Saturday, July 21, 2012

ජීවිතේ සෙල්ලමක් නෙවෙයි බොලව්......

මාතෘකාව දැක්කගමන් බය වුණාද? කවි ලියපු කිවිඳියක් මාතෘකාව දාපු විදිය දැක්කම සිංහල ජාතියට කථාකරන්න ඕනි වෙනම විදියක් තියනවා.දැනෙන්න කථාකරද්දි මේ විදියට වචන පාචිච්චි කලාම සිංහල ජාතියට හොදට දැනෙනවා.මේක මම අතින් මාතෘකාවක් අරන් ලියන පළමු පෝස්ට් එක ආදරේ සෙල්ලමකට ගත්ත ජීවිතේ ලන්සුවට තියපු කෙල්ලො කොල්ලො දැක්කම හිත රිදෙනවා.ඒකයි  මේ විදියට පෝස්ට් එකක් දාන්න හිතුවේ.මේක මගේ ‍බ්ලොග් එකනේ මට හිතුණා මම ලිව්වා.

මේ පෝස්ට් එකෙන් ආදරේ ගැන ජීවිතේ ගැන කථාකරන්න හිතුවා.ආදරෙන් පරාද වුණ අය ආදරේට වෛර කරන අය මෙතනින්ම කියවන එක නවත්තයි.බ්ලොග් ලියන ගොඩක් අය ආදරේ ගැන මතක් කරද්දිත් පැනල දුවනවානේ.අනේ මන්ද ඒ ජීවිත ඒ විදියට පෙන්නුවට ඒ හිත්වල ඇතුලාන්තයෙත් ඔය විදියටම ආදරේට වෛර කරනවද කියන එකනම් මට ප්‍රශ්නයක්.මම හිතන්නෙ නම් ආදරේට වෛර කරන කිසිම කෙනෙක් නෑ.කවුද ආදරයක් ලැබෙනවනම් එපා කියන්නෙ ආදරේ ලග තියෙද්දි ආදරෙයි කියල හිතට දැනෙද්දි හිතට ලැබෙන සැනසීම.ආදරෙත් එක්ක අපි හැමෝම බැදිල ඉන්නෙ නෑ කියන්න කාටවත් බෑ.ඒත් පුංචි සිදුවීමක් නිසා ආදරේම එපා වෙලා ජීවිතේම එපා වෙලා.ආදරණීය කවියක් දැක්කත් විරහව ගැන ලියවුන කවියක් දැක්කත් තමන්ගෙ හිත ඇතුලෙ තියන තරහ හැගීම පිටකරනවා කවිය දිහා බලලා.ඒ හිත තුල තියෙන තරහ කවි කාරයාගේ හෝ කවි කාරියගේ හිතම මරල දානවා.කවි ලියන්නෙ අත්දැකීමෙන්ම නෙවෙයි.ඒ ඒ ජීවිත වලට සම වැදිල ඒ ජීවිතයේ සිතුම් පැතුම් කොයිවගේද කියල හිතල ඒ සිතුවිලි පුංචි පද පෙලකට කැටි කරනවා.එහෙම කල කවි පදයකට හිතන්න ඔයාල කියන වචන හරිද කියලා.මම කියන්නෙ නෑ ඔයාල වැරදියි කියල ඕනිම කෙනෙකුට අදහස් පල කරන්න නිදහස ඕනි තරම් තියෙනවා.මම කියන්නෙ කවිය කවිය විදියට රසවිඳින්න කියලා.මොකද ඒ ඔයාගෙ ජීවිතයට සම්බන්ධ වෙන්න පුළුවන් කවියක් වෙන්න ඇති නමුත් ඔයාල පැරදුණ ආදරේ නෙමෙයි ඒක කවි පෙලක්.


හරියට මේ වගේ කොච්චර ආදරේට එපා කිව්වත් ආදරේට වෛරකරනවා කිව්වත් ඒ අයගෙ ඇතුලාන්තය ඉරල බැලුවොත් පෙනේවි තියෙන්නෙ ආදරේම විතරයි කියල බලාපොරොත්තු වෙන්නෙ ආදරේ විතරමයි කියල....

