඉබේම රූරා බිමට හැලෙනවා
අඳුරු අතීතයෙ රුදුරු මතකයන්
ජීවිතේම මට එපා කරනවා

ඇසිපිය මත මේ ලඟදී ඉදලා
කවුදෝ හිමිහිට දුව ඇවිදිනවා
ඇසිපිය තුල මත පමණක් නොවේය
හදවත වෙතටද රිංගා යනවා

ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
ඉසුරු ලබාදෙන්නටයි කියා
හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
ඉඩ විතරක් මට දෙන්න සදා 
.
.
.
.
.
.
.
.

අමාරුවෙන් ලබාගත්ත ඔයාගෙ ආදරේ ඇරෙන්න 
       මේ ලෝකෙ මට දාල යන්න දුක හිතෙන වෙනත් දෙයක් නෑ.........
(මේ ඔයා වෙනුවෙන් ලියපු කවියක් )


40 comments:

  1. //.. ඇසිපිය මත මේ ලඟදී ඉදලා
    කවුදෝ හිමිහිට දුව ඇවිදිනවා
    ඇසිපිය තුල මත පමණක් නොවේය
    හදවත වෙතටද රිංගා යනවා..//

    ලස්සනම ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. හැමදාම ලස්සනයි කියන්නේ අනේ කැතයි කියලවත් කියන්නකෝ...හි හි හී....

      ස්තූතියි පැංචියේ

      Delete
  2. හිතට ගොඩාක් දැනෙන කවියක් නංගි.

    අතීතයේ අදුරු මතකයන්
    එපා කෙරුවත් ජීවිතය
    අමතක කර අතීතය
    ජිවත් වෙන්න සතුටින්
    ආදරය වෙනුවෙන්ම

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ...අතීතයක් දැන් තිබුනෙත් නෑ වගේ....මේ ආදරේට මම ගොඩක් ආදරෙයි...

      Delete
  3. විරහ කවියක්ද ආදර කවියක්ද විරහෙන් මිදිල ආදරේට ඉඩදෙන හිතක්ද! කොහොම වුනත් ලස්සනයි! එයා දැක්කොත් නම් ආදරේ තවත් වැඩි වේවි :)

    ReplyDelete
    Replies
    1. විරහවයි ආදරෙයි ආදරෙන් ඉල්ලීමකුයි ගොඩක් කථා ලියවිලා තියෙනවා ගිමන්...
      ඇත්ත මේ කවිය ලියල මම ගොඩක් කල් ...

      Delete
  4. "ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
    ඉසුරු ලබාදෙන්නටයි කියා
    හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
    ඉඩ විතරක් මට දෙන්න සදා "
    හරි අහිංසක ඉල්ලීමක්
    ඔය ඉල්ලීම ඒ විදිහටම ඉෂ්ඨ වේවා.......!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.....ගොඩක් ස්තූතියි ඔබේ ප්‍රාර්ථනයට

      Delete
  5. හොද ආදරයක් එහෙම දාලා යන්ඩ පුලුවන්ද නෙහ්. :)
    සිත්තමි තමන්ගේ වෙන්ඩ මහත්තයාට දිවි දෙවෙනි කොට ආදරේ කරන බව පේනවා.
    ඔය දෙන්නගේ ආදරේට මම් දීර්ඝායුෂ පතනවා.
    ඔයැයි වගේ ගෑල්ලමයෙක් ලැබෙන්ඩ ඔයැයිගේ වෙන්ඩ මහත්තයා පින් කරලා තියෙනවා.

    කවි සිතුවිල්ල ගැන කියන්ඩ දෙයක් නෑ... ලස්සනයි... උපරිමයි !

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධූ අයියේ...මට එයා ඇරෙන්න වෙන ජීවිතයක් නෑ මගේ පණ මගේ හුස්ම ටික....එයා නෙමෙයි ඒ ආදරේ ලබන්න මමයි පින් කරල කියෙන්නේ මධූ අයියේ..

      Delete
  6. ඒ උනාට ඇත්තටම කියනවනම් ඒ ඇරෙන්න මට දාලා යන්න බැරි තව එක දෙයක් තියෙනවා ඒ තමා එතෙක් මෙතෙක් එකතු කරගත්ත ෆිල්ම් සැට් එක :D

    ReplyDelete
    Replies
    1. හික්ස් ගොඩක් වෙලා ගිහින් කමෙන්ට් එක තේරුම් ගත්තේ...

      Delete
  7. ආදරනිය කවියක්. දන එතකොට අවුද එයා.??

    ReplyDelete
    Replies
    1. එයාගෙ පින්තූරෙකුත් එක්ක මම කවියක් ලියපු එකක් තියෙනවා...මේ ඉන්නේ එයා තමා...

      http://wwwsihinasiththam.blogspot.com/2012/06/blog-post_27.html

      Delete
  8. වාසනාවන් වාසනාවන් ඔබේ දිවිමග වාසනාවේ
    සුවහසක් මල් පිපේවා....
    පැතූ පැතුමන්කුසුම් සුවඳින් දිනේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට...

      Delete
  9. කවිය ලස්සනයි.. අපි ඒක ගැන පස්සේ කතා කරමු..

