ඔන්න පළවෙනියටම පාසලේ දී කල දඟ වැඩේ ගැන බලපු ඔයාලගේ ඉල්ලීම සහ ප්‍රතිචාර අනුව දෙවනි කථාවටත් මුල පුරන්න කලින් හිතුවා අර තඩිබඩා එක්ක යාළුවො වුනේ කොහෙමද කියල කියන්න.හැමෝටම හරි ප්‍රශ්නයක් වුණානෙ ඒ මාරාන්තික දර්ශනේ බැලුවම හොදම යාළුවෙක් වුනේ කොහොමද කියල.ඒ පෝස්ට් එක බැලුවෙ නෑ ඉතින් ඕකට අඬන්න ඕනිද? ඔන්න මෙතනින් ගිහින් බලලම එන්නකෝ
නැත්තම් මේ කථාව බලල වැඩක් නෑ මොකද විස්තර අඩුයි මේකේ. හරි කොහොම නමුත් අපි බහිමු කථාවට පොප් කෝන් එකක් එහෙම ළගට ගත්තද? සින්දු නම් නෑ ඔන්න ඕන් කථාව අපි මේ සිද්ධිය වෙද්දි 10වසරෙ මුල. අපි දෙන්නගෙ පොඩි පොඩි වලි තිබ්බා මතකනෙ මුල් වලිය එදයින් පස්සෙ පොඩි පොඩියට වලි ගියත් සාර්ථක ඒව බිහි වුනේ නෑ චිත්‍රපටියකට වගේ සුදුසු භූමිකාවක්. ඒ නිසා ඒව වැඩක් නෑ.ගෑහැණු ළමයින්ගෙ පෝලිමේ ඉස්සරහින්ම ඉන්නෙ මම පිරිමි ළමයින්ගෙ පෝලිමේ අවසාන පේලියේ බිත්තියට හේත්තුවක් දාගෙන ඉන්නෙ ගයි.පන්තියෙ පාඩම් වැඩ වලදි වුණත් ටීචගෙ ප්‍රශ්න වලට වුනත් අපි දෙන්න දෙපැත්තෙ ඉදන් වලි..ටීචලා වුනත් අපි දෙන්නගෙ රණ්ඩු ගැන දන්න නිසා පස්සෙ පස්සෙදි ඒක ගානක් වුනේ නෑ කාටවත්ම..
විවේක කාලයේදී පන්තියේ පිරිමි ළමයි හැමදාම ක්‍රිකට් ගහනවා..ගෑණු ළමයි ටිකත් කාල ඉවර වුණාම දෙයියනේ කියල මැච් එක බලන්න යනවා ග්‍රවුන්ඩ් එකට.දවසක් තඩියා ක්‍රිකට් පාරක් ගහන්න ගිහිල්ලා පොර දැන් පන්දු රකින පැත්තේ.එහාට දුවනවා මෙහාට දුවනවා බතලෙ වගේ.
ෆැවිලියන් එකේ ඉදගෙන මම මැච් එකේ විස්තර විචාරය දෙනවා නරඹන ප්‍රේක්ෂිකාවන්ට මෙහෙම "දිව යනවා අතුල වමතින් ගෙනියන බෝලය දකුණතින් විසිකරන්න" "පන්දුවට මුහුණ දෙන කරෝලයා (මතක තියාගන්න මේ නම ඉස්සරහට හරි වටී) දකුණත් පිතිකරු පිළිගනිමින් පන්දුව සුපුරුදු දක්ෂතාවය සමගින් දණහිස නමමින් දැවැන්ත හයේ පාරක් හෝ හතරේ පාරක්...නියමයි සමහර විට ඒක උඩපන්දුවක් වෙන්නත් බැරි නෑ තඩිබඩාගෙ ආවරණ කලාපය නිසා."
