Friday, June 15, 2012

බලා හිඳිමි මේ නුඹ එනතුරා.......


එක් දිනක් නම් ගෙවුණා
ඔබ නැතිව හිත ඉකිගසා
දිනක් නොනිඳා හිඳින්නයි ඔබ
කියා මට කොහිදෝ ගියා
සැඟවුණේ කොහිඳ මට නොකියා
බලා හිඳිමි මේ නුඹ එනතුරා


ගං දියරැලි කියයි නුඹහට
නිල් අහස ගිගුරුම් දෙයි එදිනට
ඔබ ඇහුවොත් ආදරෙයිදැයි ඔබහට


ගං දියරැල්ලක්වත් වුණානම් ඔබ
මා වෙත ඇදී එනතුරු ඉන්න තිබුණා
සිහිල් සුළඟක් වුණා නම් ඔබ
ගතේ වෙලාගෙන ඉන්න තිබුණා
පොද වැස්සක් වුණා නම් ඔබ
ගතම තෙමාගෙන ඉන්න තිබුණා
හිත ලගින්වත් හිටියනම් ඔබ
දෑස පියන් ආදරේ විඳින්න තිබුණා
                                          

30 comments:

  1. අනේ එහෙම උනානම්
    මටත් හිත හදාගන්න තිබුනා.....

    ලස්සනයි.................!!

    ReplyDelete
    Replies
    1. තරුවගෙ වචන ටික ලොකු කථාවක් කිව්වද මන්ද?...

      Delete
    2. කිව්වදත් අහනවා කිව්ව නේන්නම්.......

      Delete
  2. ලස්සන කවි පෙල...

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ලස්සනට ලියන්න දන්නෙ නෑ..නමුත් හිතට එන දේ ලියනවා දිනේෂ්..

      Delete
  3. //පොද වැස්සක් වුණා නම් ඔබ
    ගතම තෙමාගෙන ඉන්න තිබුණා//
    සෝක්.....නේ.......!

    ReplyDelete
    Replies
    1. සෝක් ද කියලත් අහනවා...හිතද්දිත් හිත හිරිවැටිල යනවා...

      Delete
  4. ඔබ හිටියානම්.??

    මම ගොඩාක් කල් ඉඳල මේකට එන්න හිටියේ. ඒත් කමෙන්ට් එකක් හරහා යන්නෙම ප්ලස්‌ එකට.

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා සාදරෙන් ඔබව....

      අළුතෙන් ආපු පුංචි කෙල්ලෙක්නෙ අයියේ දන්නෙ නැද්ද පොඩි පොඩි වැරදි වෙනවා ප්ලස් එක හදාගත්තෙ බොහොම අමාරුවෙන්..ආවට මේ පැත්තෙ බොහොම සතුටුයි...ආයෙමත් එන්නකෝ

      Delete
  5. ආයෙමත් ඒවි ඔහු කවදාහරි ...

    ReplyDelete
    Replies
    1. මමත් බලාගෙන ඉන්නවා...

      Delete
  6. එහෙනම් මේකා මුකෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔයා කියනව වගේ නිශාන් මුකෙක්වත් වුණානම් කූඩු කරල හරි තියාගන්නවා...

      Delete
  7. හිත ලගින්වත් හිටියනම් ඔබ
    දෑස පියන් ආදරේ විඳින්න තිබුණා ////

    හිත ලඟින් නැති කෙනෙක් ගැන කොහොම ලියනවද මන්ද මේ කෙල්ල... ;) කොහොම උනත් අපූරුයි....

    ReplyDelete
    Replies
    1. හිත ලගට එනකම් ලියන්න පුළුවන් ලොකූ...

