Thursday, July 19, 2012

ඔබ නැති පාළුව මකන්න බෑ......

මල්වල සුවඳ කොතරම් තිබුණත්
එක හිතක ඒ සුවඳ නෑ......

අහස් ගැබේ තරු කොතරම් තිබුණත්
එක අඳුරු රැයක් දුරු කරන්න බෑ......

ජීවිතේ මට කවුරු හිටියත්
ඔබ නැති පාළුව මකන්න බෑ......

කොතරම් අය ආදරේ කලත් මට
ඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......

38 comments:

  1. Replies
    1. දවසක ඔයාටත් මේ වගේ කවි ලියවේවි නිශාන් (මම කිව්වෙ ඔයාගෙ නමට කාගෙ හරි අතින් කියලා)ඔන්න එදාට හාකෝ කියල බැරිවෙයි

      Delete
  2. ඔහොම හිතපු කාලයක් තිබ්බා. එත් බ්ලොග් ලියලා බ්ලොග් කියවලා ඒ පාලුව නැති කර ගත්තා. :)

    ReplyDelete
    Replies
    1. සැබැවින්නම් ගොඩාක් දුර වුණත් හිත ලගින්නම් ආදරේ ළගමයි...නමුත් වෙලාවකට ආදරේ කලත් මට පාළුයි...මමත් ඒ හැම පාළුවම මකා ගන්නෙ බ්ලොග් ලියල කියවල...

      Delete
  3. හිත ගත්ත කෙනා තරම් වෙන කව්රුත් වටින්නෙ නැහැනෙ නෙ නේද!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව් ගිමන් ඒ මගේ ජීවිතේ මගෙ පණ....

      Delete
  4. ඇත්ත අනු..එයාට තරම් වෙන කාටත් ආදරෙ කරන්නත් බෑ..එයාගෙන් ලැබුන ආදරෙ වෙන කාගෙන්වත් විදින්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ මහමෙරක් වගේ...නිෂ්...

      Delete
  5. හිතට දැනුන කවියක්. ලස්සනයි නංගි :))

    යන එන මගතොට
    මල් තිබුනත් කොතරම්
    ඒ මල් කිසිවක
    නුඹේ සුවද නෑ...
    කොතරම් පිරිසක් වටේම හිටියත්
    ඔබ නැති පාළුව මකා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. රෙපාටත් මොනව හරි වෙලා වගේ නේ?‍....හා හාකෝ ඔහොම යන්

      Delete
  6. හරි ලස්සන කවියක් අක්කියෝ... ඔයා හරිම අපුරුවට කවිය ලියලා තියෙනවා...


    ""පාටින් හැඩවුණු මල් කුමටද සුවදක් නැති නම් පිපිලා...
    එළියක්‌ නොමැති තරු දහසක් කුමටද තිබුනත් අහසේ පිරිලා...
    වෙන කවුරුවත් මොකටද ඔය හිත ඇත මගේ හද දිනලා...
    ඔබගෙන් ලැබෙන සෙනෙහේ පමණයි ඇත්තේ හොදටම දැනිලා...""

    ReplyDelete
    Replies
    1. ඔය බලන්නකෝ ලස්සන පද තියෙනවනේ ඔයාලටත්...

      Delete
    2. ඔයාගේ පද තරම් ලස්සන නෑ, අක්කියෝ..මමත් ඔයාගෙන් තමයි පුරුදු වෙන්නේ...

      Delete
  7. හිත ගිය තැන මාලිගවලු නේ ;)
    අපි වැඩිපුරම ආදරේ කරන මිනිස්සු නැති නොකරගන්න අපි වැඩ කලොත් අවුලක් වෙන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මඩයා...කථාවනම් සම්පූර්ණ ඇත්ත...

      Delete
  8. ඔබ නැති මේ රැයට
    පුර සඳ එළිය කුමටද
    එබ නැති මේ බිමට
    නලමුදු සුවඳ කුමටද

    - නන්දා මාලිනී-

    ReplyDelete
    Replies
    1. ලියවෙන්නෙම සින්දු වලට ලගින් යන පදද මන්දා? ස්තූතියි ඔබට

      Delete
  9. //කොතරම් අය ආදරේ කලත් මට
    ඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......// අවශ්‍ය දේ නොලබෙද්දී මෙහෙම හා,ඔටම හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අසරණයා....‍ආදරේ කොච්චර ලැබුණත් හිතට දැනෙන්නෙම මදි කියලා...

