Saturday, June 9, 2012

මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත......

පෙර දිනක සනසාලූ හදවත
එක් දිනක හඬවාලූයේ ඔබ
මතකය අමතක කරන්න
පින්සිදුවෙයි ඈතට යන්න ඔබ

රිදුම්දෙන හිත ඉකිගසන දෙනුවන
සනසවාලන්න ඔබ නැත මා ලඟ
හඬන මගේ හිත සනසවාලන්න
මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත

ලෝකයම කීවත් නොහඬා හිඳින්නට
මට හැක ඒ දෙය එලෙස කරන්නට
ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත
............  ෴ ..........

25 comments:

  1. දුන්න දෙයක් ආපහු ඉල්ලන්ඩ හොද නෑ කියලා මේ දරුවා දන්නේ නැද්ද. ඒ වගේම තමා ආදරේ කලොත් අඬන්න වෙනවා. කඳුලු වලින් නොලියවෙච්ච ආදර කතා මේ මිහිපිට නැද්ද කොහෙද !!

    පුලුවන් නම් බොරුයි කියන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියා කතාව
      මමත් කෙනෙක්ගෙන් ලෝකයක් බලාපොරොත්තු වුනා
      ඒත් අද මම එයාගේ ලෝකේ දුෂ්ටයෙක්
      එයා අද මට වෛර කරනවා
      ලෝකේ හැටි...

      Delete
    2. මධුරංග ....

      හඬන මගේ හිත සනසවාලන්න මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත
      හිත හදන්න කවුරුත් නැති නිසා මමවත් හිත හදාගන්න ඕනිනේ..ඒකයි දීපු හිත ආපහු ඉල්ලුවේ..

      පුලුවන් නම් බොරුයි කියන්ඩ !!! කොහොම කියන්නද ඉතින් පිළිගන්නවා ඔයා හරි...

      .......................................................

      නිශාන්.....

      අපි ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නෙ නැහැනෙ යාළු එහෙම නේද?ලෝකෙ හැටි එහෙම කියල හිත හදාගමු දීපු හිත ආපහු ඉල්ලගෙන නේද?

      Delete
    3. ඒක හරි...
      තමන්ම හිත හදා ගන්න එක හොදයි.
      මොකද හිත කඩා බිදලා දාන්න නම් සෑහෙන කට්ටියක් ඒවි. ඒත්... ඒ හිත හදන්න උදවු කරන්න මෙලෝ යකෙක් නෑ..

      Delete
  2. //නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත//
    ඔය..අඬන ඒවට නම් මම ටිකක් අකමැතියි...!

    ReplyDelete
    Replies
    1. අඬන්නනම් මමත් බොහොම අකමැතියි...ඒත් කදුල ජීවිතේට ගොඩක් ලගයි...

      Delete
  3. හඩවන්නට තරම් මේ හිත
    නපුරුවුනේ කොහොමද නුඹ
    අමතක කරනටවත් මතක
    හැරයන්නද මා ලෝකයම....

    ReplyDelete
    Replies
    1. ලෝකයම මගේ නුඹ
      ජීවිතයයි මගේ නුඹ
      සන්සාරෙම ලගින් නුඹ
      මවමින් ලෝකයම අතහැර ගියා නුඹ

      Delete
  4. විටෙක
    ආදරය
    කදුලක්
    වේදනාවක්
    සතුටක්
    මිහිරක්

    ReplyDelete
    Replies
    1. ලස්සන අර්ථකතනයක් වගේ.....නියමයි රොබින් ඇත්තටම ආදරේ ඔය වගෙයි...

      Delete
  5. සිහින සිත්තම මොකෝ මේ වැහිබර වළාකුළක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ලියපු පරණ කවියක් ආසයි ඒකයි දැම්මේ....

      Delete
  6. නුඹට දුන්න හිත ආයෙම දෙන්න කියලා ඉල්ලුවට හිත ආයෙම ලැබුනත්, කලින් තිබ්බා වගේම තියේවිද??

    ReplyDelete
    Replies
    1. ඉල්ලුවට මමත් ඒක තමයි දන්නෙ නැත්තෙ දිනේෂ්...කෝ ඔයාගෙ ලස්සන කවිය..කවිය නැතුව පාළුයි වගේ...

      Delete
  7. // ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
    නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත...//

    හම්ම්ම්ම්ම්.. දුකයි...

    ReplyDelete
    Replies
    1. ලෝකයම කියනවා අඬන්න එපා කියල..කියන නිසා මමත් එහෙම කරනවා..නමුත් එයාල දන්නෙ නෑ හැමදාම මම අඬනවා...

      ආදරේ විටෙක වේදනාවක්....විටෙක සතුටක්....

      Delete
  8. //මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත//
    හුගක් අයට තියෙන ප්‍රශ්නයක් නේ අක්කේ ඕක,
    කවිය ලස්සනය්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ මමත් කවියෙ ආසම පදය ඕකයි පුබුදු...

      මට ආපසු දෙනවද ඔබට දුන් මගේ හිත

      Delete
  9. ආයේ දුන්නත් කොහොම තියෙයිද හිත..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නිෂ්...වෙනද වගේ තියෙන එකක් නම් නෑ...

      Delete
  10. //ඔවුනට නොපෙනෙන මගේ හඬන සිත
    නුඹ වෙනුවෙන් සැමදා හඬනු ඇත//

    අඩන සිද්දි නම් මටත් ටිකක් ඇලජික් වගේ තමා අප්පා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඇත්ත තිත්ත උනත් ඇත්තට මුහුණ දෙන්න එපායැ. පද ටික නම් ලස්සනට පෙළ ගස්සලා තියෙනවා. ජය වේවා !! බ්ලොග් එකටත්, ආදරේටත් :))

    ReplyDelete
  11. ස්තූතියි රෙජ් ගොඩාක් ස්තූතියි...

    අඬන්න කවුද කැමති හැමොම කැමති හිනා වෙන්න..සිනහව ජීවිතේට දුරනම් අඬනව ඇරෙන්න මොනව කරන්නද?

    ReplyDelete
  12. ඉනූ කදුලද සිදෙන්නට පෙර
    යදින්නම්.....ඔබ
    මැකී යනු මතකෙන්......

    වෙන මොකුත් මතක් උනේ නෑ...ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  13. ස්තූතියි යාළු...
    මතකෙට ආපු ටිකනම් ලස්සනම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අනේ මේක මේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක කොටසක් නැතුව මම හිතපු දෙයක් නෙවෙයි...

      Delete