      Delete
    2. දකින දකින කොල්ලට මල්ලි කියන්න යන්න එපා එතකොට වැඩි දවසක් යන්නේ නැතිව ඔය හෙවනැල්ලේ හිමිකාරය හම්බවෙයි :P

      Delete
    3. නිශාන්ට ලොකු ප්‍රශ්නයක් නේද මේ මල්ලි කියන එක..මම නිශාන් කිවුවෙ ඔයාගෙ හිත රිදුනොත් කියල..නැත්තම් කොහොමත් මල්ලියා තමයි ඔයා..
      හි හි හී...

      Delete
    4. අයියෝ මට කසී ප්‍රශ්නයක් නැහැ ඒක
      මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ සැබෑ ලෝකෙදි විතරයි අක්කා :D

      Delete
  8. සිත්තමි හිතන දේ උනා නම්....

    ගොඩක් වෙලාවට හිතෙන දේ එහෙම්මම සිද්ද වෙන්නේ නෑ සිත්තමි !!!

    මේ කවියෙන් මම ආසම පද දෙකක් තියෙනවා. ඒ මේක,

    "හිත ලගින්වත් හිටියනම් ඔබ
    දෑස පියන් ආදරේ විඳින්න තිබුණා "

    කවිය ගොඩක් ලස්සනයි සිත්තමි !!!

    ReplyDelete
  9. මධූ අයියා නමකුත් දාල සිත්තමී..නරකම නෑ ඔන්න මම ඒකට ආසයි..
    ඔයා වගේම මමත් කවියේ ආසම පද ටික

    "හිත ලගින්වත් හිටියනම් ඔබ
    දෑස පියන් ආදරේ විඳින්න තිබුණා "

    ReplyDelete
  10. සිහිල් සුළඟක් වුණා නම් ඔබ
    ගතේ වෙලාගෙන ඉන්න තිබුණා........

    ඇත්තටම මෙහෙම උනානම් ගතේ වෙලාගෙන ඉන්න තිබුනා.. එහෙත් සුළග මා ලගම පමණක් රැදෙවිද...

    හරිම ලස්සනයි හලෝ ........

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා චමී ඔයාවත් මගේ සිත්තමට

      ඔයාගෙම විතරක්නම් ඔයාටම අයිතිනම් සුළග රැදේවි ඔයා ලග...හැමදාම සෙනෙහසින්

      Delete
  11. //..ගං දියරැලි කියයි නුඹහට
    නිල් අහස ගිගුරුම් දෙයි එදිනට
    ඔබ ඇහුවොත් ආදරෙයිදැයි ඔබහට..//

    ලස්සනම ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. ඔයාට හිතගියේ ඒ ටිකටද? මමත් දන්නවා ඒටික ලස්සනයි කියලා..ඒකයි ඒ පද ටික වෙනම තිබ්බේ...

      Delete
  12. ආයේ ආවොත්.... පුළුවන් වෙයිද ඉස්සර වගේ ආදරෙන් ඉන්න..??

    ReplyDelete
  13. නිෂ් මොකද මේ හැමදාම මගෙන් ප්‍රශ්නයක්ම අහන්නේ...?
    අපොයි පුළුවන් ඉස්සරටත් වඩා වැඩියෙන් ආදරෙන්.....

    ReplyDelete
  14. අත්දැකීමක්ද මන්දා.... එනමුත් අත්දැකීමක් නොවේවා කියලත් පතන්නට සිතෙනවා.... ඔබට ජය සොයුරිය !

    ReplyDelete
  15. සාදරයෙන් පිළිගන්නවා ඔබව සිත්තමට....
    අත්දැකීමක් නොවේවා කිව්වට අත්දැකීමක් සොයුර... ආයෙමත් එන්නකෝ මේ පැත්තේ

    ReplyDelete
  16. මමත් ආවා නංගී....කවි ලස්සනයි...




























    මමත් ආවා නංගී...ලස්සන කවි පද....හෙමිට ඔක්කොම නියවන්න එන්නම්...

    ReplyDelete
    Replies
    1. දම්මි අක්කියෝ ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මගේ සිත්තමට....ආයෙමත් එන්නකෝ එහෙනම්...

      Delete