Friday, April 5, 2013

කේක් කෑල්ලක් කන්න ඕනිනම් දුවල එන්නෝ..................

                       කාලෙකින් ආපු සිත්තමී ඔන්න නිකම්ම ආවෙ නෑලු බරට බරේ කන්න ‍අරන් දුවල ආවෙ ගොඩක් කාලෙකින් හමුවෙන් බැරි වුණ යාළුවො ටික බලන්නත් එක්ක.මේල් එකට මේල් එවපු මාව මතක් වුණ අය අතරින් මොනව වුනත් මම ලගින් ඇසුරු කල නමුත් මම උන්නද මාලාද නොබලපු මගේ ආදරණීය ස‍හෘදයන් සියල්ලටම මාගේ ප්‍රණාමය .......

                         අහම්බෙන් නෙතගැටුන අහම්බෙන් ගොඩවැදුන බ්ලොගයකට සිත ගියපු සිත්තමී තමන්ටම කියල බ්ලොගයක් හදාගන්න නොවිදපු දුකක් නෑ .‍ මොකද දන්නෙම නැති විශයක් නිසා.ඒත් සිත්තමී තනි වුනේ නෑ අක්කෙ මේ විදියට වෙන්න ඇති මෙහෙම කරල බලමු.අරකද මේකද ගොඩක් දේවල් ලග ඉදගෙන මගේ නැට්ට වගේ සහ වුන ආදරණීය සහෝදරිය මතකනෙ හැමෝටම සිතුවිලි දැහැන කෙලි පොඩ්ඩ තමයි සිත්තමීට ගොඩක් උදව් කලේ.ඇත්තම කියන්න බ්ලොග් ගැන මෙලෝම දෙයක් දන්නෙ නෑ දෙන්නම.......හික්ස්.......ඔහොම ආපු ගමනේ අළුත් දේවල් අළුත් යාළුවන් අළුත් අදහස් වගේම රස නීරස හැමදේම ලැබුණා සිත්තමීට.

                       කථාව කෙටියෙන්ම කියන්නම් සිහින සිත්තමට හරියටම අදට ඒ කියන්නේ 05-04-2013 ට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් කොහේ හිටියත් සිත්තමීට එන්නෙ නැතුව ඉන්නම බැරි වුණා. ඒ වගේම ආයෙ කවදාවත් නොයන්නම දැඩි තීරණයකුත් අරගෙන. විටෙක දැන් සිත්තමීව කාටවත් මතක නැතුවත් ඇති ඒකට කමක් නෑ.තනියම හරි සිත්තමී දිගටම ලියනවා.

                      සිහින සිත්තම් ගැන ලියද්දි අමතක නොකරම බැරි සිත්තම හදාගන්න වියයුතු වෙනස් විය යුතු දේවල් කියල දුන්න බ්ලොග් ලෝකයේ ආදරණීය සහෘද හදවත පිළිගන්න රෙප් මහත්තයා කවදාවත් අමතක කරන්න බෑ. හරියට මුල රැකගන්න ක්ලෝගාඩ් උදව් කරනව වගේ ඔහු මට උදව් කලා කිව්වොත් නිවැරදියි.ඒ වගේම සිත්තමේ එකම පෝස්ට් එකක්වත් මග නොහැරිය ආදරණීය බ්ලොග් සහෘදයාණන් සිතක සංකල්පනා ලියූ මධුරංග අයියාවත් සිත්තමී ආදරෙන් මතක් කලා ඕන්.......

වසරක් තුල පොස්ට් 55 කට කමෙන්ට් 1375  දැමූ  
සිහින සිත්තමේ සියළුම සහෘද ඔබට මාගේ ප්‍රණාමය.................... 


හරි දැන් පාටිය.......................



 



39 comments:

  1. සිහිනයන් සිත්තම් කරමින්
    බ්ලොග් ලෝකය හැඩකල
    ආදරයෙන් කවිකම් මවමින්
    බ්ලොග් ලෝකය රසකල
    සිහින සිත්තමට වේවා සුභ උපන්දිනක්...!!

    සිහින සිත්තමට සුභම සුභ උපන්දිනක් මගේ අක්කියෝ..තවත් ලස්සන නිර්මාණ කරමින් මේ බ්ලොග් ලෝකය හැඩකරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..එදා වගේම හැමදාමත් ඔයාගේ නංගා නම් ඔයා එක්ක වගේම සිහින සිත්තම එක්කත් ඉන්නවා අක්කියෝ.. ගොඩක් සතුටුයි ආයෙමත් අක්කිගේ ලස්සන කවිකම් දකින්න ලැබෙන එකට නම්..