ඇත්තටම දැවැන්ත පහර තාම අහසෙ මමත් උඩ බලාගෙනම විස්තර විචාරයත් අමතක වෙලා ළග හිටපු එකාට පිටට පහරක් දුන්නෙ වෙන්න යන දේ ඉවෙන්ම තේරුණ නිසා සතුට වැඩිකමට.උඩපන්දුව ඉතා දක්ෂ ආකාරයෙන් රැකගන්න හිතන් තඩිබඩා කලිසමේ එහෙම අත්දෙක පිහිදගෙන ලෑස්ති වුණා.පන්දුව ඈත්වෙන්න වෙන්න තඩිබඩා පස්සෙන් පස්සට ගිහින් පිට්ටනියෙ පැත්තකින් පහලට ලිස්සලා වැටෙනවා..අපේ පාසලේ පිට්ටනිය ටිකක් උසයි වටේම පල්ලම ඒකයි එහෙම වුනේ.තඩිය වැටුනා පහලට බතල ගෙඩියක් වගේ රෝල් වෙලා යනවා මගේ ඇස් දෙකින්ම දැක්කා ඉතින් මට කොච්චර හැපී කියලද හිතන්නෙ.වාඩිවෙලා මැච් එක දිහා බලන් හිටපු මම උඩ පැනල අරූ වැටුනා හුරේ..... හූ..... හූ පාරක් දෙන ගමන් අත්පුඩි ගහ ගහ නැගිට්ට. (නෑ.... නෑ... නැගිටුණා.) ඉහවහ ගිය සතුට දෝරෙ ගලන්න කලින් කෙලිකම අම්ම මහල දුන්න අළුත් සුදුගවුමෙ සාක්කුවට දාල මම කෑ ගැහුවෙ..
විවේක කාලයේදී පන්තියේ පිරිමි ළමයි හැමදාම ක්‍රිකට් ගහනවා..ගෑණු ළමයි ටිකත් කාල ඉවර වුණාම දෙයියනේ කියල මැච් එක බලන්න යනවා ග්‍රවුන්ඩ් එකට.දවසක් තඩියා ක්‍රිකට් පාරක් ගහන්න ගිහිල්ලා පොර දැන් පන්දු රකින පැත්තේ.එහාට දුවනවා මෙහාට දුවනවා බතලෙ වගේ.
ෆැවිලියන් එකේ ඉදගෙන මම මැච් එකේ විස්තර විචාරය දෙනවා නරඹන ප්‍රේක්ෂිකාවන්ට මෙහෙම "දිව යනවා අතුල වමතින් ගෙනියන බෝලය දකුණතින් විසිකරන්න" "පන්දුවට මුහුණ දෙන කරෝලයා (මතක තියාගන්න මේ නම ඉස්සරහට හරි වටී) දකුණත් පිතිකරු පිළිගනිමින් පන්දුව සුපුරුදු දක්ෂතාවය සමගින් දණහිස නමමින් දැවැන්ත හයේ පාරක් හෝ හතරේ පාරක්...නියමයි සමහර විට ඒක උඩපන්දුවක් වෙන්නත් බැරි නෑ තඩිබඩාගෙ ආවරණ කලාපය නිසා."
ඇත්තටම දැවැන්ත පහර තාම අහසෙ මමත් උඩ බලාගෙනම විස්තර විචාරයත් අමතක වෙලා ළග හිටපු එකාට පිටට පහරක් දුන්නෙ වෙන්න යන දේ ඉවෙන්ම තේරුණ නිසා සතුට වැඩිකමට.උඩපන්දුව ඉතා දක්ෂ ආකාරයෙන් රැකගන්න හිතන් තඩිබඩා කලිසමේ එහෙම අත්දෙක පිහිදගෙන ලෑස්ති වුණා.පන්දුව ඈත්වෙන්න වෙන්න තඩිබඩා පස්සෙන් පස්සට ගිහින් පිට්ටනියෙ පැත්තකින් පහලට ලිස්සලා වැටෙනවා..අපේ පාසලේ පිට්ටනිය ටිකක් උසයි වටේම පල්ලම ඒකයි එහෙම වුනේ.තඩිය වැටුනා පහලට බතල ගෙඩියක් වගේ රෝල් වෙලා යනවා මගේ ඇස් දෙකින්ම දැක්කා ඉතින් මට කොච්චර හැපී කියලද හිතන්නෙ.වාඩිවෙලා මැච් එක දිහා බලන් හිටපු මම උඩ පැනල අරූ වැටුනා හුරේ..... හූ..... හූ පාරක් දෙන ගමන් අත්පුඩි ගහ ගහ නැගිට්ට. (නෑ.... නෑ... නැගිටුණා.) ඉහවහ ගිය සතුට දෝරෙ ගලන්න කලින් කෙලිකම අම්ම මහල දුන්න අළුත් සුදුගවුමෙ සාක්කුවට දාල මම කෑ ගැහුවෙ..
