ඉර අවරට යන සැදෑවක
නුඹ හමු වූ සොඳුරු මොහොතක
මගේ පෙම් හිත නැතිය අවනත
නමුත් සුරකිමි වෙනදා මෙන් මුනිවත
නිහඬ නුඹෙ හිත හැඟීම් දහසක
සඟවමින් ඉගිලෙනව දැක දැක
කොහොම ඉවසා ගම්ද මසිත
තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත
දඟකාර මුත් සඟවනු කෙලෙසක
සුවඳ විසිරෙන මලක් විලසක
ලබන්නට කල්පයක් නුඹෙ හිත
පුදමි සුවඳ මල් පුදසුනක් මත
බස් රේඩියෝ බ්ලොග් සතිය
ලස්සනයි සිත්තමී! ගෑණු ලමයෙකුට හිතෙන හැටි නේද!
ReplyDeleteඒකනේ ගැහැණු පිරිමි භේදයක් නැහැනෙ ආදරේට...ආදරේ නිහඩව ප්රකාශ කරන එකම ක්රමය සිපගැනීම..
ReplyDelete//..ලබන්නට කල්පයක් නුඹෙ හිත
ReplyDeleteපුදමි සුවඳ මල් පුදසුනක් මත..//
සුපර් අක්කි..ලස්සනම ලස්සනයි....
ඕහ්....ස්තූතියි කෙල්ලේ...
Deleteලස්සන සිතුවිල්ලක් වෙනද වගේම..
ReplyDeleteස්තූතියි රෙහානි...
Deleteලස්සනම ලස්සනයි අනු අක්කා
ReplyDeleteස්තූතියි මල්ලි පැට්ටෝ
Deleteඔයාලටත් පුදුම සිතුවිලි පහල වෙනවා නෙහ්. මරු මරු.
ReplyDelete"තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත"
අපි එහෙනම් අහක බලාගෙන ඉන්නම්. හික්ස් :)
ගැහැණු පිරිමි කියල සිතුවිලි බෙදල නෑනේ මධූ අයියේ...
Deleteඅහක බලාගෙන ඉන්න තරමට ලේසියි...හික්ස්....
මුළු කවියෙන්ම මගේ හිත ගියේ මේ කොටසට:
ReplyDelete"ලබන්නට කල්පයක් නුඹෙ හිත
පුදමි සුවඳ මල් පුදසුනක් මත"
ලස්සනයි! අහිංසකයි එ් පද පේළිය..
ස්තූතියි මුතූ අක්කියෝ...
Deleteඇත්තටම මගේ ආදරෙත් ඒ තරම්ම අහිංසකයි අක්කියෝ...
ඔබේ නිහඩ සිත හැගීම් දස දහසක
ReplyDeleteසගවනු කෙලෙස හිත තුල තෙරපෙන සෙනෙහස
ලබන්නට කල්පයක් නුබේ ඔය සෙනෙහස
පුරනෙමි පෙරුම් හැමදා නුබේ අහිංසක සිත අභියස..........
ආ.... කවද කවි ලියපු රෙපාලද මේ කවි ලියන්නේ....
Deleteමෙන්නෝ...රෙපාටත් මොනවද වෙලෝ...මොනව වුනත් මගෙනුත් එකතුකරන් ලියපු කවියට මම ආසයි..
රෙපාටත් ආදරේ හිතිල වගේ...හික්ස්...
//මගේ පෙම් හිත නැතිය අවනත//
ReplyDeleteෂෝක් නේ.....!දවසම ඔහොම ඉන්න ඇත්නම්...හි..හි..!
ෂෝක්ද අහනවා...බොහොම අමාරුවෙන් හිත මෙල්ල කරගන්නේ...ඒකෙ මොන ෂෝක්ද?
Deleteආදරේ ගැන හිතපු අහිංසක කවියක් සිහින...
ReplyDeleteමේ ටිකට හිත ගිය; එත් ඊටත් වඩා සැගවුණු ලොකු තේරුමක් දැනෙනවා..
"නිහඬ නුඹෙ හිත හැඟීම් දහසක
සඟවමින් ඉගිලෙනව දැක දැක
කොහොම ඉවසා ගම්ද මසිත
තබමි හාදුවක් ඔය දෙකොපුලක් මත"
ඇත්තටම ලොකු තේරුමක් තියෙනවා...ඔයාට තේරෙන්න ඇති මම හිතපු දේ...
Deleteමෙන්න මේ ගීය අහල බලන්න මේ කවියට සමීප අදහසක් නේද කියල
ReplyDelete'දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක්විය සිතුවිලි අතීතෙක"
- වික්ටර් රත්නායක-
ඇත්තටම සමීප අදහසක්...මම ඒ සින්දුව අහල නෑ...ස්තූතියි ඔබට..ඒ සින්දුවනම් අහන්නම ඕනි..
Deleteලස්සනයි
ReplyDeleteපිළිගන්නවා මගේ සිත්තමට ආදරයෙන් කසුන් ඔබව...පැමිණියාට ස්තූතියි ආයෙමත් එන්නකෝ...
Deleteඔයාගේ කවිවල පද ලස්සනයි.
ReplyDeleteස්තූතියි ඔබටත් සහෝ....
Deleteම්ම්ම්ම්....ලස්සනයි සිත්තමී...
ReplyDeleteස්තූතියි තරුවා...
Deleteඇත්තටම හිතිච්ච එකක්ද නගෝ ? පද ගැලපුම අපූරැයි ...
ReplyDeleteහි හි හී ඒකනම් සිතුවිල්ලක් පමණක්ම නෙවෙයිද මන්දා? අහිංසක සිත්තමීගේ අත්දැකීමක්ද මන්දා? හි හි හී..
ReplyDeleteලස්සන පද ටික සිත්තමි....
ReplyDelete"දඟකාර මුත් සඟවනු කෙලෙසක
සුවඳ විසිරෙන මලක් විලසක
ලබන්නට කල්පයක් නුඹෙ හිත
පුදමි සුවඳ මල් පුදසුනක් මත"
මේ මට නම් හිතට දැනෙන ටික
පිළිගන්නවා ආදරෙන් මගේ සිත්තමට මඩයාව...මම හිතන්නෙ ඔයාට වගේම ගොඩක් අය කැමති වුනෙත් ඔය පද ටිකට...
ReplyDeleteස්තූතියි ආවට ආයෙමත් එන්නකෝ එහෙනම්
හරිම ලස්සනයි..ඔයා ගොඩක් ආදරේ ගැන ලියලනේ :) මම නම් ආදරේ හිතෙන අයින් කරලා ඉන්න කෙනෙක්..කොහොම උනත් අපූරුයි! එන්නම්කෝ දිගටම හ්ම්ම්..:)
ReplyDeleteහිරු කෙල්ල මම හිතන්නේ මීට කලින් දවසක ඔයා ආවා...ආදරේ හිතින් අයින් කලා කිවිවට අපිට ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ...සැබෑ ආදරේ ජීවිතේ ඔයාගෙ හොයාගෙන එනකම් ඉවසන්න යාළු...සැබෑ ආදරේ ජීවිත වලට එන්නේ අපිට ගොඩක් දුක් දීල..
ReplyDeleteඅත්දැකීමෙන් කිව්වේ...හි හි හී