ඇසිපිය මත වූ කඳුලු බින්දුවක්
ඉබේම රූරා බිමට හැලෙනවා
අඳුරු අතීතයෙ රුදුරු මතකයන්
ජීවිතේම මට එපා කරනවා
ඇසිපිය මත මේ ලඟදී ඉදලා
කවුදෝ හිමිහිට දුව ඇවිදිනවා
ඇසිපිය තුල මත පමණක් නොවේය
හදවත වෙතටද රිංගා යනවා
ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
ඉසුරු ලබාදෙන්නටයි කියා
හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
ඉඩ විතරක් මට දෙන්න සදා
.
.
.
.
.
.
.
.
අමාරුවෙන් ලබාගත්ත ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ ලෝකෙ මට දාල යන්න දුක හිතෙන වෙනත් දෙයක් නෑ.........
(මේ ඔයා වෙනුවෙන් ලියපු කවියක් )
.
.
.
.
.
.
.
.
අමාරුවෙන් ලබාගත්ත ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ ලෝකෙ මට දාල යන්න දුක හිතෙන වෙනත් දෙයක් නෑ.........
(මේ ඔයා වෙනුවෙන් ලියපු කවියක් )
//.. ඇසිපිය මත මේ ලඟදී ඉදලා
ReplyDeleteකවුදෝ හිමිහිට දුව ඇවිදිනවා
ඇසිපිය තුල මත පමණක් නොවේය
හදවත වෙතටද රිංගා යනවා..//
ලස්සනම ලස්සනයි අක්කියෝ....
හැමදාම ලස්සනයි කියන්නේ අනේ කැතයි කියලවත් කියන්නකෝ...හි හි හී....
Deleteස්තූතියි පැංචියේ
හිතට ගොඩාක් දැනෙන කවියක් නංගි.
ReplyDeleteඅතීතයේ අදුරු මතකයන්
එපා කෙරුවත් ජීවිතය
අමතක කර අතීතය
ජිවත් වෙන්න සතුටින්
ආදරය වෙනුවෙන්ම
ඇත්ත අයියේ...අතීතයක් දැන් තිබුනෙත් නෑ වගේ....මේ ආදරේට මම ගොඩක් ආදරෙයි...
Deleteවිරහ කවියක්ද ආදර කවියක්ද විරහෙන් මිදිල ආදරේට ඉඩදෙන හිතක්ද! කොහොම වුනත් ලස්සනයි! එයා දැක්කොත් නම් ආදරේ තවත් වැඩි වේවි :)
ReplyDeleteවිරහවයි ආදරෙයි ආදරෙන් ඉල්ලීමකුයි ගොඩක් කථා ලියවිලා තියෙනවා ගිමන්...
Deleteඇත්ත මේ කවිය ලියල මම ගොඩක් කල් ...
"ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
ReplyDeleteඉසුරු ලබාදෙන්නටයි කියා
හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
ඉඩ විතරක් මට දෙන්න සදා "
හරි අහිංසක ඉල්ලීමක්
ඔය ඉල්ලීම ඒ විදිහටම ඉෂ්ඨ වේවා.......!
ස්තූතියි සහෝ.....ගොඩක් ස්තූතියි ඔබේ ප්රාර්ථනයට
Deleteහොද ආදරයක් එහෙම දාලා යන්ඩ පුලුවන්ද නෙහ්. :)
ReplyDeleteසිත්තමි තමන්ගේ වෙන්ඩ මහත්තයාට දිවි දෙවෙනි කොට ආදරේ කරන බව පේනවා.
ඔය දෙන්නගේ ආදරේට මම් දීර්ඝායුෂ පතනවා.
ඔයැයි වගේ ගෑල්ලමයෙක් ලැබෙන්ඩ ඔයැයිගේ වෙන්ඩ මහත්තයා පින් කරලා තියෙනවා.
කවි සිතුවිල්ල ගැන කියන්ඩ දෙයක් නෑ... ලස්සනයි... උපරිමයි !
ඇත්ත මධූ අයියේ...මට එයා ඇරෙන්න වෙන ජීවිතයක් නෑ මගේ පණ මගේ හුස්ම ටික....එයා නෙමෙයි ඒ ආදරේ ලබන්න මමයි පින් කරල කියෙන්නේ මධූ අයියේ..
Deleteඒ උනාට ඇත්තටම කියනවනම් ඒ ඇරෙන්න මට දාලා යන්න බැරි තව එක දෙයක් තියෙනවා ඒ තමා එතෙක් මෙතෙක් එකතු කරගත්ත ෆිල්ම් සැට් එක :D
ReplyDeleteහික්ස් ගොඩක් වෙලා ගිහින් කමෙන්ට් එක තේරුම් ගත්තේ...
Deleteආදරනිය කවියක්. දන එතකොට අවුද එයා.??
ReplyDeleteඑයාගෙ පින්තූරෙකුත් එක්ක මම කවියක් ලියපු එකක් තියෙනවා...මේ ඉන්නේ එයා තමා...
Deletehttp://wwwsihinasiththam.blogspot.com/2012/06/blog-post_27.html
වාසනාවන් වාසනාවන් ඔබේ දිවිමග වාසනාවේ
ReplyDeleteසුවහසක් මල් පිපේවා....
පැතූ පැතුමන්කුසුම් සුවඳින් දිනේවා...
බොහොම ස්තූතියි ඔබට...
Deleteකවිය ලස්සනයි.. අපි ඒක ගැන පස්සේ කතා කරමු..