හරි දැන් මගේ මාතෘකාව

ජීවිතේ සෙල්ලමක් නෙවෙයි.ආදරෙත් සෙල්ලමක් නෙවෙයි.ජීවිතෙයි ආදරෙයි කියන්නෙ දෙකකුත් නෙමෙයි.මම මේ එක පාර්ශවයකට ඇඟිල්ල දික් කරනව නෙමෙයි.දෙගොල්ලන්ටම කථාකරනවා.බලන්න බැරිනම් මෙතනින්ම කියවන එක නතර කලාට කමක් නෑ නමුත් හිතේ තියෙන හැම දේම මම තව දිගට ලියාගෙන යනවා.මම ආදරේ කියන්නෙ සතුටට.පිළිගැනීම නොපිළිගැනීම ඔයා සතුයි.මම එහෙම කියන්නෙ ඇයි දන්නවද? ආදරයක් ලග තියෙද්දි ජීවිතේ හරි පිරිල වගේ දැනෙනවා.එහෙම නේද?තනිකම මැකිල ගිහින් හිස්කම නැතිවෙලා ගිහින් ජීවිතේට හරි වෙනසක් දැනෙනවා.හරියට ඉඩෝරයකට ගස් කොල මැලවිලා වතුර නැතිවෙලා ඉරිතැලුණ මහපොලොව දූවිල්ල මකාගෙන වැස්ස වැටිල ගස්කොල පීදිලා නැවුම් සුවඳත් එක්ක දැනෙන දේ වගේ.කියන්න නොතේරෙන දේ තමයි ආදරය...උපමාවක් දෙන්න බැරි දේ තමයි ආදරය...හිතන්න ඔයා ආදරේ කරන කෙනා ඔයා නිසා සතුටින් ඉන්නව දකිද්දි ඔයාට දැනෙන දේ.තව තවත් සතුටින් තියන්න ආසයි නේ ඒකෙන් ඔයාගෙ හිතත් සතුටින් නේ. ඔයා සතුටු වෙන්නෙ එයා සතුටු කරල නේ? ඔයාගෙ ආදරේ සතුටින් ඉන්නව දැනෙද්දි තවත් සතුටු කරන්න හිතෙනව නේ.ළගට අරන් තුරුල් කරන් ලගින් තියාගන්න හිතෙනව නේආදරේ ඉහවහ ගියාම ආදරෙන් සිපගන්න හිතෙනව නේද?ඒකයි ආදරේ කියන්නෙ ජීවිතේ සතුට... සතුටයි ආදරේ කියන්නෙ....නැත්තම් වෙන මොකක්ද?


මහ ලොකු කෙල්ලෙක් නෙමෙයි මමත්. නමුත් මට කියන්න ඕනි දේ කියන්න පුළුවන් මට.කෙනෙකුට දෙයක් තේරුම් කරන්න පුළුවන් මට.බලන්නකෝ ඉතුරු ටිකත්.ජීවිතේ හරි ලස්සනයි යාළුවනේ හිතාගන්න බැරි තරම් ලස්සනයි.ඒක අපි අපායක් කර ගත්තට කවුරුවත් පලි නෑ අන්න ඒක මතක තියාගන්න.

ඔයා ආදරේ කරපු කෙනා යන්න ගියාද?
  ආයෙ කවදාවත් ඔයාගෙ ජීවිතේට නොයෙන්නම?
   එයා ගැන මතකය අමතක කරන්න බැරිද? 
     එච්චරටම ඔයා එයාට ආදරෙයිද? 
      ඔයා ඔය තරම් එයාට ආදරේ කලානම් එයා යන්න යාවිද?.........

ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ යාළුවනේ...ඔයා ආදරේ කලේ වැස්සියෙකුටවත් වස්සෙකුටවත් නෙමෙයිනේ...ආදරේ ඕනවටත් වඩා වැඩිය ඕන වන මනුස්ස පරාණයකටනෙ නේද?එහෙනම් එයා ඔයාව දාල ගියේ ඔයා ආදරේ කරන්න දන්නෙ නැති නිසා...ඔයත් එක්ක ඉන්න බැරි නිසා ඒකයි දාල යන්න ඇත්තේ.ආදරෙන් පැරදුණ ඔයා කියනවනම් මම ගොඩක් ආදරේ කරපු කෙනා මාව දාල ගියා කියල මම ඒ සිහා දකින විදි 2ක් තියෙනවා.

1. ඔයා එක්ක ආදරේ කරන්න බැරිකම (ආදරේ කරන්න ඔයා දන්නෙ නැති කම)
2.දාල ගියපු කෙනාගේ කැතකම (මම මෙතන කැතකම කිව්වේ කැත හදවතක් තියන කෙනෙක් කියලා)

