Wednesday, July 4, 2012

ජීවිතේ දුකයි සසර දිගයි .......

ජීවිතේ දුකයි සැපයි ඇතත්
ඒ බවක් නොදන්නා
මිනිස් සිතේ අරුමය මා 
තේරුම් ගත්තා
දෙපා වඳිමි මගේ ලොවේ 
දෙවිවරු දෙන්නා
පියාණනී ඔබේ දෝණී 
මෙහෙනක් වෙන්නා......

දුකයි නමුත් ඇසවෙත එන 
කඳුළු පිසින්නා
ලේ කිරිකර මට පෙවු මගෙ
ආදර අම්මා
දෙපා වඳිමි මගේ ලොවේ 
දෙවිවරු දෙන්නා
මවුනි ඔබේ දෝණී හෙට
මෙහෙනක් වෙන්නා......

ඉපදෙනව නමුත් යම් දිනකදි
පරලොව යන්නා
හැම දිනකම තරුණ බවක්
ගතෙහි නොවෙන්නා
සංසාරේ හැම මොහොතක
ඇල්මක් වෙන්නා
බුදු හිමියන් මේ හැම දේ
කියලා දුන්නා.....

ජීවිතේ දුකයි සසර දිගයි මා
හොඳින්ම දන්නා
මගේ ලොවේ දෙවිවරු මට
අවසර දුන්නා......


විශේෂයි.....
මේ කවියේ පදවල නොගැලපීම් ඇතොත් සමාව දේන සේක්වා...මම කවියට පද ගැලපුවා මිසක් සිංහල ව්‍යාකරණ නීතිරීත ගැන නොසිතුවෙමි.

33 comments:

  1. අනේ සාදු !! මොකද මේ සසර කලකිරිලද ඒ ගමන? උදේ පාන්දරම ඉන්නේ පොඩ්ඩක් වයර් මාරු වෙලා කියලා නම් තේරුනා. කමක් නෑ කමක් නෑ සසරින් එතෙර වෙන්න මිසක් ජීවිතෙන් පැනලා යන්න යන ගමනක් නෙවෙයි නේ. යන්න යන්න.... :P :P

    කවිය නම් ලස්සනයි. වෙනදා අත්දැකීමක් නෙවෙයි කිව්වට අද මේ ලියපු එක ගැන නම් පොඩි සැකයක් තියේ...

    ReplyDelete
    Replies
    1. අද ප්‍රශ්න වලට උත්තර නෑ..

      Delete
  2. //..ජීවිතේ දුකයි සසර දිගයි මා
    හොඳින්ම දන්නා..//

    හැමදාමත් වගේ අක්කිගේ කවිය අදත් ගොඩක් ලස්සනයි..ඒත් ගිහි ජීවිතේ ගැන කලකිරිමෙන් පැවදි වෙන එක හොද නෑ කියලා හිතෙනවා..ඊට වඩා හොදයි ගිහි ජීවිතේ ඉදන්ම ජිවිතේ සන්සුන් කර ගන්න එක..අනේ මන්දා මේ මට හිතිච්ච හැටි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියනව වගේ පුංචි කෙල්ල කමෙන්ට් එක දාල තියෙන්නෙ බුද්ධාගමේ කෙනෙක් වගේ..පැංචියේ ගිහි ජීවිතේ ගැන කලකිරීමක් නෑ

      ජීවිතේ දුකයි සසර දිගයි මා
      හොඳින්ම දන්නා

      මේ කියල තියෙන්නේ ජීවිතේ ගැන මම තේරුම් අරන් කියලා....

      Delete
  3. මොකෝ පෝය පහුඋන ගමන්ම මහන වෙන්න හිතුනද?
    ලස්සනයි නිසදැස වෙනදාටත් වඩා හිතට දැනෙනවා

    ReplyDelete
  4. හිතුනෙනම් ගොඩක් කල් ඉදන් කොහොමින් කොහොම හරි මග ඇරුණා..

    ReplyDelete
  5. ව්‍යාකරණ නීති රීති නම් මාත් ඒ හැටි දන්නෙ නෑ. ඒත් මේ පද ගොතල තියන විදිහත් ඒ වචන ශබ්ද ගන්වල තිබ්බ විදිහත් හිතට වැදුනා.
    හැබෑටම සිත්තමී මොකද මෙහෙම දෙයක් හදිසියේ හිතුනෙ, ඊයෙ පෝය හින්දද? කොහොම වුනත් අපූරුයි!

    ReplyDelete
    Replies
    1. ඊයෙ පෝය හින්දම නෙවෙයි යාළු...මේක මගේ අදහසක්..අනේ මන්ද?...තවත් හිතනවා..

      Delete
  6. හිතපතුලෙන්ම ලියලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. පතුලෙත් කිමිදිලා රොබින්....

      Delete
  7. හරිම අහින්සක පිරිසිදු අදහසක්..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්රූ...