    ඔන්න අක්කියෝ ඔයාගේ නංගා ලොකුම ලොකු කේක් කෑලී දෙකක්ම කෑවා.. හේ හේ


    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ කෙල්ලේ..........ඇති තරම් කාල යන්න

      ස්තූතියි ඔයාට............

      Delete
  2. අනේ නංගියෙ හොයල බැලුවෙ නෑ කියන චෝදනාවෙන් මාව නිදහස් කරපිය.

    කී පාරක් බ්ලොගට ගොඩවෙන්න බැලුවද........ම්හ්..මොකක්ද ලටමගලක් කියනව... මෙම්බර්ලට විතරක් යන්න දෙනවලු.
    මේල් එකක්වත් දාගන්න බැරිඋනා ඒ නිසා. මම මේල් ලිපිනය දන්නෙ නැහැ. මූනුපොතේ අපි ඉතිං නෑනෙ.

    ඔයාගෙ මේ පෝස්ට් එක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නැහැ. දේශකයගෙ එකේ ඉන්නව දැකල කෙල්ලව මතක් වෙලා හනික ආවෙ.

    මම හිතුව ලිවිල්ල නවත්තල කියල...පහුගිය ටිකේ බ්ලොග් මඩවගුරක් උනානෙ.
    අපේ පැත්තෙවත් ආවෙ නැති නිසා හිතුවෙ ඇත්තටම නවත්තල කියල.

    ReplyDelete
    Replies
    1. අනේ වී අයියේ සිත්තමී ලොකු ප්‍රශ්නෙක මගේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ පුළුවන්නම් උදව්වක් දෙන්න ඒක හදල දෙන්න.

      Delete
    2. දැන් හරිනෙ..මගේ බ්ලොගේ නම් අප්ඩේට් වෙලා තියෙන්නෙ.
      මම ඔය ගැන එච්චර දන්නෑ නංගි.

      අපේ චන්දනයට මේල් එකක් දැම්ම නම් හදාවි.හෙන්රිගෙ එකටත් ඔය වගේ අටමගලක් වෙලා ඌතමයි උදව් කලේ.

      Delete
    3. @ වීයා

      මං දැක්ක මචං. ඊට පස්සේ මං සින්ඩි වලයි රෝල් වලයි බැලුවම මේ පෝස්ට් එක අප්ඩේට් වෙලා තිබුනා. ඒක නිසා පහල කමෙන්ට් එක දාල, කාල බීලා යන්න මං යන්න ගියා. :)

      @ සිත්තමී..

      සමහර වෙලාවට ටිකක් වෙලා යනවා රෝල් වලට යන්න. අර නිශාන් කිව්ව වගේ සමහර ටෙම්ප්ලේට් නිසාත් ඕක වෙනව. දැන් අවුලක් නෑ නේද. බ්ලොග් රෝල් වලටත් ගිහින් තියන්නේ ඔය.

      Delete
    4. ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ එන්නෙ...ගැජට්,බැජට් එල්ල ගත්තම තමා.

      Delete
  3. හැපිම හැපිම බර්ත්ඩේ වේවා !

    කාලා කාලා ඇවිත ගන්නත් බෑ.. ගුඩුස් එනවා.......

    ReplyDelete
    Replies
    1. ස්තූතිවේවා ඔයාට.............හොදට කන්න

      Delete
  4. හැපි බර්ත් ඩේ එක්ක වේවා,, කොහෙද අලේ ගිහින් හිටියේ ??

    ReplyDelete
    Replies
    1. ශම්මියෝ ඔයාගෙ බ්ලොගියේ මාව පෙන්නුවෙ නෑ නේද? මාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

      Delete
    2. අක්කියෝ මමත් හරියටම ඕක දන්නෙ නෑ හැබැයි මට හිතෙන්නේ බ්ලොගින් වල අවුලක් කියලා,, මොකද පණු අක්කියා එහෙම දාන පෝස්ට් මට පේන්නෙ නෑ,, මම මූණු පොතෙන් දැකලා තමයි එන්නේ,, තව කීප දෙනෙක්ගෙම ඒවා පේන්නෙ නෑ,, දැනගත්තොත් කියන්නම් අක්කෝ..