කැත හිතක් නැත්නම් ඔයා වගේ අහිංසකයෙක් අහිංසකියක් දාල යයිද?මතක තියාගන්න දාල යනවනම් කවදා හෝ එයා දාල යනවමයි.ඒක අදද හෙටද නෙමෙයි වැදගත්. යන්න ඉන්න කෙනා කවදාකම හෝ යනවා.හිතන්න ඔබ විවාහය කියන බැඳීමටත් කොටුකරල  දාල ගියානම් ඔබ මීටත් වඩා අසරණවෙයි නේද?දෙමාපියන්ට මිතුරන්ට සමාජයට ඔබ මුහුණ දෙන්නෙ කොහොමද?යන්න දෙන්න ජීවිතයක හදවතක වටිනාකමක් දන්නෙ නැති කිළුටු හදවතට යන්න දෙන්න.තනිවුණාද? පාළුයිද? ආදරෙයිද? කමක් නෑ හිමින් අමතක කරන්න. එයා ඔයිටත් වඩා ඔයාව අසරණ කරන්න ඉඩ තිබ්බා.හිත හැදෙනකම් අඬන්න.වේදනාව පිට කරන්න.යන කෙනාට යන්න දෙන්න. බලෙන් ලංකරගන්න එපා ඔයාගෙ ජීවිතේ විනාසම කරල දාවි..එයාට නිදහසේ යන්න දෙන්න.මේ ජීවිතය ඔබේ.ඒක විනාස කරන්න කාටවත් දෙන්න එපා.

ආදරෙන් පැරදුණා කියල ජීවිතෙන් පරදින්න එපා.මේ ජීවිතේ ඔයාගෙ.ලස්සනට ජීවත් වෙන්න පිස්සෙක් පිස්සියක් වෙන්න එපා.හැඟීම් පාලනය කර ගන්න විවාහ වෙන්න කලින් ඔයාව දාල ගිය එක ගැන සතුටු වෙන්න.යන අයට යන්න දෙන්න නමුත් එක දෙයක් අනේ ගිය කෙනා වෙනුවෙන් ගහක් ගලක් ගානෙ කිය කිය මඩ ගහන්න එපා.සමාජයට ඔයා හොදයි එයා හොද නෑ කියල පෙන්නන්න යන්න එපා.ඒක ගොඩක් අය අතින් වෙන වැරැද්දක්.දන්නවද ඔයා එහෙම කලොත් දාල ගියපු එයාගෙ කැත හිතට වඩා ඔයාගෙ කැත හිත ඉදිරියට එයි.එයාගෙ කැත හිතට වඩා ඔයාගෙ කැත හිත උඩින් තියන්න එපා එහෙම කරලා.වේදනාව ඉවසන්න බෑ කියලා තැන තැන වැරදි කියව කියව යන්න එපා.මොකද ඒකෙන් අපිට වෙන ලාභයක් නැති නිසා.හරියට අපි උඩ බලන් කෙල ගැහුව වගේ වැඩක්.මොකද පණ දෙන්න ආදරේ කරපු කෙනෙකුට දාල ගියහම ඔහොම කරන්න පුළුවන්ද?අපිට  කාටවත් මඩ ගහන්න අයිතියක් නෑ.ඔබ එහෙම කෙනෙක් වුණොත් ඔයාගෙ අහිංසක හදවතටත් වැටේවි නමක් පහත්කම කියලා. අන්තිමට වැරදි කරපු අයට නෙමෙයි අපිටයි සමාජය වැරදි කියන්නේ.
මේ ජීවිතය ඔයාගෙ මේ හදවත ඔයාගෙ ජිවිතේ වැරදුණානම් හදාගමු තනිවුණානම් තනිකමෙන් මිදෙමු.වැරදි හදාගෙන ආයෙත් ආදරේ කරමු.ජීවිතේ එකම සහ අවසාන ආදරේ ඒකනම් එයාගෙ සතුට වෙනුවෙන් අපි නිහඬ වෙමු.ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයිනේ.

