Monday, June 25, 2012

නුඹ.......

රිදවන පාරන මේ හිත ගැන
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්
කප්පරකට දුක දුන්නත් නුඹ මට
ඒ ගැන අහිතක් මා නොහිතන බව
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්

ඇස් ගෙඩි ඉදිමී රතුවන තරමට
හඬමින් සසරෙම මා විඳවන බව‍
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්
ජීවිතයෙත් මිය යන මොහොතෙත් මම
නුඹ හට මිස ආදරෙ නොකරන බව
නුඹ.......
නොදන්නවා නොව දනිමි හොඳින්

38 comments:

  1. // නුඹ.......
    නොදන්නවා නොව දනිමි හොඳින්.//

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ මේ පද ටිකේ නම් පොඩ්ඩක් බලන්න.

    කවියක් ලියවෙන්න අත්දැකීමක් ඕන වෙන්නේ නෑ කියලා කිව්වනේ. ඇත්තටම ඒ කතාව එහෙම නම් කවියට මම පට්ට ලයික්.

    මම නොදන්නවා නොව දනිමි සොදින්.
    දෑසට කදුලැලි දෙන්නට ඔබගේ
    පැතුවේ නෑ මුළු සංසාරේ
    ඇස් පොඩි රතුවී හෙළනා කදුලැලි
    මහද දවාලයි හැම වාරේ
    එකට එකතු වී ඉන්න වරම් නෑ
    ආදරයෙන් මුළු ජිවිතයේ
    ජිවිතයෙන් මියැදී යන මොහොතේත්
    ආදරේ ඔබටයි රත්තරනේ........

    ReplyDelete
    Replies
    1. ෂුවර්ද රෙප් අයියෙ ඔයාට මෙහෙම අත්දැකිමක් නෑ කියලා...:))

      Delete
    2. ෂුවර්. ඒ කතාව මෙහෙම කතාවක් නෙවෙයි. :P

      Delete
    3. රෙප් මට ඒ පද ටිකේ අවුලක් දැනුනෙ නෑ නේ ඒ මම ලියපු නිසාද දන්නෙ නෑ..ඔයාට දැනුනෙ මොකක්ද කියල කියන්න එපැයි...

      ඔන්න පළවෙනි වතාවට මගේ කවියට රෙජ් ලයික් එකක් දාල අම්මෝ ඉතින් මට තියෙන සතුට වචන නෑ..මොකද හැමදාම කියන්නෙ අදෝනානම් එපා කියලනේ..

      ඔන්න මගේ කවියට වැඩිය පිළිතුරු කවියෙ පොඩි රසයක් දැනුනා මට..ලස්සනයි රෙජ් අත්දැකීමක් නෙවෙයි කිව්වට විශ්වාස කරන්නම බෑ ඒත් විශ්වාස කලා නේද නිෂ්

      Delete
    4. නුඹ කියනකොට දනිමි වෙන්නේ කොහොමද කියලයි දැනුන අවුල. මම කියන කොට නේද දනිමි වෙන්නේ. ඔය සිංහල ගැන මටත් එච්චර දැනුමක් නෑ අප්පා. කියපු එක තේරෙනවා නම් මොන සිංහලද නේ.... :P

      Delete
    5. හ්ම් හරිනේ වචන ගලපද්දි ඒක තේරුනේ නෑනෙ...අනේ කවි ලියද්දිනම් මේ වගේ වැරදි අනන්තවත් වෙනවා..

      Delete
    6. මාත් ඒක දැක්කා ඒත් මන් හිතුවේ අනු ඒක හිතලම දාලා කියලා...

