දෙමාපිය සෙනෙහස
ඔබේ ආදරය
සමබර නොවුනොත්
එකම තරාදියක
රිදේවි මසිත
අනේ මහ හුඟක්.......
තේරුම් නොගෙන
විඳවන මගේ හිත
එකඳු පැත්තක් හෝ
බර වුනොත්
විඳවාවි මගේ ජීවිතේ
මියෙන තුරු මා
හැමදාම......
විඳගන්න බැරිවුනොත්
සමබර නොවූ තරාදියේ
මගේ ජීවිතය
මියෙනවා හැර
නැතිය පිළිතුරක්
තවත්
මගේ ජීවිතේට...... .
සිත්තමී ලියූ කවියක් වගේ කවියක් නොවූ සිතුවිල්ලක්......
තේරුම් ගත්තෝ තේරුම් ගනිත්වා නොතේරුනෝ මට සමාව දෙත්වා....
This comment has been removed by the author.
ReplyDeleteමට නම් දෙමවුපියන්ගේ ආදරේ පැත්ත පහතට ගිහින් අනිත් ආදරේ පැත්ත උඩ ආවට කමන් නෑ.. කොයි ආදරේවත් දෙමව්පියන්ගේ ආදරේට සම කරන්ඩ බෑ දරුවෝ... !
ReplyDelete"අතේ නැතත් සතේ අම්මා කියයි පුතේ "
මරදානේ ඉඳලා පංචිකාවත්ත පැත්තට යන ත්රීවිල් එකක පිටිපස්සේ එහෙම කියලා තිබ්බා.... :)
කවි සිතුවිල්ල ලස්සනයි සිත්තමි. ඔන්න මගෙන් තමා පලවෙනි කමෙන්ට් එක !
කොයි ආදරේවත් දෙමව්පියන්ගේ ආදරේට සම කරන්ඩ බෑ දරුවෝ... !
ReplyDeleteහරියට හිතට දැනුනා මධූ අයියේ....සිත්තමීත් මේ තරම් අසරණ වෙලා තියෙන්නෙත් ඒ දෙන්නාගේ ආදරේට ගොඩක් ආදරේ කරන නිසා...
නමුත් ජීවිතේ අසරණකමක් දැනෙනවා...
ගොඩාක් අය අසරණ වෙන තැනක් නංගී. ඒ තත්වෙ ඉඳල විඳවපු කෙනෙක් මිසක් වෙන කෙනෙක්ට ඒ දුක අනුමාන කරන්න බෑ.
ReplyDeleteකොහොම වුනත් දෙමාපිය ආදරේ තරාදියක දාලා කිරන්න එපා පලක් නෑ. ඒ බර අනිත් පැත්තෙන් සම කරන්න බෑ. අවුරුදු කීපයකදි දැකපු ආදරේට වඩා අවුරුදු 20ක් පුරාවට නොදැක නොදැනී ඔයාට ලැබුනු ආදරේ බර වැඩියි.
අනිත් කාරණේ ජීවිතෙන් නිදහස් වීම කියන්න කිසිම ගැටලුවකට විසඳුමක් නෙවෙයි.
කලින් දවසක කිව්වා වගේ සිත්තමී කියන්නෙ හිත හයිය කෙල්ලෙක් ඉතිං හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් තීරණයක් ගන්න ඉතුරු ටික කාලයා විසඳනවා.
සියල්ල කාලය විසදාවි....එහෙම හිතන් දැන් ජීවත් වෙනවා...
Deleteසිත්තමී කියන්නෙ හිත හයිය කෙල්ලෙක් ඉතිං හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් තීරණයක් ගන්න
හිතේ හයියට වැඩිය මේ වචන ටික හයියක්....
මේ සිතුවිල්ල මගේ හිතටත් තදින්ම දැනෙන දෙයක් සිත්තමී. දෙමව්පියන්ගෙ ආදරේ උපරිම විදිහට විඳින කෙනෙක් තමන්ගෙ ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න හිතාගෙන ඉන්න කෙනාගෙනුත් ඒ තරම්ම ආදරයක් ලබන්න බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට අපි මේ පාර්ශවයන් දෙකෙන් අපිට ලැබෙන ආදරය සංසංදනය කරල බලනවා. ඒත් මේ ලෝකෙ කිසිම ආදරයක් දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරයට සමාන කරන්න බෑ. ගිමන් කිව්වා වගේ
ReplyDelete"අවුරුදු කීපයකදි දැකපු ආදරේට වඩා අවුරුදු 20ක් පුරාවට නොදැක නොදැනී ඔයාට ලැබුනු ආදරේ බර වැඩියි."
ඒ දේ අපි තේරුම් ගන්න ඕනි. අනිත් එක ජීවිතේ අපි හිතන හැමදේම අපිට ඒ විදිහටම ලැබෙන්නෙ නෑනෙ නංගි...මේ වගේ ප්රශ්නයකදි ගොඩාක් බුද්ධිමත් විදිහට හිතලා ඒ ප්රශ්නෙ විසඳගන්නව මිසක් ඉක්මන් තීරන ගන්න එක නෙවෙයි කරන්න ඕනෙ.
හිතට හයියක් සහෝ....ඔය වචන ටික
Deleteහැබැයි දෙමාපියනුත් සමබර වියයුතුයි කියලයි හිතෙන්නෙ..