කට්ටියට උස්සල ගන්න පුළුවන්වත් සයිස් එකක්ද එයාට තිබ්බෙ.පල්ලමට රූටලා ගියපු තඩියා අමාරුවෙන් කන්ද බඩගාගෙන උඩ ඇවිත් ඉතුරුටික එන්න අත දික් කරනවා. අත දීල උඩට ගන්න හදන එකත් තඩිය ඇදල පල්ලමට දාගන්නවා හිනා වැස්සයි සාගරයයි කිව්වලු.කොහොමින් හරි ලණුවක් දාල පල්ලමේ ඉන්න අයයි තඩියයි මුළු පන්තියම උඩ ඉදන් ඇදල ගත්තා.තඩියා ඇතුළු පල්ලමට පත බෑවුණු සියල්ලන්ම දැන් ගොඩ.කිව්වට විස්වාස කරන්න මුළු ඇගම තඩියගෙ සීරිලා දණිස්සෙන් ලේ ගලනවා හරියට මහවැලි සොරොව්ව ඇරිය වගේ.තාම අපි පිට්ටනියේ ඉන්න නිසා වතුරත් නෑ.කොයි වෙලේත් වලි දාගත්තට මොකද පවු කියල හිතුණා.තරහ කාරය වුනත් අසනීපයක් වුනොත් නොබල ඉන්න එක හරිනෑනේ.ඔච්චර දේවල් එවලෙ මම හිතුවෙ නෑ ඉනේ ගහල තිබුණ මගේ අහිංසක ලස්සන පිරිසිදු ලේන්සුව ත්‍රිකෝණ ආකාරයට නවල තඩියගෙ කකුලෙ බැන්ද?ඔයාමද බැන්දෙ කියලද අහන්නෙ ඔව් මම තමයි බැන්දෙ? පන්තිය අයගෙත් මීටරේ ටිකක් වෙලා යනකම් වැඩ නැති වුණා වගේ.කටවල් ඇරිල ඇස් පුංචි වෙලා සමහරුන්ට හීන්දාඩියත් එක්ක සුළු කලන්තෙ ඔය වගේ දහසක් රෝග මතුවුණා මම කරපු වැඩේට.ඇයි ඉතින් අපි දෙන්නගෙ හැටියට කවුරුවත් මෙහෙම දෙයක් වෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ නැතුව ඇතිනේ.එදා උණු වෙච්ච හිත ආයෙමත් තඩිය නිසා ගල් වුණේ නෑ.එයත් නොසිතූ නොපැතූ වෙලාවක මා කල වීර ක්‍රියාව ගැන හැමදාටම හිතේ තිබුණා..(වීර ක්‍රියාවක් නෙමෙයිනම් ඔන්න මොකක් හරි)
පහුවෙනිදා උදේ පාන්දරම පන්තියට ඇතුල් වෙද්දි තඩිබඩා සුන්දර සුකොමල හිනාවත් එක්ක හරියට සිග්නල් ඇඩ් එකකට නළුවෙක් ඉන්ටවුබෝඩ් එකට ගියාවගේ මට විරිත්තගෙන පන්තිය ඉස්සරහම මේසෙ උඩට තඩි පස්ස පොඩ්ඩක් තියාගෙන හේත්තු පාරක් දාගෙන...ගුඩ් මෝනින් කියාගත්ත ගමන් අප්පට බොල මේකට මොනාවෙලාද?
