ජනවාරි 27 ගම්පහ ගෙට්ටුව...........
සිත්තමීට නම් ගෙට්ටුවට සහභාගි වීම හීනයක් වගේ තිබුනේ.ගෙදරින් එළියටවත් බහින්න තහනම් නියෝග පනවල තිබියදිත් අප්පච්චිට ගල්පැලෙන බොරුවක් කියල මව් පාර්ශවයට ඇත්තම කියල ගෙදරින් එළියට පැන්නේ ඇත්තටම නොදුටු යාළුවො ගොඩක් බලාගන්න.වෙන්ඩ හබීත් කවදාවත් නොදැකපු කවුද කින්ද මන්ද කියල නොදන්න ඈයො පිරිසකට එකතුවෙන්න යන සිත්තමී කෙල්ලට යන්න එපා නොකිය සිත්තමී එක්ක යන්න ආව ඔහුගේ දහසකුත් වැඩ රාජකාරි පසෙකට තියෙල.ගෙට්ටුවේ අසිරිය කියන්න කලින් ගෙට්ටුවට පය ගහන්න දිරිය දුන්න අයව මතක් නොකරම බැරි නිසා ආදරණීය පියාණන්ගෙන් අවසර ලබාදුන් මගේ ආදරණීය මෑණියන්ටත් වෙන්ඩ හබීටත් හිස නමා ආචාර කරන ගමන් අපි බහිමු ගෙට්ටුව පැත්තට.....
දහසකුත් සිහන මවන් ගිය ගෙට්ටුව දැක්කම සිහින් දාඩියකුත් දැම්මා දෙවියනේ අදුරන්නෙ නෑනේ කවුරුවත් වටපිට බල බල හිමින් සේනදු වුණා.ඇස් යව යව බැලුවෙ මහලොකුවට එන්න එන්න කියල කෑගහපු රෙපාව.මගේ වෙලාවට ෆොටෝ කෑල්ලකින් ඒ මුණත් තහඩුව දැකල තිබුණ නිසා ඇදුරගන්න අපහසු වුනේ නෑ.ළගට යනකම් මෑන්ද මෑන් කියල එයා මාව අදුර ගත්තෙ නෑ.ඒක ඉන්ෂූරන්ස් වලටත් වඩා ෂුවර්.කථාකලාම නම් කිව්වෙ අදුර ගත්ත කියල. හික්ස් එහෙම හිතමු.
ඊටපස්සෙ එයාගෙන් මම අදුරන අයව ඇහුවා එයත් සමහරු දන්නෙ නෑ කියලා දන්න දන්න අය පෙන්නුවා.අර සයිබරයේ සිහින පෙම්වතී
අර කවුද අර අනේ අපේ දිනේෂ් කොල්ලගෙ අර සිහින පෙම්වතී සිහින මදාරා.......
කොණ්ඩෙත් කඩාගෙන විසේ කොරකොර බංකුවකට වෙලා හිටියා.ලගට ගිහින් කථා කොලාම අනේ හරි හුරුබුහුටියට කථාකොලා ආසාවෙ බෑ.සිහින පෙම්වතීම තමයි.දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ හිටිය මිසක් වෙන වැඩක්නම් දැක්කෙ නෑ.සිත්තමී විහිළුත් කලා වැරදියට බෙහෙත් දීල ලෙඩ්ඩු මරයි ඔහොම කරන්න එපා කියලා.මොනව වුනත් හරි හොද කෙල්ල.(කාටද ඉතින් ආඩම්බර දිනේෂ්ටනේ....)
එතකොට ආදණීය උණුසුම් පිළිගැනීමක සිත්තමීව ලක්වුණා රස්තියාදුකාරයාගෙන් ඒ සිත්තමී ඔහුව අදුන ගන්න ඔහු ලගටම ගිය වෙලේ,ප්රාර්ථනා කෙල්ල, එතකොට පුංචිම පුංචි දැක්කම, වැටෙන නාඩිත් නවතින පුංචි නාඩි අයියා,
හැමෝටම බය සිත්තරී මං කෙල්ල,
බ්ලොග් අවකාශයේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතයෙත් නෝටි වල් රජා (ලගට ගිහින් අදුර ගත්තෙ නැතත්) දුටුව සැනින් වල් රජා අදුරගත්තැහැකි.පිට්ටනියට බැහැල හිටියෙ සෙල්ලම් කරන්න වුනත් රජාගෙ හිත පිට්ටනිය වටේ බංකුවල හිටිය ලස්සන ලස්සන කෙල්ලො ලග.කවුරුවත් නිකමටවත් බෝලෙට වැරදිලාවත් ගහන්නෙ නැති පැත්තක හෙවනක් හොයන් වල් රජා මනෝ පාරවල් දාගෙන හිටියා.
