Saturday, October 13, 2012

ආදරේ පුරවපු මගෙ පණයි ඔයා.....


දිනක් දෙකතුනක් නොදැක බැරි මට
මසක් බැලුවත් නැහැ ඔයා
මටත් හොරෙන් හිත හදාගත්තද
නමුත් නොදැක බැහැ මට ඔයා

දකින්නට සිපගන්න නැහැ මට
අනෙක් අයට සේ මගෙ ලග ඔයා
නමුත් සිතින් සිය දහස්වරක් සිප
සිත සනසනවා නොදැක ඔයා

විටෙක තනිකම හිතට පාළුව

දැනෙන විට මතකයේ ඔයා
මගේ ඇට මස් නහරවැල් තුල
ආදරේ පුරවපු මගෙ පණයි ඔයා

  ................................... 




ඔන්න අද තමයි සිත්තමීගෙ 50 වෙනි පෝස්ට් එකපලකලේ.බ්ලොග් ලෝකෙට ආධුනිකයෙක් වෙච්ච සිත්තමී අදින් පස්සෙ ආධුනිකයෙක් නෙමෙයි.හැබැයි මහ ලොකු වැඩකාරයෙකුත් නෙමෙයි.කවි 36 එක්ක ලියපු පෝස්ට් බැලුව ආදරණීය යහළු ඔබ සැමට මාගේ ප්‍රණාමය
...................

 සිහින සිත්තම හැඩකරන සිත්තමී
 

61 comments:

  1. මගේ සුබ පැතුම් !!!!! :) :) :) :) :)

    ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ආ..... 50 ස් වෙනි පෝස්ට් එකට පළවෙනි කමන්ට් එක ඔන්න මගෙන් :) :) :) :) :)

      Delete
    2. ඕහ්....ස්තූතියි අමා කෙල්ලේ....

      ඔන්න ඔයාටනම් අද තෑග්ගක් ලැබෙනවා..

      Delete
  2. ඕන් මගෙනුත් උනුසුම් සුභපැතුම් ඔබට.... ලොකු වැඩකාරයෙක් නෙවෙයිද කවි 36ක් එක්ක පෝස්ට් 50ක් දැම්මම... හැබෑම ලොකු වැඩක් තමා... ජයෙන් ජයම වේවා... අපි දිගටම එනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අළුත් මල්ලියේ....අනේ වැඩ කාරයෙක් නෙමෙයි ඉතින් .....දිගටම එන්න

      Delete
  3. ඔන්න මගෙනුත් සුබ පැතුම් සිත්තමීට...

    ReplyDelete
  4. සුභ පැතුම් නගේ....

    ආදරය/විරහව කියන්නෙ එකම කාසියක දෙපැත්ත වගේ කියලයි මට හිතෙන්නෙ... ජීවිතය ගලාගෙන යන යද්දි ඔය වගේ සංසිද්ධි ඇතිවුනාට ඒවා මත්තෙ ජීවිතය නාස්ති කරගන්න එපා... දාලා ගිය කෙනා ගැන හිත හිතා දුක් වෙන්නත් එපා... එයාට එපා නිසානෙ දාලා ගියෙ කියලා හිත හදා ගන්න... මේ කවිපෙළ ඔබේ පුද්ගලික අත්දැකීමක් කියලයි එහෙම කිව්වෙ... ඒක එහෙම නෙමෙයි නම් මේ අදහස් බැහැර කරන්න...

    සිත්තමී ලස්සන කෙල්ලෙක්... පින්තූරෙ දැක්කම එහෙමයි හිතුනෙ... ජය !

    ReplyDelete
    Replies
    1. වයසින් වැඩි සහෝලගෙන් ජීවිතේට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා...ස්තූතියි සිරා....

      අනේ සිත්තමී ලස්සනම කෙල්ලෙක් නෙමෙයි....නමුත් පින්තූර වලට ලස්සනයි හික්ස්....