      අනු මේ රෙප් අයියා බොරු කියන්නෙ එයාටත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා.....නේද රෙප් අයියෙ...:D

      Delete
    7. ඔයා දන්නව කියල මම දන්නව වස්තුව ,.,
      ඒත් ඇයි දෙයියනේ මාව මේ විදියට තනි කරල දාල ඔයා මගෙන් ඇතට ගියේ,.,
      මගෙ රෙපා අයියේ ඔයා හොදටම දන්නවා මේ පපුව ඇතුලේ ඔයාට තියන අදරේ කවදාවත් කිසිම කෙනෙකුට ගන්න බැරි උනු ආදරේ මගෙ සුදු අය්යා ගත්තා ,., මම ලොකූ හීන මැවුව සුදු අයියේ ඒ හැම හීනෙකම ඔයා හිටිය වස්තුවේ ,., ඒත් මම කවදාවත් හිතුවේ නෑ මගෙ අයියා මාව දාල යයි කියලා,.,යන්න එපා රත්තරනේ යන්න එපා,., ආපහු හැරෙන්න,., ඔයා පරක්කු නැහැ වස්තුවේ,., ඔයා කවද හරි මගෙ වෙනකන් මම බලන් ඉන්නව මගෙ රන් කද ,.,.,

      Delete
    8. සුදු මහත්තයා මේ කියපු දේනම් වටහාගන්න බැරි වුණා...

      Delete
  2. අනේ මන්දා අනු...මොනා උනත් ඔයාට හිත හදාගන්නම වෙනවනේ නේද....ඒකට උත්සහ කරන්න....සුභ පතනවා මන්
    මොනා උනත් ලස්සන නිසදැස....

    ReplyDelete
  3. හැමදේම දැනගෙන නොදන්නවා වගේ ඉන්න එක තමා කාලා ඉන්ඩ අමාරුම වැඩේ.
    ලස්සන කවි සිතුවිල්ලක් සිත්තමි !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      හැගීමක් දැනීමක් ඇත්තෙම නෑ ගානයි.ඉතින් දුක නැද්ද?

      Delete
  4. ///ජීවිතයෙත් මිය යන මොහොතෙත් මම
    නුඹ හට මිස ආදරෙ නොකරන බව
    නුඹ.......
    නොදන්නවා නොව දනිමි හොඳින්///
    එළ නේ :))

    ReplyDelete
    Replies
    1. මැරෙනතුරුම ආදරේ එයාට විතරමයි කියල දැන දැනත් නොදන්න ගැනට ඉන්න හැටි..

      Delete
  5. Replies
    1. ස්තූතියි රොබින්..මැරියන් මේතරම් ආදරේ කලොත් නොදන්න ගානට ඉන්න එපා...

      Delete
  6. විඳවන්න දෙයක් නැහැ...ජීවිතේ හැටි එහෙම තමයි..!

    ReplyDelete
    Replies
    1. ලැබුණ දේ ජීවිතේ කියල හිත හදාගමු නේද?

      Delete
  7. වියෝගය ගැන වචන දහස් ගණනකින් කියන දේ මේ කවි පද අතරේ තියෙනවා...

    හදවතට දැනෙන කවි....

    ආ..ගිය පාරත් කියන්න හිටියේ....ඔයාගෙ බ්ලොග් එක හරිම ලස්සනයි නංගියෝ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දම්මි අක්කියෝ...

      Delete
  8. දැනගෙනත් නොදන්නවා වගේ ඉන්න එක ඉවසන්න බෑනේ..

    ReplyDelete
    Replies
    1. කොහොම ඉවසන්නද දිනේෂ්..ඒතරම් දුකක් තවත් තියෙනවද? ඒක දන්නෙ ආදරේ ගැන දන්න ඔයා වගේ කෙනෙක්ම තමයි

      Delete
  9. පාරන රිදවන මගේ සිත
    ඵලක් නොවේද නුඹේ සිතට
    ආදරයෙන් නැහැව්ව මේ සිත
    හඩවන්නට හැකිද නුඹේ සිතට....