හරි දැන් මම මෙච්චර වෙලා කිව්වේ ඔයාව දාල ගියේ  එයාගෙ කැතකම නිසා කියලනේ.දැන් බලන්නකෝ ඔයත් එක්ක ආදරේ කරන්න බැරිකමට දාල ගියානම් ඒ ඇයි කියලා.අපි ඕන කෙනෙක් ආදරේ හරි පරිස්සම් කරනවා.විටෙක ඒ ආදරේ වැඩි නිසා.ඒක කොහෙත්ම වැරදි නෑ.නමුත් ඔබේ ආදරේ වැඩිකම එයාට හිරිහැරයක් නම්.හරියට ගිරවෙක් කූඩු කලා වගේනම්.මම නැතුව කොහෙවත් යන්න එපා.කොල්ලො එක්ක කථා එපා.කොල්ලන්ට නම්බර් එක දෙන්න එපා.මිස් කෝල් ආවොත් මට කියන්න.මේ ඇඳුම් අදින්න එපා.මේ ප්‍රශ්නනම් වැඩිපුරම තියෙන්නේ ගැහැණු ළමයින්ට පෙම්වතාගෙන්.වැරදියි කියන්නෙ නෑ දෙයියනේ ඔයා හරි වෙන්න ඇති යම් දෙයක් දිහා ඔය දකින හරි වැරැද්ද එයාට පෙන්නල දෙන්න.නීතියක් දාන්න එපා කියල දෙන්න.කරදරයක් වෙන විදියට නෙමෙයි නිදහසට බාධාවක් වන විදියටත් නෙවෙයි. පෙම්වතියගෙන් පෙම්වතාට නීති වැටෙනවා ගොඩක් අඩුයි.නීති දාල හිරකරන් තියාගන්න පුළුවන්ද?එහෙම හිරකරන් මේ මගේ පෙම්වතා මේ මගේ පෙම්වතී කියල ලෝකෙට පෙන්නන්න පුළුවන්ද?
ජීවත් වීමටත් නීති දාල නිදහස බින්දුවටම අහුරල හරියට කූඩු කරල වගේ තියාගන්න පුළුවන්ද? එහෙම කූඩු වෙලා ජීවත් වෙන අය කොයි තරම් නම් ඉන්නවද? එයා ඉදියි ඔයා ලඟ හැබැයි සතුටින් නෙමෙයි.ආදරෙන් නෙමෙයි අසරණකමට. ඉවසන් ඉදල ඉදල එපා වුන දවසට යන්න යයි. කවුද හිරවෙලා ඉන්න කැමති.නීති දාන්න එපා හරි වැරැද්ද කියල දෙන්න ආදරේ වෙනුවෙන් ඔයත් ඉවසන්න එයාගෙ සතුට වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ කැප කරන්න.ආදරේ කරන්න.ආදරේ කියන්නෙ සතුට.මානුෂික වෙන්න.වරදින එකක් නෑ ඔබට ජීවිතය.සින්දුවක් අහන්න දෙන්න කවියක් ලියන්න දෙන්න ඒක විරහව ගැනද ආදරේ ගැනද නෙමෙයි වැදගත් එයා ඒ දේ වෙනුවෙන් ලබන තෘප්තියයි වැදගත්.ලබන සතුටයි වැදගත්.එයාගෙ සතුට වෙනුවෙන් නිහඬවෙන්න.කාගෙවත් ජීවිත වලට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ.

ජීවිතේ හරි ලස්සනයි.මේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න එපා...මේ ජීවිතය මගේ....මේ ජීවිතය ඔබේ. 



පියඹා යමු ආදරේ සොයාන නිදහසේ......
                        හමුවෙනතුරු දිනක සැබෑ ආදරේ.....




38 comments:

  1. මේ පොස්ට් එකේ ආදරය ගැන ආදරය කරන නොකර ඕනිම කෙනෙක්ට දැනගන්න ඕනි ගොඩාක් දේවල් තියෙනවා... ඇත්ත අක්කියෝ, ...ආදරේ විහිළුවක් වුනු කෙනෙක්ට මේවා කියෙවාම හිත රිදෙන්න පුළුවන්...එත් අවංකව ආදරේ කරපු කෙනෙක්ට එහෙම වෙන්නේ නැ...

    ආදරේට කවුරු හරි වෛර කරනවානම් ඒ එයාට නිවැරදි ආදරයක් නොලැබුණු හින්දා නේද..? අපි හැමෝටම ජීවත් වෙන්න ආදරයක් ඕනි..
    එයාව සතුටින් තියන්න ඕනිම දෙයක් කැපකරන්න පුලුවන්නම්, ඒ සතුට ඔයාටත් දැනෙනවා නම් ඒ ආදරය ඔයාව හැමදාම ජීවත් කරාවී...

    ඔව්..ආදරේ කරපු කෙනා නැති දාක එයා ගැන වැරදි කියන්න තරම් නපුරු වෙන්නේ කොහොමද...? එයා වැරදි නම් නැති වෙන ආදරේ දැනගෙන ආදරේ කරන්න පටන් ගන්න විදිහකුත් නෑනේ...

    "පියඹා යමු ආදරේ සොයාන නිදහසේ......
    හමුවෙනතුරු දිනක සැබෑ ආදරේ...."

    ReplyDelete
    Replies
    1. කියපු දේ හොදට තේරුන නිසා වෙන කිසිත් නොකියමි...ස්තූතියි මල්ලියෝ

      Delete
  2. //කවියක් ලියන්න දෙන්න ඒක විරහව ගැනද ආදරේ ගැනද නෙමෙයි වැදගත් එයා ඒ දේ වෙනුවෙන් ලබන තෘප්තියයි වැදගත්.ලබන සතුටයි වැදගත්.එයාගෙ සතුට වෙනුවෙන් නිහඬවෙන්න.කාගෙවත් ජීවිත වලට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ//

    හ්ම්ම් තවත් ආදරේ ගැන ගොඩාක් දේවල් ඉගන ගත්තා ටීචර්. තැන්කු තැන්කු :))

    ReplyDelete
    Replies
    1. ළමයා ඔයාට ආදරේ ගැනනෙ කියල දුන්නෙ ජීවිතේ ගැනත් ඉදිරියට කියල දෙන්නම් දැනට කියල දීපුව මතකයේ තියා ගන්නකෝ..