      සිත්තමී මුහුණු පොතේවත් නැති නිසා සිත්තමට එන හැමෝම සිත්තමී දැකගන්න ආසයි කිව්වා ඒ නිසයි පින්තූරයක් දැම්මේ...

      Delete
  5. සුභ පැතුම් ඔයාට!
    තවත් දිගු ගමනක් යන්න ලැබේවා!

    ReplyDelete
  6. සිත්තමක් වැනි සිත්තමී.....!!
    ආදරය හරි ආත්මාර්ථකාමී දෙයක්...එහෙම උනාම තමයි..ආදරය ලස්සන වෙන්නෙ. හැබැයි ඕකෙ අනික් පැත්තත් වෙන්න පුලුවන්නෙ. ලස්සනට ගලාගිය ආදරයක්.....
    කොතනදිහරි බිඳුනම... අර ආත්මාර්ථකාමී බව නිසාම හිතට දැනෙන..විරහව දරාගන්න අමාරුයි තමයි...!
    ඒ වුනාට හිතන්න ඕන...මට පුලුවනි...!
    පුලුවනි...!
    පුලුවනි..!
    අන්න ඒ නිසා තමා කලින් පෝස්ට් එකට මම ලීවෙ....දෛර්‍යක් නැතිකම කියල...!!
    දැන්නම් කෙල්ල හැදිල වගේ....!!!
    ඔන්න මමත් සුභ පතනවා...!!
    ජයම වේවා...!!

    ReplyDelete
    Replies
    1. කලින් පොස්ට් එකේ කියපු දේ තේරුණා වී...ස්තූතියි ඔබටත් සිත්තමට දිගටම එන සහෝ කෙනෙක් ඔයා...

      සිත්තමක් වැනි සිත්තමී.....!! ලැජ්ජයි අනේ...

      Delete
  7. ඈහ්....මේ පින්තූරෙ ඉන්නෙ ඔයාද සිත්තමී...මට නිකන් දැකලා පුරුදුයි පුරුදුයි වගේනේ......
    සිහින සිත්තමට සුභ පතන ගමන්ම ස්තූතියි කියලත් කියන‍වා බ්ලොග් මිතුරන්ගෙන් මගේ බ්ලොග් එකට ආපු අය අතර දෙවනියට ‍මාව කියවන්න ආවේ ඔයා....ඉතින් බ්ලොග් ලියන අනිත් අයට කමෙන්ට් එකක් දාලා දිරිගන්වන ඔයාට තවත් ලස්සනට බ්ලොග් එක හැඩ කරන්න පුළුවන් වේවි අනිවාර්යෙන්ම.......

    ReplyDelete
    Replies
    1. බිනරි කෙල්ලේ මම බ්ලොග් ආධුනික‍යන්ගෙ බ්ලොග්නම් අනිවා කියවනවා....මොකද ඒ අයට ශක්තියක් වෙන්නෙ අපි දාන කමෙන්ට් එකෙන්.බ්ලොග් ලෝකෙට පරණ බ්ලොග්කරුවන් බලන්නෙ අළුත් දේවල් අත්දැකීම් ගන්න...

      දැකල පුරුදුයි කිව්වේ සංසාර පුරුද්දක්ද?

      Delete
  8. 50ට තව 150 ලියන්න ආවඩා ආයුබෝ වේවා.. [කිව්වා හරිද මන්ද.. හිහි]
    සුභ පැතුම් සිත්තමී.. දිගටම ලියන්න.. ඔයා හරිම ලස්සන කෙනෙක්.. ඒ ලස්සන නැති කරන්න දුක් සිතුවිලි වලට ඉඩ දෙන්න එපා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජකරන්න එපා රෙඩ් එච්චරම ලස්සන නෑ...පින්තූර වලට මම කේහොමත් ලස්සනයිලු....හික්ස්

      ඔයත් පුළුවන් හැම වෙලාවෙම එන්න....ඊට කලින් හරියට විභාගෙ කරන්න කෙල්ලේ...