ReplyDeleteඔයාට තියෙන ප්රශ්ණය මේකයි එතකොට...!
අන්න ඒකයි මමත් කියන්නෙ වී....
Deleteමේක තමයි අද ගොඩක් කස්ටිය ටපල ගන්න තැන!
ReplyDeleteටැපලිලාමත් නෙවෙයි නාඩි දෙපැත්තටම අසරණ වෙලා...
Deleteමාරම මාරයි..හිතට වැදුනා ගොඩක් මේ ලියවිල්ල අක්කෝ,,සාර්ථක පෝස්ට් එකක්.. ජය!
ReplyDeleteඅයියෝ ඔයා සිත්තමිටත් වඩා බාලද... හෙනම චූටි ගෑල්ලමයෙක් නෙව. :)
Deleteඔයාගෙ හිතට වැදුන තැන මගේ හිත රිදුණ තැන හිරුවෝ
Deleteලස්සන අදහසක්. ඒ වගේම ඒතෙන් තේරුම් ගක්ක පුළුවන් වෙන ඔබගේ චර්යාවන් පිළිබදවත් දැනෙකවා. තවි තියෙන්න ඕන ඒ විදියට තමයි. දැංනං සිත්තමියෝ මටත් හිතෙනවා කවි ටිකක් නෙලල දාන්න. ඇත්තටම ඔය දෙකම එක තට්ටුවක දාන්න පුළුවන් විදියේ තට්ටු තරාදියකට දැම්මනං මක් වෙනවද?
ReplyDeleteකවි ටිකක් ලියන්න දේශකයා...මමත් එන්නම් බලන්න...
Deleteඔබේ ආදරය හමුවේ දෙමාපියන් විරුද්ධයි... එහෙමද ? තැවෙන්න එපා ධනාත්මකව හිතලා කරුණු පැහැදිලි කරන්න.... වැඩේ ගොඩ යයි.... මට එහෙම දෙයක් තමා හිතුනෙ... සමහර විට මම වැරදිද දන්නෙත් නෑ...
ReplyDeleteඔයාට හිතුණදේ තමා හරි
Deleteරැව්ලයි කැඳයි දෙකම ශෙප් කියන්නේ කැඳ එක මාර රහයි කියන එකනේ හොඳ නිර්මාණයක්
ReplyDeleteස්තූතියි රාජ්
Deleteසිරාවට මමත් හිතන පුරස්නයක් තමයි ඔය
ReplyDeleteඑහෙනම් තවත් හිතන්න
Deleteඇයි කෝරලේ මහත්තයෝ කොටුවක් පනින්න ආස හිතිලද? බනියා බනියි හොදේ. ජය
Deletesamahara welawata apita ape jiwithe amathaka karannath sidda wenawa thawa kenekuge sathuta wenuwen.
ReplyDeleteamma thaththa denna monawa kalath karanne thamange daruwange sathuta wenuwen ne. hama dema hodin wisadeyi nangi. oyage tharadiyat ikmanatama samabara weyi :D
samabara nowana tharadiya kohoma sama bara wennada ayiye.....
Deletemama wage digital scale ekak use kala nam ohoma wenne ne. :D :D
Deletetharadiyata depeththak ne. ekama adare amma witharamayi.
wihiluwak kale nangi. oya wedanawa mamath hodata dannawa. mata nam okata ekama piliyma owa gana mokawathma nohitha inna eka. owa gana upades denna nam mata therenne na.:/
rep mahaththaya.
කවිය නම් තේරුණා.. එත් මේ කවියේ "අනේ මහ හුඟක්" "හැමදාම" සහ "මගෙ ජීවිතේට" යන වචන නොදා තිබුණාන නම් කවියේ අරුත තවත් වැඩිවෙනවා.
ReplyDeleteඔබතුමා කිව්වට පස්සෙනම් මටත් ඒක හිතුණා....ඕනෑකමකින් ලියපු එකක් නෙවෙයි මේ පෝස්ට් එක....
Deleteපොහොම කල්පනාවෙන් වගේම පරෙස්සමෙන් මනින්න ඕනි දෙයක්....
ReplyDeleteහ්ම්....ඒක ඇත්ත තරුවා....
Deleteමන්දා දෙමාපියන්ගේ ආදරෙයි,ආදරවන්තයාගේ හෝ වන්තියේගේ ආදරෙයි පටලවා ගන්න හොද නෑ.ඒ දෙක වෙනස් දෙකක්.ඒත් එකක් වෙනුවෙන් එක පැත්තක අතාරින්න බෑ,ඒ දෙක හරියට තේරුම් අරන් අපි හැමදේම කලොත් අපි දිනනවා අනිවා......
ReplyDeleteඒත් මම පරදිනවා මඩයා....
Deleteමාර වැඩේ..හොඳට හිතල තීරණයක් ගන්න..!
ReplyDeleteහිතලත් මදි රෙහා....
Deleteලස්සන කවි සිතුවිල්ලක්.... ඒත් දෙමවුපියන්ගේ ආදරය කවදාවත් මනින්න බැහැයි කියලයි මට නම් හිතෙන්නේ...
ReplyDeleteඒක ඇත්ත සමනලී....
Deleteඅම්මප කවි ටිකනම් සුපිරියි...
ReplyDeleteපිළිගන්නවා මගේ සිත්තමට ආදරේන් ඔබව...බොහොම ස්තූතියි
Delete