ලගට ගිහින් කථා නොකලත් මුහුණින් අදුරගත්ත රත්ගමයා.තරියා අබේ,සිංහයා,ඇතුළු ගොඩක් පිරිසක් මුහුණින් හදුනාගත්තා.දැන් මතකෙට එන්නෙත් නැ නම්.අපොයි තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ආදරණීය වී පොකුර ලියන වීයා.... නෝටිම නෝටි දගකාර අර මඩිස්ස ලියන කොලුවා.දොඩම් ගෙඩි දෙකක් තරම් වත් උස නෑ.(කවුද කියලද අහන්නේ ඇයි අනේ නංගිලත් මේ පැණි කොල්ලගෙන් බේරෙන්න බැරි කමට ආ......මල්ලී කියනව කියල අඩන කොලුව අනේ .....අර මල්වත්තෙන් එළියට යද්දි කෙල්ලෙක් සෙට්වෙයන් කියකිය හිටිය පුංචි කොල්ල නිශාන් හුරුබුහුටි කොලු පැටියා)
කතා නොකරම බැරි සැමා......හැමෝටම අමතක නොවන චරිතයක් වුණා ගෙට්ටුවේදී......කුණු ගද ගහන සපත්තු දෙක නැති කරන් ගෙට්ටුවට පැමිණි හැමෝගෙම මුස්පේනුතු මුහුණු වලට පවා සිනාවක් එක්කල සෑම් අයියා.ගදෙන්වත් හොයාගන්නවා සපත්තු දෙක ඒත් කරුමෙට පෙරදා ඒ කුණු සපා දෙක හෝදලාලු.එහෙම කිය කිය ග්රවුන්ඩ් එක වටේම ගියා.හොයල දීපියවු නැත්තම් කන්න දෙන්නෙ නෑ.කොයිතරම් ගර්ජනා දැම්මත් සුපිරියටම වැඩේ කල කෙනානම් ඒ පුස්පාට් වලට රැවටුනේ නෑ.
ඔන් නොකියාම බැරි සිත්තමීගේ සොයුරු සිරා කොලුවා.ෆොටෝ කෑලි වලින් අදුරගෙන තිබුන නිසාත් දැකපු හැම ෆොටෝ එකේම රතුපාට ටී එකක් ඇදගෙන හිටපු නිසාත් ඒ ඔහුට තියෙන එකම ටී ෂර්ට් එක බව අදුන ගත්ත සිත්තමී ග්රවුන්ඩ් එකෙන් එලියට එනකම්ම හිටියා කථා කරන්න.ඒත් මේන් කොහේදෝ ඉදල මෙයා දුවල ඇවිත් මම සිරා කිව්වෙ නැතැයි.ඔව් ඔව් සිත්තමී ඔයාට තියෙන එකම ටී ෂර්ට් එකෙන් අදුර ගත්තා කියන්න පුළුවන්ද කටක් ඇරලා.හිනාපාරක් දාල මමත් උණුසුම් හමුවීමක් සනිටුහන් කොලා.
ඇත්තමයි සිරා කොලුවෝ ඔය කිරිකැට් තරගයක් නැතුව හැමෝටම එකතු වෙලා කොරන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් කොලානම් මීටත් වඩා සාර්ථකයි කියලයි මට හිතුනේ. එහෙනම් මීට වඩා අදුනන්නෙ නැති බ්ලොග් කරුවන් අදුනගන්න අවස්ථාවක් අපිට ලැබෙන්න තිබුණා.කොහොම වෙතත් ඔබේ උත්සහය අගය කොරනවා.සිරා, සැමා ඇතුළු අර අටම්පහුර අයියණ්ඩියට සංවිධානය කල ගම්පහ ගෙට්ටුව වෙනුවෙන් ස්තූති වන්ත වෙනවා.