      Delete
  3. 'හරියට මේ වගේ කොච්චර ආදරේට එපා කිව්වත් ආදරේට වෛරකරනවා කිව්වත් ඒ අයගෙ ඇතුලාන්තය ඉරල බැලුවොත් පෙනේවි තියෙන්නෙ ආදරේම විතරයි කියල බලාපොරොත්තු වෙන්නෙ ආදරේ විතරමයි කියල....'

    මම හරිම කැමතියි මේ ටිකට යාළු...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට මමත් එකගයි යාළු.. ආදරේට පුළුවන් මනුස්සයෙක්ට පණ දීලා ජීවත් කරන්න....

      Delete
    2. ඔයත් ඒ වගේ නිසා හිරු කෙල්ලේ...ආදරේ එපා කිව්වත් ආදරේ ඕනි...හැමෝටම ඕනි

      Delete
  4. මම ආස කරන්නෙම නැති වචනයක් තමා ආදරය කියලා කියන්නේ. ඒකෙන් අන්තිමේදි ඉතුරු උනේ දුක විතරමයි. ඒ නිසා මම් ඔය වචනයටවත් ආස නෑ... අර කතාවටත් කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා. අන්න ඒ වගේ දෙයක්. මම් කලිනුත් කියලා තියෙන්නේ අයි හේට් ලවු ස්ටෝරිස් කියලා !!!

    සිත්තමි කියලා තියෙන කතාව හරි. ආදරය කරලා තියෙන කෙනෙක්ට මඩ ගහන්න, ඒ කෙනාව කට්ටිය ඉස්සරහා පාච්චල් කරන්න, එයාගේ ෆොටෝස් වීඩියෝස් නෙට් එකට දාන්න වගේ අහත් වැඩ කරන්න බෑ.. එහෙම කරන්න පුලුවන් නම් ඒ කෙනා ඇත්තටම ආදරේ කරලා නෑ.

    කොටින්ම මම් පණ වගේ ආදරේ කරපු කෙනාගේ වැරද්දක් අඩුපාඩුවක් මම් කාටවත් කියන්නේ නෑ. කියන්න කැමතිත් නෑ. එහෙම කියලා ඒ කෙනාගේ චරිතයට හානියක් කරන්ඩ බෑ. කරන්ඩ හිතකුත් නෑ.

    කොටින්ම මම් ආදරේ කරන්න පටන් ගත්ත දවස්වල එයාට කියලම පටන් ගත්තේ "කවදාහරි මට ඔයාව කසාද බඳින්න ලැබුනේ නැත්තන් ඔයා වෙන කෙනෙක්ව හරි කසාද බැඳලා සතුටින් ඉන්ඩ" කියලා. ඒ වෙලාවේ නම් එයා කිව්වේ පිස්සු කතා කියන්ඩ එපා ය කියලා. (දැන් නම් ඒ පිස්සු කතාව ඇත්තක් වෙලා.)

    අර කිව්වත් වගේ මම් කරපු ආදරේ අඩුපාඩුවක් තියෙන්ඩ ඇති. මොනා කරන්ඩ ද අපි ඉතින් පෘතග්ජන මිනිස්සු නේ. අඩු පාඩු වැරදි තියෙනවා නෙව !!!


    හරිම අමාරුවෙන් මේ පෝස්ට් එක කියෙව්වේ. ටිකක් කියවලා යනකොට ටැබ් එක ක්ලෝස් කරලා දෙතුන් වතාවක් හිතුනා. ඒත් ඉතින් පොඩ්ඩක් හරි කියවලා වචන දහයක් හරි කමෙන්ට් කරන්ඩ ඕන නිසයි කියෙව්වේ.

    දැන් නම් මට ඕන ආදරේ කරන්ඩ නෙමෙයි ජීවිතේ දිනන්න !!! කවදා හරි හොද තැනකට යන්න ! හොද තත්වයක් ගොඩ නගා ගන්න ! දැන් ඒකට මහන්සි වෙනවා මිසක්කා ආදරේ පස්සේ දුවන්ඩ කාලේ කනවා අඩුයි මම් !!


    මම් තාමත් කියන්නේ අයි හේට් ලවු ස්ටෝරිස් කියලා !!!! :)
    අම්බෝ කමෙන්ට් එක පෝස්ට් එකක් වෙලා !!:)

    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. කතාවනම් ඇත්ත මචෝ...

      Delete
    2. කමෙන්ට් එක දැක්කම ඇත්තටම සතුටුයි...

      කොහොමත් මධූ අයිය ආදරේ කරන විදිය අපි හැමෝම මේ ලගදි දැක්කා...උපන්දිනේට දීපු තෑග්ගෙන්...