ReplyDeleteදැන් කවුද මේක මේ විශේෂයෙන්ම ලියන්න හේතු උන එයා... :)
ඇයි අනේ මේ එයා අර අරයනේ...හික්ස්...ජුනි 27 උපන්දිනේකට සුභ පැතුවේ.....අන්න එයා තමයි එයා...එයාට ලියපු පරණ කවියක් මේක...
Deleteමතක අතීතය පසෙකින් වලලා..
ReplyDeleteඅනාගතය ගැන සිතනු සොඳා..
ලියන ඔබේ කවි හරිම අගේයා..
තව තව ලියන්න මොකද පමා.. :) :)
බිහිසුණු මතකය වැලි යට සගවා
Deleteමගෙ කුමරුන් හට ජීවිතයම පිදුවා
ලියන කවියට හැමදාම ඔබ පැසසුම් කරලා
දිරිය දුන්නත් නුඹ අනුපමා පමා.....
ගැලපෙන්නෙ නැද්ද මන්දා කවිපද ටිකනම් හිරුකෙල්ලේ මම අනුපමා...ඒකයි අනේ හැමදාම පමා....
//ඔබගෙන් නොපතමි කුමරුනි කිසිදා
ReplyDeleteඉසුරු ලබාදෙන්නටයි කියා
හැකිනම් ඔබගේ සෙවණේ ඉන්නට
ඉඩ විතරක් මට දෙන්න සදා //
ම්ම්ම්....ආදරණීය ඉල්ලීමක්.....ඉෂ්ඨ වේවායි පතනවා
ඔබේ ප්රාර්ථනාවට බොහොම ස්තූතියි බිනරි....
Deleteලස්සනයි... අෆ්ෆෙ බය නොවි ඉන්න කුමාරයා ඉඩ ලබා දෙයි නංගිට :)
ReplyDeleteඇත්ත මදාරා කුමාරයා ඉඩ දුන්නා....මේක එයා වෙනුවෙන් ලියපු පරණ කවියක්...
Deleteඇසිපිය මත දුටු දේ හදවත තුල පිබිදෙනවා
ReplyDeleteසිහිනෙන් දුටු ඒ රුව රහසින් හිනැහෙනවා
රුදුරු මතක නම් දැන් ටික ටික බොදවෙනවා
අලුත් දිවියට එන්නැයි හද කොදුරනවා...
වැටුණු කදුළු සැගවී හැඩවූ පෙරදා
මතු වෙන්නට හසරැල් ඒ සැම පරදා
ඔබ ලගමයි ඉන්නට ලංවී හැමදා
ඉඩ විතරක් මට දෙන්න සදා ....
නියමයි ආ.....පිළිතුරු කවියක්නම් ලියන්නෙ නෑ ඕන්....
Deleteරත්තරන් මැණික් මුතු මොකටද...ඒවා..
ReplyDeleteහිස් අතින් සිනාසිසී පැමිනේවා...
මට මතක් උනේ ඒගීතය. :))))
ස්තූතියි සහෝ....මම හැමදාම ලියන කවියට සමාන වෙන්න කොහේ හෝ ගීතයක් තියෙනවමයි...
Deleteලස්සනයි
ReplyDeleteමගේ සිත්තමට සාදරයෙන් පිළිගන්නවා ඔබව....
Deleteස්තූතියි ඔබට..ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...
ඕක නම් බලා ඉන්න හොඳ වැඩක් නෙවෙයි සිත්තමී. ඔය ඇසිපිය මත මොකෙක්ද දුවනවානම්. ඕකට කියන්නෙ body louse සිංහලෙන් ඌට කියන එක ගෑල්ලමෙක්ගෙ බ්ලොග් එහෙක දාන්න බැරි වචනයක්.
ReplyDeleteවිහිලු විහිලු!!
මට නම් මේ ආත්මෙට හදන්න බැරි ෂෝක් කවියක්!
henryblogwalker the Dude
ඔලුවේ ඉන්න ලේඬිනුත් ඇහිපිල්ලම් වලට බෝ වෙනවා :D
Deleteමගේ සිත්තමට ඔබව ආදයෙන් පිළිගන්නවා.... ස්තූතියි ඔබට ආයෙමත් එන්නකෝ මේ පැත්තට...
Deleteමේ අහිංසක පැතුම ඉටුවෙන්න කියා මමද පතමි...
ReplyDeleteඔබේ පැතුමට බොහොම ස්තූතියි සහෝ....
Deleteආදරේ බේරෙනවා
ReplyDeleteමගේ පැතුමත් කවදාවත් ඔයාගේ ආදරේ නැති වෙන්න එපා කියලා.
මම නැති වුනොත් ඇරෙන්න (මියගියොත්) මේ ආදරේ නැති වෙන එකක් නෑ නිශාන්...මා වෙනුවෙන් කල ප්රාර්ථනයට බොහොම ස්තූතියි...
Deleteහ්ම්....මේ.........ඔයා කිව්වෙ කවුද ඈ...
ReplyDeleteආදරයෙන් පෙනහළු පුරවන් හුස්ම දොතක් අරන්වගේ සුන්දර පබැඳුමක් ජිවිතය විඳින්න සුබ පැතුම්
ReplyDeleteඅම්මෝ ඒ වචන ටික හරියට දැනුණා....
ReplyDeleteආදරයෙන් පෙනහළු පුරවන් හුස්ම දොතක් අරන්
ප්රාර්ථනාවට ස්තූතියි රාජ් අයියේ....