(විශේෂයි.. අපේ පාසලේ බුද්ධාගමේ ළමයි තමයි ගොඩක්ම හිටියේ ක්‍රිස්තියානි ආගමේ එක ළමයෙකුයි මුස්ලිම් ආගමේ එක ළමයෙකුයි අපි දන්න තරමින් ඒ දවස්වල හිටියේ අපි උදෑසන කවදාවත් මුහුණට මුහුණ හමුවෙද්දි ගුඩ්මෝනින් කියන්නෙ නෑ.අත්දෙක එකතු කරල අනෙකාට යන්තමින් හිසනමල බුදුසරණයි කියල තමයි කියන්නේ)
එවැනි අචාරශීලීත්වයක් පාන්න තරම් අපි අතරෙ සුහද බවක් නැතිවුණ කොට මෙහෙම හරි ගුඩ්මෝනින් කියපු එක මදැයි.හිතනවද මමත් ගුඩ්මෝනින් කිව්ව කියල පිස්සුද එයා කල වැඩේ හෙලා දකින්න මම අත්දෙක එකතු කරල බුදුසරණයි කිව්ව.වෙනදනම් මෙයාව මූණට හම්බවෙනවනම් කොහොම හරි මග අරිනවා අද එහෙම කලේ නෑ.එයාටත් හිතෙන්න ඇති කලේ මෝඩ වැඩක් කියල එයත් අත් දෙක එකතු කරල බුදුසරණයි කිව්වා.කියල පුංචි බෑග් එකක් මගේ අතට දීල තෑන්ක්ස් ඔයා ඊයෙ උදව් කලාට කිව්වා..රෝස පාට ලේන්සුවක් කවරෙ ඇතුලෙ තිබුණා..හිතුව නේ මම ගත්ත කියල .මම එහෙම කරනවද ෂික් එහෙම නොන්ඩි වෙනවද?මට ඕනි පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නනේ.ඒ නිසා තෑන්ක්ස් ගයි...(මේ නම කිව්වෙ මම පළමු වතාවට) මම ඔය ලේන්සුව ගත්තොත් ඊයෙ කල උදව්වට ඔයා ණය ගෙව්ව වගේ වෙනවනේ.ඒනිසා මම මේක ගන්නෙ නෑ.ඔයා හැමදාම මට ණයක් ගෙවන්න තියෙනවා ණයක් නෙවෙයිනම් මම අඩුගානෙ ඔයාට උදව්වක්වත් කලානෙ කියල හිතේ තියන් ඉන්නකෝ..ඒ ඇති..... ෂික් කොහොමද මගෙ ටිකිරි මොලේ.. එවලෙට ආපු වචන ටිකක් අනේ ඒක..එයා අත දික්කලා Friends..... ඔන්න ඔහොම ඉන්න එපැයි...ඒකටනම් මම පැනලා දුන්න අත Ok Friends..... හැබැයි මාත් එක්ක ලොකුකම් බෑ...නිකම් හිටියෙ නෑ මමත් දණිස්ස නවල දුන්නෙ හයේ පාර..සිහින් සිනාවක් දාල ගයියා ගියා පන්සිල් ගන්න..
එදයින් ඇරඹුන ආදරණීය සහෝදරත්වය හැමදාම ඒ විදියටම තිබුණා...
හැමෝම අහපු නිසයි ඔන්න මේ කථාව කිව්වේ දගවැඩ මෝඩවැඩ ගුස්පිවැඩ ඊළග පෝස්ට් එකෙන් දාන්නම්...
හැමෝම අහපු නිසයි ඔන්න මේ කථාව කිව්වේ දගවැඩ මෝඩවැඩ ගුස්පිවැඩ ඊළග පෝස්ට් එකෙන් දාන්නම්...
අහහ්..මේ තියෙන්නේ තව රස කතාවක්....
ReplyDeleteහැබැයි අක්කියෝ මට නම් ඊගාව පෝස්ටුව දානකම් තමයි ඉවසන් ඉන්න බැරි..මොකටවත් නෙමෙයි අර ඔයා කියපු දගවැඩ මෝඩවැඩ ගුස්පිවැඩ අන්න එව්වා මොන වගේද කියලා බලාගන්න....(හේ..හේ..)