      Delete
    2. විභාගේට සුභ පැතුවට ගොඩාක් ස්තූතියි.. බ්ලොග් එකේ අලුත් පෙනුම නම් බොහෝම ලස්සනයි.. ජය වේවා.. :)

      Delete
  9. අඩේ පෝස්ට් 50න් ආධුනිකත්වය නැතිවෙනවද බොල?

    අපි නම් තාම කබ්බෝ ! :)

    ජය !

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අනේ බ්ලොග් ගැන දැන් චුට්ටක් දන්නවා...ඒකයි...ඔයාල වගේ බ්ලොග් කබ්බෝ අතරේනම් අපිට කියන්න නමක් නෑ....නමුත් අතපත ගගා ආපු ආධුනිකබව ටිකක් අඩුයි දැන්...

      Delete
  10. සුභ පැතුම් අනුවෝ
    තව පෝස්ට් දහස් ගානක් ලියන්න ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න කාලෙකින් මඩිස්ස කොලුවත් ඇවිත් හරිම සතුටුයි දැකීමත්...

      සිතූතියි නිශාන්...

      Delete
  11. ලස්සනයි අක්කි ඔයා..ඔන්න ඉස්සෙල්ලම කිව්වා.. :)

    ම්ම්..පෝස්ට් එකත් ලස්සනයි.
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු කෙල්ලේ....

      Delete
  12. Replies
    1. මම ඔයාට ස්තූතියි කියන්නෙ නෑ....බ්ලොග් ලෝකෙ ගොඩක් දේවල් කියල දුන්නෙ ඔයා....මේ තරම් දුර එන්න ශක්තියක් දුන්නනම් කමෙන්ට් කරන සහෝල වගේම ඔයත් ලොකු ශක්තියක් වුණා....

      Delete
  13. අඩේ....50යිද.....දාන්න පහක්...නෑ නෑ...පනහක්.....සුභ පැතුම් ඈ.....

    ReplyDelete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    දිගටම ලියමූඌඌඌඌඌඌඌ......අපි එනවලු බලන්න :)

    ReplyDelete
    Replies
    1. රාජ අනුග්‍රහය ලැබෙනවනම් කවුද අනේ නොලියන්නේ...

      දිගටම එන්න රජෝ....

      Delete
  15. මගේ උණුසුම් සුභපැතුම්!

    ReplyDelete
  16. සුභ පැතුම් සිත්තමි. :)))
    ඔයාත් ලස්සනයි සිත්තමියෝ....

    ReplyDelete
    Replies
    1. අනේ ලැජ්ජයිද මන්දා....හික්ස්....ස්තූතියි මදාරා කෙල්ල...

      Delete
  17. මගෙනුත් සුභ පැතුම් නංගී. අත්දැකීම් සහිත කෙනෙක් විදිහට වඩාත් සාර්ථකව ඉදිරි ගමන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ( සිත්තමීව දැක ගන්න ලැබුන එක ගැන සතුටුයි. ලස්සනයි හොඳේ :) )

    ReplyDelete
    Replies
    1. ඔය වචන ශක්තියක් වෙයි සිත්තමීට

      සිත්තමී මුහුණු පොතේවත් නැති නිසා සිත්තමට එන හැමෝම සිත්තමී දැකගන්න ආසයි කිව්වා ඒ නිසයි පින්තූරයක් දැම්මේ...