      Delete
  5. අප්පේ....මෙන්න සිත්තමි අක්කා ඇවිත්! මං ඒත් බැලුවා මගේ සුන්දර රූපේ චිත්තරයට නගලා ඒක දැකලා විත්තර අදින්නම පිටරට ගිහින්ද කියලා!!!
    පාටිය නම් මරු! ඉස්මුරුත්තාව වගේ ඈ! ;)
    ඔන්න අවුරුද්දට සුභ පැතුම් මගෙන්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඩි චූටියෝ..................උදව්වක් ඕනි

      මාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

      Delete
  6. මෙහෙම හරි ආයෙත් දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.
    සිත්තමී නංගි ලියන්නෙ නැති එක නම් ලොකු අඩුවක්, ඔන්න ඔහෙ ආයෙමත් ලියන්න ගමු.
    එහෙනම් සුබම සුබ උපන්දිනයක් වේවා සිහින සිත්තමට. පාර්ටිය නම් නියමයි ඈ!

    ReplyDelete
    Replies
    1. ආයෙ ලියන්න කලින් මගේ අවුල ලෙහාගන්න ඕනි උදව් කරන්නකෝ මාර
      වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

      Delete
    2. ඒ කියන්නෙ? කොහෙද අප්ඩේට් වෙන්නෙ නැත්තෙ? අලුත් එකක් දැම්මද?

      Delete
  7. පාටිය නම් සරුයි වගේ :)
    අපිට නම් මතක් වුනා එත් ඉතින් කෝල් එකක්වත් දෙන්න නම්බරයක්වත් නැහැනේ! දුක තමා රන්ජනී

    තරහා වෙන්න එපා අක්කා.

    ReplyDelete
    Replies
    1. මලේ උදාව්................

      මාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

      Delete
  8. පළමු වසරට මමත් සුබ පතනවා ඇත්තටම බ්ලාග් එකකින් හොද ප්‍රයෝජනයක් ගත හැකියි.

    ඒ නිසා දිගටම ලියන්න අපි කියවන්න එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් වලට

      Delete
  9. haffe hariyatama avuruddA PIRUNU DAVASE NE EVITH thyenne.....HAPPY ANIVESARY!!!! digatama haravath rasavath de liyannata oyata shakthiya lebeva!

    ReplyDelete
  10. සෑහෙන පාටියක් ලෑස්ති කරලනේ.. ඔන්න අපිත් ආවා..

    අවුරුද්දේ සැමරුමට සුභ පැතුම් සිත්තමි..

    ReplyDelete
    Replies
    1. හැමෝටම දෙන්න එපැයි සතුටට............ස්තූතියි ඔයාටත් ඒත් මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ

      මාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

      Delete
  11. පාටිය බොහොම ජයටම සමරලා වගේ... වසරක් ගත වූ මේ මොහොතේ දිගටම ලියන්න අධිෂ්ඨාන කරගන්නය කියලා ඉල්ලා සිටිනවා. මාත් මුලින්ම බ්ලොගයක් අටවාගත්ත අවස්ථාවේ උදව්කිරීමට ඉදිරිපත්වීම ස්තූතිපූර්වකව සිහිකරනවා.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් යාළුවොනේ..................අපි අපිට උදව් කරනවා දැන් මට උදව්වක් කරන්න

      මාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය

      Delete
  12. අඩේ මෙනි හැපි අහවල් මෙව්වා එකක් වේවා..

    ReplyDelete
    Replies
    1. මේ නෝටි කටනම් කවදාවත් හැදෙන්නෙ නෑ

      Delete
  13. දැන් බැරියර් අයින් කරලා නිසා ඔන්න අපිත් ආවාලු.. කෑවා ඇති වෙන්න. නැගිට ගන්නවත් බෑ වගේ. :D

    වර්ෂ පූර්ණයට සුබ පැතුම්..! මොකද දැන් ලියන්නේ නැත්තේ.

    ReplyDelete
  14. පරක්කු වෙලා ආවේ... නියමයි...... හැපී බර්ත් දේ... සිහින සිත්තම් . බ්ලොගේ ට ,, ජයෙන් ජය

    ReplyDelete
  15. බ්ලොග් එකට ජය..
    කැම ටික දැක්කහම නම් කටට කෙළ ඉනුවා.

    ReplyDelete
  16. අම්මා.. කාල බඩ පිරිල දැන්නං වචනයක් වත් කියන්න බෑ.. සුභ පැතුම් සිත්තමියෝ..

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සිත්තමීටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  18. ඇත්තම කියන්න ආයේ නම් මේල් එකක් වත් දාන්නෙම නැහැ කියලා හිතාගෙනයි හිටියේ. බලමුකෝ ;)

    ReplyDelete