Wednesday, July 11, 2012

නුඹටම ලියමි තව තවත් කවිපද.....

කාලෙකින් ලිව්වෙ නැහැ කවියක්
නුඹ ගැන මතකය උහුලන්නම බැරි තැන
අහන් ඉන්නවනම් ලඟ පාතක
හුඟක් කවි ගොඩගැහිල හිතවට
කෑගහල වුණත් කියන්නම
වටින තරම් නුඹව මට

ආදර කවියේ පද පෙලක රස
දැනේද කිසිදා ආදරේ නොකල අයහට
අපි ලියූ ආදර කවියේ පද පෙල
විසිරුණා සීසීකඩ බලන්නට පෙර එහි අපූරුව
මටම නොහැගෙයි මගේ ජීවිතය ගැන
හෙටක් නොපෙනෙනා ඉසව්වක තනිව

විඩාබරයි නුඹ නොමැති ලොවම මට
නොදුටු හෙට දිනත් නුඹ වෙනුවෙන්ම හිඳ
නුඹටම ලියමි තව තවත් කවිපද
මත‍කයෙන්වත් යන්නට නොදී නුඹ හට

ජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි...

38 comments:

  1. කවියට බොහෝ සුන්දර මෙන්ම අසුන්දර තැන්ද විවරකර දිය හැක ඇත්ත ජිවිතයම කවියකි.........

    පොඩි දෙයක් කරන්න ඔය රතුපාටින් ලියල තියෙන අකුරුවල වර්ණය වෙනස් කරන්න පුලුවන්නම් කියවන්නාට එය මහත් පහසුවකි ස්තුතී

    ReplyDelete
  2. ඔබ කියන්නා සේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර තැන්ද ස්පර්ශ කල හැකි එකම දේ කවියයි....

    ස්තූතියි අයියෙ වැරැද්ද පෙන්නුවාට...මම වර්ණය වෙනස් කලා...

    ReplyDelete
  3. //..නුඹටම ලියමි තව තවත් කවිපද
    මත‍කයෙන්වත් යන්නට නොදී නුඹ හට..//

    ඔයාගේ කතාව නම් ඇත්තම ඇත්ත අක්කි..කවියත් දැන් හරියට කදුළු වගේ..දුකට සැපට හැමදේටම කවිය අපි ලගින්ම ඉන්නවා....

    ReplyDelete
  4. ජීවිතේම කවිය වෙලා....
    සතුටටත් කවියක් /වේදනාවටත් කවියත් /තනිකමටත් කවියක් හැමදේටම වඩා සගවන්න බෑනෙ කවි සිත....දිය යට සගවන රබර් බෝලය වගේ...

    ReplyDelete
  5. ආදරය කවි පද බන්ඳනවා තමයි.. ඇත්තටම විරහවේ කවියක් වෙලා නම් ජීවි‍තේ අළුත් ආදර කවියක් ගොතන්න ලැබෙන්න කියල මම ප්රා ර්ථනා කරනවා...

    ReplyDelete
  6. පිළිගන්නවා ආදරෙන් මගේ සිත්තමට ඔබව...

    වෙලාවකට ලියන කවි නිසා ගොඩක් අය අතරමන් වෙනවා...කවිය ජීවිතයට ළගයි නමුත් කවිය තුල සැබෑ ජීවිතයම විටෙක නැහැ..ඒක මට වඩා තරූ දන්නවා...මෙ කවිය මම ලිව්වෙ විරහව විදින කෙනෙක්ගේ ජීවිතයේ සිතුම් පැතුම් වලට එබිකම් කරලා..
    කවි ලියන්න මම ආස නිසා..කවියේ සාර්ථකත්ව ගැන නම් දන්නෙ නෑ නමුත් ලියනවා..

    ඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි...මම ආදරේ මිහිරියාව විදින කෙනෙක්...ජීවිතේම ඔහු නමට පුදල ඔහුගෙන් ආදරේ ලබන කෙනෙක්‍.....

    ස්තූතියි ආවට මේ පැත්තට ආයෙමත් එන්නකෝ...

    ReplyDelete
  7. //ජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි...//

    ඇත්ත ඇත්ත....

    නියමයි...කවි ටිකත් :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඩවි රජ...

      ඔබටත් තව තවත් රාජ සම්පත් භුක්ති විදින්න ලැබේවා‍‍‍.....

      Delete
  8. මම හිතුවෙ සිත්තමීට ඇත්තටම දුක හිතිල කියල! බලනකොට හොඳ වෙලාවට මේ සංකල්පනාවක් විතරයිනෙ. :)
    කොහොම වුනත් විරහවේ දුක් රසය හැබෑවටම වගේ සිත්තම් කරල තියෙන හැටි නම් අගෙයි!

    ReplyDelete
    Replies
    1. විරහවේ දුක හැබෑවටම සිත්තම් කරන්න සිත්තමීට පුළුවන් වුනේ සිත්තමීත් මේ ආදරේ ලබන්න කලින් විරහවේ දුක වේදනාව තනිකම හොදින් විදපු නිසා වෙන්න ඇති ඒ දුක් වින්දටත් වැඩිය දැන් සතුටින් ආදරේ මහමෙරක් තරම් විදිනවා...

      නමුත් කවි ලියන්නනෙ අතීතය ගැන හිතල නම් නෙමෙයි...විරහව දැනුනම හිතට නැගෙන සිතුවිලි මොනවගේද කියල හිතල ඒක කවියකට ගන්නවා..

