කාලෙකින් ලිව්වෙ නැහැ කවියක්
නුඹ ගැන මතකය උහුලන්නම බැරි තැන
අහන් ඉන්නවනම් ලඟ පාතක
හුඟක් කවි ගොඩගැහිල හිතවට
කෑගහල වුණත් කියන්නම
වටින තරම් නුඹව මට
ආදර කවියේ පද පෙලක රස
දැනේද කිසිදා ආදරේ නොකල අයහට
අපි ලියූ ආදර කවියේ පද පෙල
විසිරුණා සීසීකඩ බලන්නට පෙර එහි අපූරුව
මටම නොහැගෙයි මගේ ජීවිතය ගැන
හෙටක් නොපෙනෙනා ඉසව්වක තනිව
විඩාබරයි නුඹ නොමැති ලොවම මට
නොදුටු හෙට දිනත් නුඹ වෙනුවෙන්ම හිඳ
නුඹටම ලියමි තව තවත් කවිපද
මතකයෙන්වත් යන්නට නොදී නුඹ හට
ජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි...
කවියට බොහෝ සුන්දර මෙන්ම අසුන්දර තැන්ද විවරකර දිය හැක ඇත්ත ජිවිතයම කවියකි.........
ReplyDeleteපොඩි දෙයක් කරන්න ඔය රතුපාටින් ලියල තියෙන අකුරුවල වර්ණය වෙනස් කරන්න පුලුවන්නම් කියවන්නාට එය මහත් පහසුවකි ස්තුතී
ඔබ කියන්නා සේ ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර තැන්ද ස්පර්ශ කල හැකි එකම දේ කවියයි....
ReplyDeleteස්තූතියි අයියෙ වැරැද්ද පෙන්නුවාට...මම වර්ණය වෙනස් කලා...
//..නුඹටම ලියමි තව තවත් කවිපද
ReplyDeleteමතකයෙන්වත් යන්නට නොදී නුඹ හට..//
ඔයාගේ කතාව නම් ඇත්තම ඇත්ත අක්කි..කවියත් දැන් හරියට කදුළු වගේ..දුකට සැපට හැමදේටම කවිය අපි ලගින්ම ඉන්නවා....
ජීවිතේම කවිය වෙලා....
ReplyDeleteසතුටටත් කවියක් /වේදනාවටත් කවියත් /තනිකමටත් කවියක් හැමදේටම වඩා සගවන්න බෑනෙ කවි සිත....දිය යට සගවන රබර් බෝලය වගේ...
ආදරය කවි පද බන්ඳනවා තමයි.. ඇත්තටම විරහවේ කවියක් වෙලා නම් ජීවිතේ අළුත් ආදර කවියක් ගොතන්න ලැබෙන්න කියල මම ප්‍රා ර්ථනා කරනවා...
ReplyDeleteපිළිගන්නවා ආදරෙන් මගේ සිත්තමට ඔබව...
ReplyDeleteවෙලාවකට ලියන කවි නිසා ගොඩක් අය අතරමන් වෙනවා...කවිය ජීවිතයට ළගයි නමුත් කවිය තුල සැබෑ ජීවිතයම විටෙක නැහැ..ඒක මට වඩා තරූ දන්නවා...මෙ කවිය මම ලිව්වෙ විරහව විදින කෙනෙක්ගේ ජීවිතයේ සිතුම් පැතුම් වලට එබිකම් කරලා..
කවි ලියන්න මම ආස නිසා..කවියේ සාර්ථකත්ව ගැන නම් දන්නෙ නෑ නමුත් ලියනවා..
ඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි...මම ආදරේ මිහිරියාව විදින කෙනෙක්...ජීවිතේම ඔහු නමට පුදල ඔහුගෙන් ආදරේ ලබන කෙනෙක්.....
ස්තූතියි ආවට මේ පැත්තට ආයෙමත් එන්නකෝ...
//ජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි...//
ReplyDeleteඇත්ත ඇත්ත....
නියමයි...කවි ටිකත් :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි අඩවි රජ...
Deleteඔබටත් තව තවත් රාජ සම්පත් භුක්ති විදින්න ලැබේවා.....
මම හිතුවෙ සිත්තමීට ඇත්තටම දුක හිතිල කියල! බලනකොට හොඳ වෙලාවට මේ සංකල්පනාවක් විතරයිනෙ. :)
ReplyDeleteකොහොම වුනත් විරහවේ දුක් රසය හැබෑවටම වගේ සිත්තම් කරල තියෙන හැටි නම් අගෙයි!
විරහවේ දුක හැබෑවටම සිත්තම් කරන්න සිත්තමීට පුළුවන් වුනේ සිත්තමීත් මේ ආදරේ ලබන්න කලින් විරහවේ දුක වේදනාව තනිකම හොදින් විදපු නිසා වෙන්න ඇති ඒ දුක් වින්දටත් වැඩිය දැන් සතුටින් ආදරේ මහමෙරක් තරම් විදිනවා...
Deleteනමුත් කවි ලියන්නනෙ අතීතය ගැන හිතල නම් නෙමෙයි...විරහව දැනුනම හිතට නැගෙන සිතුවිලි මොනවගේද කියල හිතල ඒක කවියකට ගන්නවා..
ලස්සනයි...
ReplyDeleteස්තූතියි පුබුදු...
Deleteඒකනේ... ආදරේ කරපු නැති ඈයෝ දන්නේ නෑ ආදර කවියක රස !!!
ReplyDeleteගොඩක් අයට ආදරේ සුන්දර අත්දැකීමක් උනාට දැන් නම් මම ඔය වචනයටවත් ආස නෑ !!!
ඔබතුමියගේ කවි පෙල ලස්සනයි !!