    ReplyDelete
  10. ඔයා මම හින්දා හැමදාමත් අඩනවා කියලා මම හොදටම දන්නවා රත්තරන්.
    මමත් මගේ හිතේ ගොඩාක් ලොකු දුකක් හිර කරගෙන තමයි ඉන්නේ.
    මගේ හිතේ තියෙන වේදනාව ලෝකෙට පෙන්නුවා කියලා අපට කවමදාකවත් එකතු වෙන්න ලැබේවිද?
    ඔයාට වඩා මම හිතින් දුක් විදින්නේ ඔයාගේ අහිංසක ඇස් දෙකට කදුළු දෙන්න සිද්ද උන පව්කාර කමට.

    ලෝකෙට පේන්න හරි මම හිනා වෙලා ඉන්න හදන්නේ ඔයා වගේම මමත් විදවනවා කියලා ඔයාට දැනුනොත් ඔයාගේ හිතේ තියෙන ඔය වේදනාව තවත් වැඩි වෙනවා කියලා දන්නා හින්දා........
    ඔයාගේ ඔය ලස්සන පුංචි ඇස් වලින් මං හින්දා කදුළු බිංදුවක්වත් පිරෙනවා දකින්න මට බැරි හිංදා...

    තව වාක්‍ය ඕනෙද නංගි? :P

    ReplyDelete
  11. ෂා...නියමයි තව මොකට වාක්‍ය තනනවද මේ ටික හොදටම ඇති අයියේ...හැගීම්බරයි ඇත්තටම ..

    මෙන්න මොහෙමයි රෙපාගෙ ආදරේ හිතේ හිරකරන් ඉන්නේ..අපිම කවි ලියල හිතෙන් ආදරේ කරන අයගෙ ආදරේ එළියට මතු කරල ගන්න ඕනි...

    නිෂ් මෙන්න පුහුල් හොරා කරෙන් දැනුනෝ...

    ReplyDelete
    Replies
    1. ඒ ගමන කට්ටිය සෙට් වෙලා හොරු අල්ලන්න වගේ හදන්නේ. :D. මම නැවතත් දැඩිව අවධාරණය කරනවා මේ ලිව්වේ නම් මගේ අත්දැකීමක් නෙවෙයි කියලා :P

      Delete
  12. ආදරය කරන කෙනෙක් අහිමි වීම නිසා දැනෙන වේදනාව තරම් වේදනාවක් තවත් නැහැ ඒක නම් ඇත්තම ඇත්තයි... ඒත් අනූ......... අහිමි වුණු ආදරේ ළඟ නතර නොවී ඉස්සරහට යමු... මට ඒක කරන්න පුළුවන් උණේ අවුරුදු ගාණක විඳවීමකින් පස්සෙ... ඒත් මම දැන් දන්නවා ඕනෑම වේදනාවක බර හෙමිහිට හදවතින් මැකිල යනවා කියල... ඒ වගේම ආයෙම ආදරය කරන්න උණත් පුළුවන් තරමට හිත හැදෙනවා...

    අපි කරන්නෙ හිත හදා ගන්න උත්සාහ කරනවට වඩා අර මතකයන් අවුස්සගෙන හිත දුකින් පුරවගන්න එක... එහෙම නේද?

    ReplyDelete
  13. තරුරසී ආදරයෙන් පිළිගන්නවා ඔබව මගේ සිත්තමට පළමුව...

    ඔයාගෙ කථාවනම් සම්පූර්ණ ඇත්ත..ඇත්ත ඕනිම වේදනාවක් හෙමින් හෙමින් මැකෙනවා කාලයත් එක්ක නමුත් දිනකදි ආයෙ ආයෙත් කවුරු හෝ පහුරුගාල එළියට ගත්තොත් විදින වේදනාව...ඒකයි මම කිව්වේ

    රිදවන පාරන මේ හිත ගැන
    නුඹ.......
    නොදන්නවා නොව දනිමි හොඳින්
    කප්පරකට දුක දුන්නත් නුඹ මට
    ඒ ගැන අහිතක් මා නොහිතන බව
    නුඹ.......
    නොදන්නවා නොව දනිමි හොඳින්

    ReplyDelete
  14. ආදරේදී ලැබෙන සතුට කියා ගන්න බැරි තරම් ඒ වගේම තමයි ආදරේ හින්ද දුකක් දැනුනත් කියා ගන්න බැරි තරම් දුක හිතෙනව. වෙනසකට තියෙන්න ඒ දුකත් ආදරේ නාමයෙන් කියල හිතා ගෙන දරා ගන්න පුලුවන් වීම.
    ලස්සන පද ගැලපුමක්!