    දැන් කවුද මේක මේ විශේෂයෙන්ම ලියන්න හේතු උන එයා... :)

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මේ එයා අර අරයනේ...හික්ස්...ජුනි 27 උපන්දිනේකට සුභ පැතුවේ.....අන්න එයා තමයි එයා...එයාට ලියපු පරණ කවියක් මේක...

      Delete
  10. මතක අතීතය පසෙකින් වලලා..
    අනාගතය ගැන සිතනු සොඳා..
    ලියන ඔබේ කවි හරිම අගේයා..
    තව තව ලියන්න මොකද පමා.. :) :)

    ReplyDelete
    Replies
    1. බිහිසුණු මතකය වැලි යට සගවා
      මගෙ කුමරුන් හට ජීවිතයම පිදුවා
      ලියන කවියට හැමදාම ඔබ පැසසුම් කරලා
      දිරිය දුන්නත් නුඹ අනුපමා පමා.....

      ගැලපෙන්නෙ නැද්ද මන්දා කවිපද ටිකනම් හිරුකෙල්ලේ මම අනුපමා...ඒකයි අනේ හැමදාම පමා....

      Delete
  11. //ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
    ඉසුරු ලබාදෙන්නටයි කියා
    හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
    ඉඩ විතරක් මට දෙන්න සදා //

    ම්ම්ම්....ආදරණීය ඉල්ලීමක්.....ඉෂ්ඨ වේවායි පතනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි බිනරි....

      Delete
  12. ලස්සනයි... අෆ්ෆෙ බය නොවි ඉන්න කුමාරයා ඉඩ ලබා දෙයි නංගිට :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත මදාරා කුමාරයා ඉඩ දුන්නා....මේක එයා වෙනුවෙන් ලියපු පරණ කවියක්...

      Delete
  13. ඇසිපිය මත දුටු දේ හදවත තුල පිබිදෙනවා
    සිහිනෙන් දුටු ඒ රුව රහසින් හිනැහෙනවා
    රුදුරු මතක නම් දැන් ටික ටික බොදවෙනවා
    අලුත් දිවියට එන්නැයි හද කොදුරනවා...


    වැටුණු කදුළු සැගවී හැඩවූ පෙරදා
    මතු වෙන්නට හසරැල් ඒ සැම පරදා
    ඔබ ලගමයි ඉන්නට ලංවී හැමදා
    ඉඩ විතරක් මට දෙන්න සදා ....

    ReplyDelete
    Replies
    1. නියමයි ආ.....පිළිතුරු කවියක්නම් ලියන්නෙ නෑ ඕන්‍....

      Delete
  14. රත්තරන් මැණික් මුතු මොකටද...ඒවා..
    හිස් අතින් සිනාසිසී පැමිනේවා...
    මට මතක් උනේ ඒගීතය. :))))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ....මම හැමදාම ලියන කවියට සමාන වෙන්න කොහේ හෝ ගීතයක් තියෙනවමයි...

      Delete
  15. Replies
    1. මගේ සිත්තමට සාදරයෙන් පිළිගන්නවා ඔබව....

      ස්තූතියි ඔබට..ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...

      Delete
  16. ඕක නම් බලා ඉන්න හොඳ වැඩක් නෙවෙයි සිත්තමී. ඔය ඇසිපිය මත මොකෙක්ද දුවනවානම්. ඕකට කියන්නෙ body louse සිංහලෙන් ඌට කියන එක ගෑල්ලමෙක්ගෙ බ්ලොග් එහෙක දාන්න බැරි වචනයක්.

    විහිලු විහිලු!!

    මට නම් මේ ආත්මෙට හදන්න බැරි ෂෝක් කවියක්!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔලුවේ ඉන්න ලේඬිනුත් ඇහිපිල්ලම් වලට බෝ වෙනවා :D

      Delete
    2. මගේ සිත්තමට ඔබව ආදයෙන් පිළිගන්නවා.... ස්තූතියි ඔබට ආයෙමත් එන්නකෝ මේ පැත්තට...

      Delete
  17. මේ අහිංසක පැතුම ඉටුවෙන්න කියා මමද පතමි...

    ReplyDelete
    Replies
    1. ඔබේ පැතුමට බොහොම ස්තූතියි සහෝ....

      Delete
  18. ආදරේ බේරෙනවා
    මගේ පැතුමත් කවදාවත් ඔයාගේ ආදරේ නැති වෙන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. මම නැති වුනොත් ඇරෙන්න (මියගියොත්) මේ ආදරේ නැති වෙන එකක් නෑ නිශාන්...මා වෙනුවෙන් කල ප්‍රාර්ථනයට බොහොම ස්තූතියි...

      Delete
  19. හ්ම්....මේ.........ඔයා කිව්වෙ කවුද ඈ...

    ReplyDelete
  20. ආදරයෙන් පෙනහළු පුරවන් හුස්ම දොතක් අරන්වගේ සුන්දර පබැඳුමක් ජිවිතය විඳින්න සුබ පැතුම්

    ReplyDelete
  21. අම්මෝ ඒ වචන ටික හරියට දැනුණා....

    ආදරයෙන් පෙනහළු පුරවන් හුස්ම දොතක් අරන්

    ප්‍රාර්ථනාවට ස්තූතියි රාජ් අයියේ....

    ReplyDelete