      Delete
  10. නවාතැන් පොල ඔබයි ඔබගේ සිනාවයි....
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...

    ඔයාගෙ කවි පෙළ කියවපුවහම නන්දා මාලිනියගේ මා ඉතා ප්‍රිය කරන ඒ පදවැල මට මතක් වුනේ...ජීවිතය නම් තාවකාලික නවැතැනේ අපි හැමෝම සදාකාලික ආදරයක් සොයන්නෝ නොවෙද ?

    ReplyDelete
  11. ලස්සන අර්ථකතනයක් ඇත්තමට හිතට හරියට වැදුණා...

    ජීවිතය නම් තාවකාලික නවැතැනේ අපි හැමෝම
    සදාකාලික ආදරයක් සොයන්නෝ නොවෙද ?

    ReplyDelete
  12. නුඹ සුවඳ මන බඳින
    සුපුෂ්පිත මලක් සඳ
    ඉපල් වී ගඳ ගසන
    කසල බිම නොවෙද මම??
    මුදු මලක් හිමි වේද
    මට එසඳ,
    මා වැනිම දුබල වූ
    ලපටි බිම් මලක් මිස....???

    ලස්සන කවියක් සිත්තමි.අදමයි මේ පැත්තේ ආවේ.දිගටම එනවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා සිත්තමට ආදරෙන් ඔයාව...ස්තූතියි ප්‍රමුදි...මම ආසයි ඔයා ලියපු ටිකටත් ඒ පද ටික හරිම වෙනස් හිතන්න දෙයක් තියෙනවා.ඔයාමනම් ලිව්වේ ඇත්තටම සුපිරි....

      Delete
  13. හ්ම්ම් ලස්සනයි මමත් ඉස්සර කවි පොතක්ම ලිව්වා.. පස්සේ අම්මා ඒක පුච්චලා වැරදීමකින්..

    ReplyDelete
    Replies
    1. අපරාදෙ...කවියෙ උපත මටත් මගෙ අම්මා...එයාට ලස්සනට කවි ලියන්න පුළුවන් පුංචි කාලෙ අම්මගෙ කවි මම හරියට කියවනවා..

      පද බදින්න ඉගන ගත්තනම් ඒ අම්මගෙන්...තැන තැන කොල කෑලිවල මමත් කවි ලියනවා.ලියන මේසෙ මේස රෙද්දෙ බිත්තිය මගේ කැටපත් පවුරු තමයි..

      වෙලාවකට මගේ කවි අම්මට හරි කරදරයක්...

      Delete
  14. //.. කොතරම් අය ආදරේ කලත් මට
    ඔබමෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ......//

    අද නම් මට එක වෙන්න බැරිවුනා..මම අන්තිමයා වෙලානේ...

    හැමදාම වගේ ඉතින් අක්කිගේ කවිය නම් මට සුපර්..ලස්සනයි ගොඩක්....

    ReplyDelete
  15. හැමදාම එකවෙන්නත් බෑනෙ නංගෝ...මම හිතන්නෙ නෑ ඔයා අන්තිමය වෙයි කියලත්...

    බ්ලොග් එකේ අන්තිමය වුනත් මගේ හදවතේ ඔයා ඉන්න තැන ඔයා දන්නවනේ නංගි පැට්ටෝ

    ReplyDelete
  16. හිතෙනවා...දැනෙනවා...ඒත් ලියාගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. දැනෙන හිතෙන දේ කොහොම හරි වචන වලට පෙරළුවනම් හරිනෙ තරුවා...

      Delete
  17. ආදර සයුරේ ගිලිලා.......වගේ..!

    ReplyDelete
    Replies
    1. ගිලිලදත් අහනවා....කොච්චර ගිලිලද කියනවනම් ගිලිල මැරෙන්න හදන්නේ.... හි හි හී

      Delete
  18. චචනයක් කිව්වනම් මොකද ආ.....

    ReplyDelete
  19. හරිම ලස්සනයි යාලු..ඔයාගේ බ්ලොග් එකත් ලස්සනයි! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු කෙල්ලේ...

      Delete
  20. මම මේ කල්පනා කරන්නේ කොහොමද මට ඔයාගේ බ්ලොග් ඒක මිස් උනේ කියල..කමක් නැහැ..අද හරි හම්බුනානේ..බලල එන්නම්කෝ ඔයාගේ අනිත් පෝස්ට් එහෙමත් ..ජය! :)

    ReplyDelete
    Replies
    1. ඕහ්...අනිවා අනිවා...දිගටම එන්නකෝ...

      Delete