ඉවසන්න ඉවසන්න එකපාරටම දැම්මම ඒකෙ තියෙන රසේ නැතිවෙනවානේ හැබැයි ඊළග කෑල්ල තවත් රසවත් හොදේ....
Deleteවාවූ,.,.,., ඉක්මනට ඊලග දග වැඩෙත් දාන්න මේක මරු ඈ
ReplyDeleteඊළග කෑල්ල තවත් රසවත් ...ඉක්මණට දාන්නම්කෝ...
Deleteපොඩිකමට වුණත් දඩ ටෝක්ස් ටිකක් නේ දීලා තියෙන්නේ :D
ReplyDeleteහි හි හී...අනේ පොඩිකම තියෙන්නෙ දැන්.ඉස්කෝලෙ කාලෙ ඇත්තටම කිසිම පොඩියක් නෑ...දගමල්ලක්..නමුත් හරිම සුන්දරයි..තවත් කථා ගොඩක් තියෙනවා බලන්න එන්නකෝ ඒවත්
Deleteහ්ම්ම් ඔයා ඉතිං දැනුත් එහෙම තමයි නේ. හැමෝටම උදවු කරනවානේ. සිද්දිය මැවිලා පෙනුනා :D :D නියමයි ඇ..
ReplyDeleteඇත්තටම මම ආසයි හැමෝටම උදව් කරන්න ජීවත් වෙන්න ඒක මගේ අම්මගෙන් මට ලැබුණ දායාදයක්..
Deleteමරු කතාව නොවැ! බොරු කියන්න ඕනෙ නැහැ අර ලේන්සුව නවල තුවාලෙට තියල බදිද්දි මම නම් හිතුවෙ අර හින්දි ෆිල්ම් වල වගේ තවත් ලව් ස්ටෝරියක ආරම්භයද කියල! :D
ReplyDeleteඅපොයි නෑ ...ගයි කියන්නෙ ආදරණීය යහළුවෙක්..ගයි මේ වෙද්දි විවාහ වෙලා .මම ගයිගෙ යාළුවාව විවාහ කර ගන්න ඉන්නේ.. හි හි හී..
Deleteඒව ඔක්කොම රස කථා..හිමින් කියන්නම්කෝ විස්තර...
අඩේ මරු නේ. තඩි බඩා (ගයියා) මරු කොල්ලෙක් නේ. මොනා උනත් ඌ හිත හොද එකෙක් !
ReplyDeleteඑහෙනම් ඉදිරියේදි ලියමු බලන්ඩ සිත්තමි කරපු දඟවැඩ එහෙම !!!
ඇත්තටම එයා මරු කොල්ලෙක් යාළුවන්ට...සදාදර මිතුරෙක් හැමෝටම එහෙම වුනේ කවුරු නිසාද මේ මම නිසා කාටද ඉතින් ආඩම්බර මටනේ මධූ අයියේ
Deleteමට අර දගමල්ල කතාව මතක් උනා
ReplyDeleteමේ කථාව බලල දගමල්ල කියල දැම්මනම් ඉදිරියට මට මොනව නොකියයිද? හි හි හී තාම දගවැඩ කලේ නැතෝ..
Deleteඒව ඉස්සරහට ...
පින්අතේ වැඩත් කළා එහෙනම් :ඩ්
ReplyDeleteතව නැද්දෝ???
ඕනිතරම් තියෙනවෝ...දිගටම එන්නකෝ රසම හරිය පස්සට ඉතුරු කලා..
Deleteඑහෙනම් එහෙමලු උනේ ආ.. ඉස්කෝලේ කාලේ ඉතින් මොන තරහවල්ද? ටික කාලෙනේ ඕවා තියෙන්නේ?
ReplyDeleteඒකනේ ...දිනේෂ්...
Deleteමරු මරු.....ඈ හොද ළමයි...