නොකියම බැරි අර බස් රේඩියෝවේ නිවේදක කොලුවා......සුපිරියි ඈ........ඔන්න ඒ කවුද කියන්නනම් මම දන්නෙ නෑ.......මයික් වලටම හරියන කටක්. ඔන්න සිත්තමී ඔහු හදුනන්න මයික් කටා කියල සුන්දර සුමිහිරි නමක් දැම්මා කියලා අමතක නොකර දන්න හැමෝම ගිහින් කිව්වොත් හොදයි.සිත්තමීව ඒ මයික් කටා අතහැරියෙම නෑ.සුපිරි කිණ්ඩියකුත් දාගෙන සිත්තමීගේ විස්තර දැනගෙන පුංචි රිලා පැටියෙක් වගේ එහෙට දුව දුව මෙහෙට දුව දුව සුපිරියටම නිවේදන පාරවල් දැම්මා.මාරයි ඈ.නිවේදකයෝ දැකලා නෑ සිත්තමී....එහෙම කියයි බලන ඔයාලා.නෑ නෑ එහෙම නෙමෙයි මයික් කටා පාළුව යන්න කරපු වැඩ ටික දාපු කිණ්ඩි එහෙම පිට්ටනියෙන් එපිට ඈණුම් ඇර ඇර හිටපු අයට නින්ද නොයන්න වැඩ කොලා.....පිදිය යුත්තන් පිදීම වගේම අගය කල යුත්තන් අගය කල යුතුයි.
ඒ වගේමයි කම්මැලි කමේ ඈණුම් ඇරපු කෙල්ලො ටිකට දීපු සංගීත තොප්පි තරගය.සුපිරි නැතත් වෙන දෙයක් නැති කමට හොදා.කාගෙද වැරැද්ද සිරා කොලුවගෙ කිරිකැට් ගහන්න පුළුවන්ද කෙල්ලන්ට කොල්ලො විතරක් කිරිකැට් ගැහුවම හරිද? ආයෙමත් කියන්නෙ පුංචි පුංචි ගේම් ටිකක් තිබුනනම් ගේට්ටුවෙ වටිනාකම කියල වැඩක් නෑ.ආයෙ ගේට්ටුවක් සංවිධානය කොරන්න බලාපොරොත්තු වන්නන්ටත් එක්කයි මේ කියන්නේ.
තව හිටියා දගකාර කොලු මල්ලියෙක් හැමෝම කිව්වෙ ස්කුබියා කියලයි මට මතක හැටියට.හරි හොද බුවා.බුවත් එක්ක හිටපු කෙට්ටු අයියද මල්ලිද මන්ද අර දම්පාට ඉරි ටී එකක් ඇදල හිටියෙ.එයාගෙත් බ්ලොග් එකයි නමයි දෙකම අහගත්තත් දැන් මතක නෑ.මට මේ දෙන්නා ගැන දන්නා අයෙක් වේ නම් වහාම විස්තර ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.
Group Photo එක ගෙට්ටුව අවසාන වන්නටත් කලින් සිරා ගන්න තීරණය කොලේ එකා දෙන්න හිමිහිට මාරුවෙනව බලන් ඉන්න බැරි කමට.ගෙට්ටුවේ මිහිරිම අවස්ථාව ඒක.හැමෝම පෙලට ඉන්න ට්රයි කරනවා.එකෙක් මූණ පේන්නෙ නෑ අයින් වෙයන් ඔතනින් කියනවා.තව එකෙක් කෑ ගහන්න එපා බොලව් Audio රෙකොඩ් වෙනව කියල කෑගහනවා.දකුණෙ බිත්තියෙ එල්ලිලා ඉන්න උස කෙනා '' අඩෝ අරන් ඉවරද මේකෙ එල්ලිලා මගෙ අත රිදෙනවා" කියල කෑ ගහනවා.ෆොටෝ ගත්ත කෙනාට දස වද දීල අන්තිමට මෙන්න මේ විදියට ෆොටෝ එක අරන්.
ෆොටෝ එක හොරකම් කල එකක්
ගෙවුන ඒ දිනයනම් සුපිරියි.......ආයෙමත් සංවිධානය කල සැමට හිස නමා ආචාර කරනවා......