      Delete
  18. සිත්තමීගේ සිත්තමට වගේම කවිකමටත් දෙකටම සුබපතන්න මමත් එකතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ජීවිතේත් බ්ලොග් ජීවිතෙත් අත්දැකීම් බහුල ඔබගේ කමෙන්ටුව මට වටිනවා ගොඩක්

      Delete
  19. ජය වේවා සිත්තමි...!
    කවිම 36 ලියනවා කියන්නේ පට්ට නේ :)

    "නමුත් සිතින් සිය දහස්වරක් සිප
    සිත සනසනවා නොදැක ඔයා"

    මේ ටිකට ආසයි.මොකෝ පහුගිය දවස් ටිකේ මඩවති හම්බුනේ නෑ මට ;)

    ReplyDelete
    Replies
    1. මමත් ආසම පද ටික මඩයා....

      ඉක්මණින් මඩවතී හම්බවෙන්න...

      Delete
  20. සිහින සිත්තම් කරන සිත්තමිත් ගොඩක් ලස්සනයිනෙ.. :)
    සුබ පැතුම් 50 වෙනි පෝස්ටුවටත් වගේම තව තවත් නිර්මාණ කරන්න..!!!

    ReplyDelete
    Replies
    1. ඔයත් ගොඩක් දවසකින් නන්දු මේ පැත්තේ...

      ස්තූතියි ඔයාටත්....දිගටම එන්න

      Delete
  21. සුභ පැතුම්. තව ගොඩාක් ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි. ලස්සන අදහස්..

    ReplyDelete
  22. වයස ගැන හිතන්නෙ මොකුත් නොකරන අය.ඔබේ දැක්ම පැහැදිලියි.මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු....ඔයත් දිගටම බලන්න එන්න ඕනි....

      Delete
  23. නිතරම කවි ලියන්න, නිතරම කවි කියවන්න. ඔබට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. නිතරම කවි ලියනවා දැක්කොත් අනිවා බලනවා....

      Delete
  24. සුභ පැතුම් සිත්තමී!!!! ඔයාත් සිත්තමක් වගේ ලස්සනයි!!!!

    ReplyDelete
    Replies
    1. ඕහ් ස්තූතියි හිතූ....පිළිගන්නවා මගේ සිත්තමට ආදරෙන් ඔයාව....

      Delete
  25. සීත්තමී කෙල්ලටත්, සිහින සිත්තමටත්, අර්ධ ශතකයටත් රස්තියාදුකාරයාගේ උණුසුම් සුභ පැතුම්!!!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයාටත් සහෝ.....

      Delete
  26. මගෙනුත් ඔයාට උණුසුම් සුභ පැතුම් නංගි.....තව තවත් හොඳට බ්ලොග් එක සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි chams...

      ගොඩක් දවසකින් මේ පැත්තෙ ඒකටත් සතුටුයි...

      Delete
  27. අඩ්ඩඩ්ඩා...
    සුභ පැතුං වේවා 50ට...
    ඒ කීන්නේ දැං හෙන පරිණතයි නේ...
    හි හි...
    ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
  28. අපොයි එහෙමමත් නෑ...

    ReplyDelete
  29. සුභ පැතුම් සිත්තමී... තවත් බ්ලොග් පෝස්ට් 1000ක් 2000ක් ලියන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා... :D ;)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි යාළු....

      Delete
  30. හ්ම්... සිත්තමි හැඩයි නෙ. සිත්තමිගේ බ්ලොග්කරණයට සුබ පතනවා මං
    දිගු ගමනක් යන්ඩ වරම් ලැබෙන්ඩ කියලා..

    ජය වේවා !

    ReplyDelete
  31. බ්ලොග්කරණයේ සිත්තමීගේ ආදරණීය සහෝ.....

    50 වෙනි පෝස්ට් එකේ අවසන් කමෙන්ට් එකට හෝ නුඹ එක්වීම ගැන හිතේ සතුටක් තියෙනවා

    සිත්තමී ලියූ සියළුම ලිපි බැලූ ඔබ ඉදිරියටත් වටින සහෝ කෙනෙක් වේවි.

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදිත් නෙට් එන්ඩ පුලුවන් උනොත් අනිවා එන්නම්....

      Delete