ReplyDeleteක්‍රිකට් විස්තර විචාරයට හිනා යනවා....
කතාව හරිම ලස්සනට ලියලා තියෙනවා නංගී....
මමත් පාසල් කාලෙ හොද තුන් ඉරියව් ක්‍රීඩිකාවක් අක්කියෝ ඉගනගන්න / ක්‍රීඩාව / බාහිර වැඩ හැමදේම බැලන්ස් බාහිර වැඩ වෙනුවට සින්දු කිව්වා චිත්‍ර ඇන්දා නැටුම් නිවේදන කටයුතු නොකල දෙයක් නෑ..
Deleteඒ නිසා රස කථා සාගරයයි...
මම හැමදාම ක්‍රිකට් විස්තර විචාරයනම් දෙනවමයි..
බලාන යනකොට මේ කෙල්ලත් සෙල්ලම් නෑ... එහෙම තමා ඉන්න ඕනෙ... ජය!
ReplyDeleteහි හි හී...දගවැඩ කෝටියයි..
Deleteමරු ඈ... හෙන දගයෙක් වගේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හුරේ.... මටත් අද ඉදල රාජ සම්පත් ලැබෙනවෝ....මගේ හදහනෙත් තිබුණා රාජ ගෞරව ලැබෙනවා කියල.ඒත් මම විස්වාස කොරේ නෑනේ.
Deleteසතුට වැඩිකමට පිළිගන්නත් බැරිවුණා...සාදරයෙන් පිළිගන්නවා මහ රජතුමනි
මේ දුප්පත් වැසියාට සමාකර දුගී පැල්පතට ආවාට..ආයෙමත් එහෙනම් එන්නකෝ....
(මේ කට්ටියගෙන් අහන්නේ රජාව මුරුංග අත්තෙ තිබ්බ වැඩිද මන්ද? වැඩියිනම් කනට කරල කියනව හොදයි නැත්තම් රාජ උදහසට ලක්වෙයි ඕන් නොකිව්වයි කියන්න එපා)
තඩිබඩත් මොලේ කල්පනා කරල ටුක් ගාලා අත දීලා ශේප් වෙලා..රෝස පාට ලේන්සුව ගෙනෙද්දින්ම් ෆ්‍රෙන්ඩ්ස් කියන්න හිතන් එන්නෙ නැතු ඇති..:D
ReplyDeleteඅපොයි නෑ..ලේන්සුවට ලේනුසුවක් ගෙනත් තිබුනේ...ඔන්න ඔන්න සිත් රූ කෙල්ලත් ට්‍රැක් පනිනවනේ..
Deleteඅඩේ එළනේ...
ReplyDeleteහික්ස්..එළදත් අහනවා එළ එළ...
Deleteබයත් හිතෙනවා. සතුරෙකුගෙන් පලි ගන්න හොඳම විදිය ඒ සතුරා අසරණ වුනු වේලාවකදී උදවු කිරීම කියල මම කලින් පොස්ට් එකකදී කිවුවා මේ දේත් ඒවගේ තමා.
ReplyDeleteමම ඒ කථාවට සම්පූර්ණයෙන්ම එකගයි අයියේ..කෙනෙක් වට්ටන්නනම් දුර්වලම තැනදි පහර දීය යුතුයි (කියූ කථාව තේරුම් ගනිත්වා)
Deleteඅපරාදේ අර රෝස පාට ලේන්සුව! ;)
ReplyDeleteමම එහෙමත් නෝන්ඩි වෙනවද?
Deleteහෙහ්..හෙහ්..කොල්ලො පරාදයි බොල...කවද හරි ...පුතෙක් ලැබුනු දවසට තමයි ඔයඳගකාරකම් ඩබල් වෙලා එන්නෙ..!!!
ReplyDeleteකථාවට මසුරන් දාන්න ඕනි...කියන්න තියෙන්නෙ එකම දෙයයි එසේම වේවා කියල හි හි හී කොලු පැටියෙක් ලැබුණොත් අම්මගෙ දගෙයි තාත්තගෙ දගෙයි එකතු වුනොත් දග කෝටියක් වෙයි...
