Saturday, June 30, 2012

පරම පැතුම මගෙ ආදරේ......

හදේ ගැඹුරුම තැනක හිඳ මා
                               කරමි තව තව ආදරේ
    පැලෙමි හදවත නුඹේ නමින් මා
                   සෙනෙහෙ ගලායන ආදරෙන්
  නැතිය අරුතක් දන්නෙනම් මා
                             නුඹට දෙන මේ ආදරේ
     දනිමි නුඹනම් මගේ නොවන බව
                         එහෙත් සසරෙම  ආදරෙයි
    ඇගේ අතගෙන සොඳුරු සැදෑවක
                          හමු වූ ඔබයි මගෙ ආදරේ
      මගේ නොවුනත් කමක් නැහැ මට
                            ඔබයි පළමු මගෙ ආදරේ 
          වැළපුනෙමි හදවත දුක් විඳිමි තව තව
                    නොකෙරුවත් නුඹ මට ආදරේ
            සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා
                            පරම පැතුම මගෙ ආදරේ
            ............  ෴ ..........

30 comments:

  1. //..වැළපුනෙමි හදවත දුක් විඳිමි තව තව
    නොකෙරුවත් නුඹ මට ආදරේ
    සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා
    පරම පැතුම මගෙ ආදරේ..//

    ලස්සනම ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
  2. අපොයි ආදරේ ගැන නම් මතක් කරන්ඩ එපා !
    අයි හේට් ලවු ස්ටෝරිස්.... !!!!
    කවි සිතුවිල්ල නම් ගොඩක් ලස්සනයි නංගි !

    ReplyDelete
    Replies
    1. මොකද මධූ අයියෙ ඒ...අයි හේට් ලවු ස්ටෝරි....හදිස්සියෙම
      හරි හරි මොනව වුණත් ආදරේට වෛර කරන්න එපා..

      Delete
    2. මට නම් ආදරේ කියන්නේ එපාමකරපු මාතෘකාවක්. හික්ස් :)

      ආහ් නමත් වෙනස් කරලා නේ. මරු මරු
      දැන් ලස්සනයි !!!

      Delete
  3. අප්පොච්චියේ.. ආදරේ..
    ඕක මහ කේස් ගොඩක් අප්පා..!

    ReplyDelete
    Replies
    1. කොයි තරම් කේස් තිබුණත් හැම හිතක්ම කාට කාටත් හොරෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා...හදවතට තට්ටුකරල බලන්න එහෙම නෙවෙයිද කියල වී..

      Delete
  4. කවි සිතුවිල්ල නම් ලස්සනයි අනූ...
    ඒත් අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන්...ඔයත් මොකද ඒත් කිව්වෙ ....

      Delete
  5. ආදරේ ආදරේ ආදරේ.....ලස්සනයි අනු....

    ReplyDelete
    Replies
    1. ඔයා තරම් ආදරේ ගැන දන්න කෙනෙක් වෙන කොයින්ද?ආදරේ කරල ආදරේ ලබල ආදරේ විදින කෙනෙක් නේ නිෂ් කියන්නේ..මට වැඩිය ආදරේ ගැන කවි ලියන්න ඔයා දක්ෂයි...

      Delete
  6. ලස්සන කවි පෙල අනූ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්....අනූ නම රෙජිස්ටර් වෙලා වගේ...කමක්නෑ කමක් නෑ...

      Delete
  7. ආදරණීය කවි පේලියක්....ලස්සනයි නංගී..

    ReplyDelete
  8. //සසරෙ කෙසේ හෝ නුඹ මගේම වේවා//
    මටත් ඕනේ ඔය ටික විතරයි.....

    ReplyDelete
    Replies
    1. ආදරේට ආදරේ කරන කෙනෙක් නිසා ඒ සිතුවිල්ල හිතේ තියෙන්නෙ...එහෙම නේද ලොකූ...

      Delete
  9. ආදරේ ඉතින් ඔහොමම තමයි. විඳිනවා වගේම විඳවනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩිහිටියෙක් වෙච්ච ඔබ තරම් අපි ආදරේ ගැන දන්නෙ නෑ...

      Delete
  10. ලස්සන සිතුවිල්ලක් සිත්තමි...

    එක නෙමේ ඔය මවුස් පොයින්ට් එකේ ඉන්න සතාට ඔයා බය නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමී...

      මවුස් පොයින් සතාට බය නෑ අනේ හුරතලේට ඇති කරන්නේ

      Delete
  11. පිස්සු හැදෙනවා. අක්කලා නංගිලා දෙන්නම මවුස් පොයින්ටර් වල සත්තු ඇති කරන්න පටන් අරං. ආදරෙයි කැස්සයි හංගන්න බෑලු නේ.
    ඔයාටත් කියන්න තියෙන එක පස්සේ වෙලාවකම කියන්නම්. :P :D

    ReplyDelete
    Replies
    1. කවුරු කිව්වත් ආදරේ හංගන්න පුළුවන් අයියේ...

      Delete