      මනුෂ්‍ය ආත්ම වල ජීවත් වන දෙවිවරු ඉන්නවා...ඒ අයට මනුෂ්‍යයන් එක්ක ජීවත් වෙන්න බෑ.ඒ නිසා ඒ ආදරේ ඔයාට අයිත් නැතුව ඇති...

      Delete
  5. ආදරේ සුන්දර වරදකි කියලත් කවුද කියල තියනවලුනේ..හැබැයි නාඩියා නම් ඔය සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නේ නෑ!හැබැයි උඩ කොටලා තියෙන ඔක්කොම ඇත්ත කියල නම් හිතෙනවා... ;)

    ReplyDelete
    Replies
    1. සබ්ජෙට් එක ගැන දැන නොගත්තට කියපු දේ තේරුණානම් මට ඒ ඇති නාඩි...

      Delete
  6. අපි නම් ඕව ගැන දන්නේ නැහැ අෆ්ෆා
    මම කොච්චර ආදරේට ආස වුනත් ආදරේ මට කැමතිම නැහැ.

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ ඒකනේ නිශාන් සැබෑ ආදරේ ළගට එන්න ටිකක් කල් යනවා..දුක් දීල අපිව අඩවල ජීවිතේ එපා කරවල මැරෙන්න කලින් ආදරේ එනවා අපිට සතුට දෙන්න...ඉවසන්න තවත් ආදරේ ඔයාට කැමති නෑ කියන්නෙ විටෙක ඔයා වෙනුවෙන් මවපු ආදරේ නොවෙන නිසා වෙන්න ඇති...

      Delete
  7. niyamai. mama meka kiyewwe mage girl mawa dala giya welawe karaganna deyak nathuwa asarana wela inna welawaka. thanks

    ReplyDelete
    Replies
    1. දෙයක් තේරුම් ගත්තනම් මට සතුටක් ඇනෝ....

      Deyak therum gaththanam mata sathutak ano....

      Delete
  8. මගේ අදහසත් මේකට ටිකක් සමානයි...

    එත් මම හිතන විදිහට ආදරයේදී දැඩිවම නොව්නත් පුංචි පුංචි නීති ඕනේ කියලා
    උදාහරණක් කිව්වොත් අපි දෙමව්පියෝ යටතේ ඉන්නකොට ඔවුන් අපට නීති දැම්මා.

    ඒ නීති ගැන එදා හිතපු විදිහයි අද හිතන විදිහයි අරන් බලන්න
    ඒ හැම නීතියක්ම ඔවූන්ගේ කෝණයෙන් බැලුවොත් කිසිම වැරද්දක් පෙන්නේ නෑ

    පොස්ට් එක නම් ලස්සනයි,වටිනවා....!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් විශ්ව....

      Delete
  9. ඇත්තටම මම හොදයි ,.,., නීති රහිතයි ,., නිදහස ඕනි නේද අක්කේ,.,., අපිට ඕනිනන් අනික් කෙනාටත් ඒක ඕනි කියලා තේරෙන්නෙ නැත්තේ ඇයිද ම්න්දන්නෙ නෑ ,., ගොඩක් වටිනවා ,., ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට සාදරෙන් ඔබව

      මම කියපු දේ තේරුම් ගත්ත කියන්නේ මගේ පෝස්ට් එක සාර්ථකයි....

      Delete
  10. ආදරේ කියන්නේ ජීවිතේට එක්කාසු වෙච්චි දෙයක්.. ඒක මෙහෙමයි.. මෙන්න මෙහෙම තියෙන්න ඕනි කියල කොහේවත් ලියැවිච්ච නැති දෙයක්.. ඒක අදාල පාර්ශව විසින්ම තමන්ට අවශ්‍ය +කිරීම් කරල, -කිරීම් කරල, /කරල, x කිරීම් කරල හදාගන්න ඕනි දෙයක්..

    මේක තනියෙම ක‍රන්න බෑ.. එහෙම උත්සාහ කිරීම බොරු වැඩක්..


    අපි ආදාරේදි වේවා, සම්බන්ධතාවයකදි වේවා මොකකින් හරි ‍මිදෙන්න උත්සාහ කරනවා කියන්නේ අපි අපිට ඒ සම්බන්ධෙ‍ ගැලපෙන්නේ නෑ කියන එක..

    අනිත් එක ආ‍දරේ මත පදනම් වෙලා ඇතිවෙච්ච සම්බන්ධතාවයක්/ බැදීමක් ශක්තිමත් වෙන්න ආදරේම විතරක් තිබිල මදි.. ඒකට තව ‍‍ගොඩාරියක් දේවල් තියෙන් ඕනි... නිදහස, අන්යෝන්‍ය අවබෝධය, විශ්වාසය, මානසික මට්ටම, අධ්‍යාපනය, දැන් නං ප්‍රායෝගිකව ගත්තොත් මුදලුත් මේකට අයිති වෙනවා වගේ දේවලුත් තියෙන්න ඕනි..