      Delete
  9. ඒකනේ... ආදරේ කරපු නැති ඈයෝ දන්නේ නෑ ආදර කවියක රස !!!
    ගොඩක් අයට ආදරේ සුන්දර අත්දැකීමක් උනාට දැන් නම් මම ඔය වචනයටවත් ආස නෑ !!!
    ඔබතුමියගේ කවි පෙල ලස්සනයි !!
    කෑගහලා කියන්න තරම් ආස හිතෙන ආදරයක් ලබන්න සිත්තමි පින් කරලා තියෙනවා ! අපි ඒ ආදරේට සුබ පතනවා !

    ජය වේ !

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ආදරේ සුන්දර අත්දැකීමක් උනාට දැන් නම් මම ඔය වචනයටවත් ආස නෑ !!!

      මටත් මේ වගේ කාලයක් තිබුණා මධූ අයියේ...නමුත් සැබෑ ආදරේ කවදම හරි හොයන් එනවා..දුකක් නොදී ජීවිතයට සතුට විතරක් දෙන්න..ඒ දවස වෙනකම් ඉන්න..

      මටත් ආදරේ ලැබුනෙ හරි අමාරුවෙන්...ලැබුන ආදරේ වෙනුවෙන් මැරෙන්න වුනත් පුළුවන් දැන්.මැරෙනකම් කෑගහල කියන්න පුළුවන් මම එයාට ගොඩක් ආදරේ කියල...

      Delete
  10. අනේ මන්දා අනූ :)

    ReplyDelete
    Replies
    1. ඇයි නිශාන් ඔයා කියන්න වගේ මේක සිතුවිල්ලක් විතරයි....

      Delete
  11. Replies
    1. වී පොකුර මොකද මේ කවදාවත් නැතුව හ්ම් හ්ම්...වචනයක් කිව්වනම් නරකද?..
      මම ආසයි කවිය ගැන කියනවනම්...

      Delete
  12. සෑහෙන්න ලස්සන කවි ටිකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුවා...ඔයාගෙ වචනෙන් තවත් කවියක් ලියන්න පණ ආවා...

      Delete
  13. කවියට ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.. මේ මට වගේ..

    අපූරු සිතුවිල්ලක් අනූ.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔයා තරම් කවිය ගැන දන්න කෙනෙක් නෑ දිනේෂ්...

      Delete
  14. අංකුර කිවිඳියකගේ හැබෑම දක්ෂතායන් එළිදැක්වූ මොහොතක්. මේ කවිය ඊට හොඳම නිදසුනක්. පද ගැලපීම වගේම කවිය පිළිබඳව කියෙන් කියන අදහස දෙකම මනාව ගැලපෙනවා. කිවිය කියන්නේ වචන කීපයක් එක්ක කරන හරඹයක් ඒක ඔබේ අතින් ගොනු කළ සිතුවිලි පද වලට පෙරළි ඇත්තේ දක්ෂ කිවිඳියකගේ ඇසින්.

    කවිය පිළිබඳව නිරන්තර අභ්‍යාස කරන්න එතකොට අලුත් අදහස් අලුත් විදියට ලියන්න හැකිවේවි.

    ReplyDelete
  15. බොහොම ස්තූතියි ඔබේ අදහසට...මට වටිනව ඔබේ අදහස්...

    ReplyDelete
  16. ලස්සනයි සිතූ...ඇත්තමයි හිතට හුගාක් දැනුනා...

    ReplyDelete
  17. ජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි" ඇත්තම ඇත්ත...

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට ඔබව ආද‍රයෙන් රෙහානි...

      ඔයාටත් කවිය ජීවිතයට ගොඩක් ලගයි වගේ....

      Delete
  18. ඔන්න අපිත් කියව්වුවා කවි..සුබ පැතුම්

    ReplyDelete
  19. ආදරෙන් පිළිගන්නවා සිත්තමට හිතුවක්කාර පන්හිද ඔබව ...ස්තූතියි පැමිණියාට ආයෙමත් එන්නකෝ....

    ReplyDelete
  20. සිතුවිල්ල ලස්සනයි අනු..මන් ගොඩක්ම ආස අවසානයෙ ලියලා තියෙන වාක්‍යයට....

    ReplyDelete
  21. ස්තූතියි නිෂ් කෙල්ලේ...

    නුඹටම ලියමි තව තවත් කවිපද
    මත‍කයෙන්වත් යන්නට නොදී නුඹ හට

    මේ ටික වෙන්න ඕනි නිෂ් කෙල්ලගෙ පපුවටම වැදෙන්න අනූ ලියපු පද පේලිය...

    ReplyDelete
  22. මගේ බ්ලොග් එකේ මම දැනට කවි ලියල තියෙන්නේ තුනයි.ඒ කවිලියවුන අවස්ථා තුනේදීම මට දැනුනු ඒ හැඟීම. ඒ සිද්දීන් කවියෙන් ලස්සනට මතුකරගන්න පුළුවන්.

    ReplyDelete
  23. මම ඔබ අතින් ලියවුන කවි දැකල නෑ...බලන්න ඕනි...

    ReplyDelete
  24. විරහවෙත් අමුතු ගතියක් තියෙනවා,එකනේ ගොඩක් නිර්මාණ විරහව මුල්කරගෙනම කරන්නේ;)
    වැඩිපුර ජනප්‍රිය වෙන්නෙත් විරහ ගීත නොවැ :)

    ReplyDelete
  25. ඒක මමති පිළිගන්න දෙයක් මඩයා...

    ReplyDelete
  26. ජීවිතේත් කවියක් වෑඅ වුණාම ඔහොම තමා :)

    ReplyDelete
  27. ඇත්ත සහෝ...මුළු ජීවිතේම කවියක්...

    ReplyDelete