Deleteලස්සන කථා තව ඉස්සරහට... ඇවිත් බලන්නෝ
මේක මට දැනුනේ දඟ වැඩකටත් වඩා උපකාරයක් අවශ්‍යම මොහොතක කෙනෙක් කරදෙරේක වැටුන වෙලාක පිහිටක් වුණවගේ හැඟීමක්.
ReplyDeleteපාසල් කාලයේ ඇතිවන සමහර හිතිවත්කම් ජීවිත පුරාවට තියෙනවා.
මම හැමදාම කියනව වගේ ඔබගේ කමෙන්ට් එක මට බොහෝම වැදගත්.ඒ දගකාරකම් කරන කෙල්ලො කොල්ලො ජීවිතේ දකිනවට වඩා වෙනස්ම විද්යකට ජීවිතේ දෙස බලන නිසා. ස්තූතියි ඔබට
ReplyDeleteකිව්වත් වගේ මගේ කතාවට සමානයි තමා :)
ReplyDeleteඒකනේ තරහ කාරයින්ට පනිශ් කරන්න ඕනි රිදෙන්න මොලෙන්...එහෙම වුනොත් අපි දිනුම්...
ReplyDeleteශෝයි කතාව අක්කියෝ...ඔයා අවසර දෙනවනම් කියන්න පොඩි අයිඩියා එකකුත් තියෙනවා...
ReplyDeleteවැඩේ කෙරෙන්න ඕනී මෙන්න මෙහෙමයි...
අපිට තියෙන්නේ ඔයා තඩියා ගැන කතා සෙට් එක අපි 'වෝනර් බ්‍රදර්ස්ලට' පෙන්නන්න විතරයි...එතකොට එයාලා 'ටුවීලයිට් බ්‍රේකින්ග් ඩවුන්' එකෙත් රෙකෝර්ඩ් බ්රේක් වෙන තරමට සුපිරි ඔයාගේ කතාව දාලා සුපිරි ෆිල්ම් එකකුත් හදයි!!! ආසයි නේද?
'සමිට් එන්ටර්ටෙයින්මන්ට්' වලට දුන්නත් අවුලක් නෑ... ඔයාගේ කතාව කියවන්න කියවන්න ආසයි...
Deleteමේකයි මල්ලියෝ ඔය තඩිබඩා සමග ගෙවුන හැම දවසකම අපි මොකක් හරි ගුස්පි වැඩක් කලාම තමයි.ඔයා පළවෙනි කථාව කියෙව්වෙ නැද්ද?
Deleteකොහොම වුනත් මගේ ජීවිතේ මට ඉන්න හොදම යාළුවා.ඒනිසා ඒ කථා මාත් එක්කම තිබුනාවේ.ස්තූතියි ඔබේ අදහසට.ඇත්තම කියනවනම් ඔයා කියපු සබ්ජෙට් එක ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ..
ෂා ඔයා කොල්ලෙක්ට ඇටෑක් කරන්න තරම් දස්ස දඟකාරික් නොවැ ;)අනික ලේසි පොරක් නෙමේ බතලයෙක් එක්ක ;පි
ReplyDeleteපවු ඒ අසරණ කොල්ලා,ඌට කොච්චර ලජ්ජා හිතෙන්න ඇද්ද කෙල්ලෝ ගොඩකුත් ඉස්සරහ පල්ලමට පෙල්ලගෙන වැටුනම :/
මට ඔය වගේ අත්දැකීම් නෑ නොවැ,5වසරේන් පස්සෙම ඉස්කෝලේ ආසාවට වලියක් දාගන්න එක කෙල්ලෙක් හිටියේ නෑ නේ
අනිවා අනිවා මම කොහොමත් ඇටෑක්කාරියක් තමා..මොකද එයා එක්ක පරණ තරහකුත් තිබුණනේ...
Deleteඑයාට නම් ලැජ්ජ හිතුණා..හි හි හී මටනම් හැපී....නමුත් දැන් එහෙම නෑ..මගේ හොදම යාළුවා එයා