    ඉස්සර කාලේ බොලද ආදර කථාවල් තිබ්බ වගේ ලුණුයි බතුයි කන්න කවුරුත් අද සූදානම් නෑ.. ඒවායින් ඔබ්බට ගිය යථාර්තවාදී අව‍‍බෝධාත්මක (මං ඉස්සෙල්ලා කිව්ව කරුණු ඇතුලත් වෙච්චි) බැදීමක් ආදරය විදිහට මං නං දැං දකින්නේ..

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකෙන් මමත් ඉගන ගත්තා...ස්තූතියි ඔබටත්

      Delete
  11. //කාගෙවත් ජීවිත වලට බලපෑම් කරන්න අපිට අයිතියක් නෑ.//
    ඇත්ත එත් සමහරවෙලාවට....ඕනවෙනවද මන්දා....!

    ReplyDelete
    Replies
    1. නෑ කිසිම වෙලාවක ඕනි නෑ...ඔයා කැමතිද ඔයාගෙ ජීවිතේට බලපෑමක් කරනවට නෑ නේද ඒ වගේම තමා අනිත් අයත්....

      Delete
  12. හදිස්සියේ ආවේ මේ පැත්තට..හරියට කියවන්න උනේ නෑ..ආයි එන්නම් හවස් වෙලා..

    ReplyDelete
    Replies
    1. හරි තරුවා ඒකට කමක් නෑ

      Delete
  13. ආදරය ගැන ලියලා තියෙන සටහනට සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ ගැන කිසිඳු විචාරයක් නැහැ.

    ආදරය ගැන වෙනස්ම මානයක ඉඳල වෙනස් ඇසකින් දකින්න කෙනෙකුට හිතෙන්නෙ කලාතුරකින්. ඒනිසා කෙනෙක් ආදරය ලබන්නෙත් ආදරය කරන්නෙත් හිතක ඉපදෙන ආදරය නිසා ආදරය කරන්නා මෙන්න ලබන්නාටද වැටහීමක් තිබිය යුතුයි.

    ReplyDelete
  14. ඇත්තටම නම් ආදරයක් ඇතිවුනේ ඒක කවදාවත් හිතින් මරලා දාන්න බෑ..ඒ වගේම අපි ආදරේ තේරුම් ගත්ත නම් කවදාවත් ඒ ආදරේ අපිට නැති වෙන්නෙත් නැහැ..හැබැයි මොනම හේතුවකටවුනත් ආදරේ නැතිවුනා කියලා ජිවිතේ එතනින්ම නවත්ත ගන්න එකත් මහ මෝඩකමක්..මොකද අපි ආදරේ නිසා ජීවිතේ ලස්සන කර ගන්න ඕනා මිසක් ජිවිතේ අවලස්සන කර ගන්න ඕනී නෑ කියලා මට හිතෙනවා..කොහොම වුනත් පෝස්ට් එක නම් සුපර් අක්කියෝ..ඔයා ජිවිතේට ලොකු පණිවිඩයක් දුන්නේ....

    //..පියඹා යමු ආදරේ සොයාන නිදහසේ
    හමුවෙනතුරු දිනක සැබෑ ආදරේ..//

    ReplyDelete
    Replies
    1. කියපු දේවල් හොදින් මතක තියන් ඔන්න හරියට ආදරේ කරන්න පැට්ටෝ...

      Delete
  15. මඩයගේ හිතේ ආදරේ ගැන ආදරේ කරන එවුන් ජීවත් වෙන්න කොහොමද කියලා තියෙන දේවල් ටික සිත්තමි ලස්සනට අකුරු කරලා තියෙනවා.

    දාල යන කෙනාට යන්න දෙන්න ඕනේ මොකද එයා යන්න යන්නේ අපිව එපා නිසා නේ බලෙන් තියාගත යුතු නෑ,මොකද කවද හරි දවසක එයාට හීනෙන් වගේ මතක් වෙලා ආයේ යන්න ගියොත් ඒ කාලෙට අපිට හිත හදාගන්න අමාරු ඒ කියන්නේ අපි කසාද බැදලා ළමයිත් ඉන්න කාලයක් උනොත් හිත හදාගන්න අමාරුවෙයි.ජීවිත කාලෙම දුක් විද විද ඉදිවී.එතකොට දුක් විදින්නේ අපි විතරක් නෙමේ ඒ ළමයි,අපේ දෙමවුපියෝ ඔක්කොම.

    ReplyDelete
  16. ඔය තේරිලා තියෙන්නේ මඩයටත් ලස්සනට ඒ කියන්නෙ මම සාර්ථකයි...