කෑගහලා කියන්න තරම් ආස හිතෙන ආදරයක් ලබන්න සිත්තමි පින් කරලා තියෙනවා ! අපි ඒ ආදරේට සුබ පතනවා !
ජය වේ !
ගොඩක් අයට ආදරේ සුන්දර අත්දැකීමක් උනාට දැන් නම් මම ඔය වචනයටවත් ආස නෑ !!!
Deleteමටත් මේ වගේ කාලයක් තිබුණා මධූ අයියේ...නමුත් සැබෑ ආදරේ කවදම හරි හොයන් එනවා..දුකක් නොදී ජීවිතයට සතුට විතරක් දෙන්න..ඒ දවස වෙනකම් ඉන්න..
මටත් ආදරේ ලැබුනෙ හරි අමාරුවෙන්...ලැබුන ආදරේ වෙනුවෙන් මැරෙන්න වුනත් පුළුවන් දැන්.මැරෙනකම් කෑගහල කියන්න පුළුවන් මම එයාට ගොඩක් ආදරේ කියල...
අනේ මන්දා අනූ :)
ReplyDeleteඇයි නිශාන් ඔයා කියන්න වගේ මේක සිතුවිල්ලක් විතරයි....
Deleteහ්ම්...හ්ම්...!..:)))
ReplyDeleteවී පොකුර මොකද මේ කවදාවත් නැතුව හ්ම් හ්ම්...වචනයක් කිව්වනම් නරකද?..
Deleteමම ආසයි කවිය ගැන කියනවනම්...
සෑහෙන්න ලස්සන කවි ටිකක්...
ReplyDeleteස්තූතියි තරුවා...ඔයාගෙ වචනෙන් තවත් කවියක් ලියන්න පණ ආවා...
Deleteකවියට ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.. මේ මට වගේ..
ReplyDeleteඅපූරු සිතුවිල්ලක් අනූ.. ලස්සනයි..
ඔයා තරම් කවිය ගැන දන්න කෙනෙක් නෑ දිනේෂ්...
Deleteඅංකුර කිවිඳියකගේ හැබෑම දක්ෂතායන් එළිදැක්වූ මොහොතක්. මේ කවිය ඊට හොඳම නිදසුනක්. පද ගැලපීම වගේම කවිය පිළිබඳව කියෙන් කියන අදහස දෙකම මනාව ගැලපෙනවා. කිවිය කියන්නේ වචන කීපයක් එක්ක කරන හරඹයක් ඒක ඔබේ අතින් ගොනු කළ සිතුවිලි පද වලට පෙරළි ඇත්තේ දක්ෂ කිවිඳියකගේ ඇසින්.
ReplyDeleteකවිය පිළිබඳව නිරන්තර අභ්‍යාස කරන්න එතකොට අලුත් අදහස් අලුත් විදියට ලියන්න හැකිවේවි.
බොහොම ස්තූතියි ඔබේ අදහසට...මට වටිනව ඔබේ අදහස්...
ReplyDeleteලස්සනයි සිතූ...ඇත්තමයි හිතට හුගාක් දැනුනා...
ReplyDeleteස්තූතියි ශෂී...
Deleteජීවිතයට කවිය කොයිතරම් ලඟද සතුට හිමිවුණත් දුකම හිමිවුණත් අපේ ජීවිතයේ සියළු දේම අයිතිකරගෙන කවිය ජීවිතයට සහනයක් දෙනහැටි" ඇත්තම ඇත්ත...
ReplyDeleteපිළිගන්නවා මගේ සිත්තමට ඔබව ආදරයෙන් රෙහානි...
Deleteඔයාටත් කවිය ජීවිතයට ගොඩක් ලගයි වගේ....
ඔන්න අපිත් කියව්වුවා කවි..සුබ පැතුම්
ReplyDeleteආදරෙන් පිළිගන්නවා සිත්තමට හිතුවක්කාර පන්හිද ඔබව ...ස්තූතියි පැමිණියාට ආයෙමත් එන්නකෝ....
ReplyDeleteසිතුවිල්ල ලස්සනයි අනු..මන් ගොඩක්ම ආස අවසානයෙ ලියලා තියෙන වාක්‍යයට....
ReplyDeleteස්තූතියි නිෂ් කෙල්ලේ...
ReplyDeleteනුඹටම ලියමි තව තවත් කවිපද
මතකයෙන්වත් යන්නට නොදී නුඹ හට
මේ ටික වෙන්න ඕනි නිෂ් කෙල්ලගෙ පපුවටම වැදෙන්න අනූ ලියපු පද පේලිය...
මගේ බ්ලොග් එකේ මම දැනට කවි ලියල තියෙන්නේ තුනයි.ඒ කවිලියවුන අවස්ථා තුනේදීම මට දැනුනු ඒ හැඟීම. ඒ සිද්දීන් කවියෙන් ලස්සනට මතුකරගන්න පුළුවන්.
ReplyDeleteමම ඔබ අතින් ලියවුන කවි දැකල නෑ...බලන්න ඕනි...
ReplyDeleteවිරහවෙත් අමුතු ගතියක් තියෙනවා,එකනේ ගොඩක් නිර්මාණ විරහව මුල්කරගෙනම කරන්නේ;)
ReplyDeleteවැඩිපුර ජනප්‍රිය වෙන්නෙත් විරහ ගීත නොවැ :)
ඒක මමති පිළිගන්න දෙයක් මඩයා...
ReplyDeleteජීවිතේත් කවියක් වෑඅ වුණාම ඔහොම තමා :)
ReplyDeleteඇත්ත සහෝ...මුළු ජීවිතේම කවියක්...
ReplyDelete