      ඔයාට දෙයක් කියන්න ඕනි.මට බ්ලොග් එකක් කරන්න ආස හිතුනෙ ඔයාගෙ බ්ලොග් එක දැකලා..ඊට කලින් මම බ්ලොග් කියවල නෑ..සහ වෙලාවක් තිබුනෙ නෑ..දවසක් අහම්බෙන් ඔයාගෙ බ්ලොග් එක දැක්කා.කලින් තිබුණ කහ රෝස මලේ ටෙම්පේල්ට් එක මම ඒකට හරි ආස කලා.ඒක දැකපු මම ඔයාගෙ කවි කියෙව්වා.මටත් ආස හිතුණා බ්ලොග් එකක් හදන්න මෙලෝ දෙයක් දන්නෙ නැති වුණත් මමත් එකක් හදා ගත්තා කවි ලියන්න.ඇවිත් ගොඩක් කල් නැති වුණත් සමහර විට මම යයි.යන්න කලින් මම ආපු හැටි කියන්න හිතුණා..

      Delete
  8. අනෙ මේ මොකද මේ..මහන වෙන්නද යන්නෙ අනු...??

    ReplyDelete
  9. නිෂ්...අනේ මන්ද කෙල්ලේ...හරි කවිය කොහොමද කිව්වෙ නෑනේ..විටෙක අනූ අනුත්තරා වෙයි..බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. o.O කවිය නම් මාර ලස්සනයි ඇත්තමයි ඒ උනත්...??

      Delete
  10. හිත තැම්පත් වුන පලියට
    අනේ එපා මහන වෙන්න
    ඇසේ කඳුලු පිහදාගෙන
    ජීවිතයට මුහුන දෙන්න...!

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවියක් ලියන්න පද ගැලපුවත් ගැලපුනේ නෑ...ස්තූතියි යාළුවේ

      Delete
  11. පද ගෙතීමේ කිසිම අවුලක් නෑ. ඒත් මේක කවියකට වඩා ළංවෙන්නෙ ගිතයකට . මේ පදටික නියම ගිත ආකෘතියකිනට ගොඩනැගී තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් ගීපදමාලාවක්.

    ලස්සනයි. අපූරුයි.. ටිකක් උත්සාහ කලොන් එබත් ලංකාවෙ නව ගීත රචිකාවක් වේවි.

    ඒ වාසනාව ලැබෙන්න සුබ පැතුම්

    ReplyDelete
  12. ඔබේ කමෙන්ට් එක මට හැමදාම ගොඩක් වටිනවා..ස්තූතියි ඔබට

    ReplyDelete
  13. හරිම අපූරු කවි සිතුවමක්.. කියවද්දි මට හිතුන දේම දයානන්ද රත්නායකයන් කියලා ගිහින්.. ලස්සනයි අනු...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...සින්දුවක් වගේ කියල ඔයාටත් හිතුණද?

      Delete
  14. අ‍නේ ඇත්තමයි....ලස්සන කවි නංගෝ...
    හ්?

    ReplyDelete
    Replies
    1. ඕහ් ස්තූතියි අක්කියෝ...

      Delete
  15. මොකෑ මේ ??
    එතකොට අර අයියට මක්කෙයි වෙන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ඒවගේ හොද දේකටනම් එයාගෙන් අවසර තියෙනවා නිශාන්..ආදරේ කියන්නෙ ලබාගැනීම නෙවෙයි පරිත්‍යාග කිරීමක්..සතුට වෙනුවෙන්..ඒක මම වගේම එයත් තේරුම් අරන් ඉන්නේ...

      Delete
  16. සසර පුරුද්ද වෙන්නැති !
    මෙහෙනි සාසනය උනත් කාලාන්තරයක් පැවතෙන්න එපැයි !
    ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. කවි වල අඩු ලුහුඩු හොයන්න තරම් මම් කවි ගැන දන්නේ නෑ දරුවෝ...

      Delete
    2. කාලයාගේ ඇවෑමෙන් මෙහෙනි සාසනය ක්ෂයවී ගියත් බුදු හාමුදුරුවන්ගේ කාලයේ තරම්ම මෙහෙනි සාසනය පිරිසිදුව පවතිනවා..

      කවි වල අඩුපාඩු වුනත් දන්න අය ඉන්න නිසයි එහෙම කිව්වේ.ආයෙමත් ඒ වැරදි නොවෙන්න අඩුපාඩු හදාගන්න

      Delete
  17. Replies
    1. ස්තූතියි ප්‍රමුදි...ඔයාවත් සිහින දිත්තමට සාදරයෙන් පිළිගන්නවා..ආයෙමත් එන්නකෝ..

      Delete
  18. මේ සිතිවිල්ලක් විතරයි නේද? එහෙම දෙයක් වෙනවනම් කියන්න අපිත් ඇවිත් බණ අහල යන්න බැරියේ..

    කවියේ අඩු පාඩු කියා දෙන්න තරම් දැනීමක් නැහැ .

    කවිය ලස්සනයි.

    ReplyDelete
  19. සිතිවිල්ලක්ම නෙවෙයි... හිතේ කොනක තියෙන දෙයක්..හරි යනවනම් කියන්නම්...

    ReplyDelete