    ReplyDelete
  17. මගේ ළග දුක කියපු...නැති වුන ආදර කතන්දර ගැන ආසාවෙන් කථා කර කර ඇස් වල කදුළු පුරෝ ගත්තු මගේ යාළුවන්ට මමත් හැමදාම කියපු දෙයක් වෙනස් විදියට ඔයාත් ලියලා
    // මේ ජීවිතේ ඔයාගේ මේ හදවත ඔයාගේ ජී‍විතේ වැරදුනා නම් හදාගනිමු......//

    මම කියන්නේ රිදුනු හිත ඔයාගේ ඒ හිත හදාගන්න දන්නෙත් ඔයා අපි මොන දේ කිව්වත් දුක දන්නේ ඔයාගේ හදවත ඉතින් දුක නැති කර ගන්න වෙන්නෙත් ඔයාටමයි

    ඒත් ඒ දුක මට දැනුන දවසේ.............හ්ම්ම්ම්ම්........

    ලස්සන හිතට දැනෙන පොස්ටුවක්......

    ReplyDelete
  18. පිළිගන්නවා සිත්තමට බිනර මලීව ආදරෙන්...හි හි හී මලී කෑල්ල මගෙන්....

    ඇත්ත මමත් යාළුවන්ට හැම තිස්සෙම කියපු දෙයක් තමා පෝස්ට් එකේ පලකලේ..ඔයා කියන්න වගේ හැමෝටම උපදෙස් දුන්න මමත් දවසක කඩාගෙන වැටුණා.නමුත් යන කෙනා කවදම හරි යනව කියන තියරි එක හිතේ තිබුණ නිසා විදගත්තා තනියම...

    මගේ ඊලග තියරිය මේ ජීවිතේ අපිටම ලියවුන කෙනෙක් ඉන්නවා ඒක තමයි ඇත්ත.ඒ තමයි සැබෑ ආදරේ ඒ ආදරේ ලැබෙනකම් මමත් දුක් වින්දා...දැන් ඒ ආදරේ මගේ මුළු ජීවිතේම මගේ පණ මගේ හුස්ම...මම එයාට ගොඩක් ආදරෙයි බිනරි...

    ස්තූතියි ආවට මේ පැත්තේ ආයෙමත් එන්නකෝ....

    ReplyDelete
  19. ජීවිතය සෙල්ලමක් නෙමෙයි කියලා දැක්කම මාව ගැස්සුනා සිත්තමී.

    සිරා හිතන විදියට පාසල් යන කාලෙ තමයි ආදරේ ඉතාමත්ම සුන්දරව දැනෙන කාලය... ජීවිතය පිළිබද විශාල වගකීම් නැති වීම තමයි ඒකට හේතුව... ගුරැවරැ/වැඩිහිටියො මේ වගේ ලව් වලට උපරිම බාල්දි දැම්මට ඒ අයගෙනුත් බහුතරය ඒ කාලෙ ඒ විදියටම ආදරය කරපු අය බව ඒගොල්ලන්ට අමතක වෙලා...

    සිරාට ඉතිං කවදාවත් දිර්ඝ කාලින ආදර සම්බන්ධයක් තිබිලම නෑ... පාසල් කාලෙ ට්‍ර‍යි කරපු එකක්වත් වැඩ කලේ නෑ... රැකියාවට යන එන කාලෙ සැට් වුන ඒවා උපරිම මාස 3න් ඉවරයි...නොගැලපීම් දැනෙනකොට සුහදව කථා බහ කරලා වෙන් වෙන එක තමා සිරාගෙ ක්‍ර‍මය.. නොගැලපීම් එක්ක ආදරයක් බොරැවට දුරට ගෙනිහින් වැඩක් නෑ... ඒක දෙන්නටම වේදනාවක්.. ඒ නිසා අදටත් කවුරැවත් මා එක්ක තරහා නෑ.. යාලුවො වගේ ආශ්‍ර‍ය කරනවා... අපි කෙනෙක්ට සැබෑවටම ආදරය කලා නම්... පස්සෙ කාලෙක හරි එයාට වෛර කරන්න අපිට බෑ... එහෙම තමයි සිරා ට හිතෙන්නෙ...

    ReplyDelete
  20. මම සිරාගෙ ආසම සිරා කථාවට...ඇත්තටම හරිම විවෘත බවක් තියෙනවා...ගොඩක් අයට ඒක නැහැ...

    නොගැලපීම් එක්ක ආදරයක් ඇත්තටම බොරුවට දුර ගිහින් වැඩක් නෑ...ඒක දෙදෙනාම තේරුම් අරන් ඉවත් වෙන එක තමයි කරන්න පුළුවන් හොදම දේ...

    හද පතුලෙන්ම කල ඔබේ කමෙන්ටුවට බොහොම ස්තූතියි...

    ReplyDelete