    ReplyDelete
  15. ආදරයෙන් පිළිගන්නවා ඔබව මගේ සිත්තමට

    වටින අදහසක්...ස්තූතියි ඔබට ආයෙත් එන්නකෝ මේ පැත්තෙ...

    ReplyDelete
  16. සිහින සිත්තම් "අස්වැන්නට" ඇවිත් ගිහින් තිබුණා ඒ ඔස්සේ තබා ගිය මංසළකුණු වලින් තමයි මෙහේ එන්න පාර හොයාගත්තේ.

    කවියට ගිතයට දක්වන්නේ අසිමිත කැමැත්තක්. කොහොම කවි ලිව්වත් ආසාවෙන් කියවනවා. දැක්ක තැනක කාගේ වුණත් පුංචි සටහනත් තබා යන්න අමතක කරන්නෙත් නැහැ. මොකද කවිය මම ප්‍රියකරන ඉසව්වක්.

    කවිය ඉතාමත් කෙටි වුණත් රසවත්ව නිර්මාණාත්මකව ලියල තියෙනවා.
    සුබ පැතුම් තවත් දුර ගමනක යෙදෙමින් නිර්මාණකරණයේ නියැලෙන්න.

    ඔන්න මමත් එකතුවුණා. දැන් අලුත් නිර්මාණයක් දම්ම ගමන් පේනවා. ආයෙ එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා සාදරෙන් මගේ සිත්තමට ඔබව....

      මමත් අසීමිතව කවියට සහ ගීතයට ආදරය කරන කෙනෙක්.ඒ ගැන දන්නෙ ඒ ආසාව තියෙන කෙනෙක්ම විතරයි.

      එහෙනම් දිගටම එන්නකෝ

      Delete
  17. වචනත් හරි අකුරුත් හරි,., ගැලත් පෙනවා ,., ඒත් මට මුකුත් තේරුනේ නෑ අක්කේ ,., පොඩි එකා නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ___**ආදරෙයි සත්තයි නොරිදගන්න්නෙමි මා හද ඔබ නිසාවෙන්..නුබ දනිතත් මගෙ ආලෙ ගැන මම කියමි එය පද කොට මෙලෙසට,. ආලෙ මගෙ, පමනි ඔබම හට**__


      මම හිතට ගත්තේ ඕක ඔයිට වඩා දෙයක් මම දන්නෙ නැහැ තේරෙන්නෙ නැහැ
      ශෝට් ඇන්ඩ් ස්වීට් :D

      Delete
    2. තාම පොඩි එකානෙ කියල මමත් හිතාගන්නම්...පොඩි එකාව සාදරෙන් පිළිගත්තා ඔන්න ආයෙමත් එන්නකෝ එහෙනම් මේ පැත්තෙ

      Delete
  18. හ්ම්..................රඅ රෙප් මහත්තයා කිව්ව එකටනම මාත් එකග වෙනෝ.....
    අර පද ටිකේ මටත් අවුලක් පේනෝ....
    ඒත් කවි ටික නම් පට්ටෝ......

    ReplyDelete
  19. පද ටික ලියද්දි ගැලපෙන්න වෙන වචනයක් නෑ..නීති රීති කඩ කරලා ඉතින් ලිවුවා කවි ටික සමාවෙන්න ඕනි නිති වලින් පිට පැන්නට..

    ReplyDelete