Wednesday, June 6, 2012

කිවිඳියක් නොවූ නුඹේ කවිකාරිය.....

අනේ මගේ කවිකාරිය
කියන විට ඔහු මා ගැන
දුක හිතෙනවද සතුටු හිතෙනවද
මමත් තවම දන්නෙ නෑ
නොවෙන නිසා මා කවිකාරිය.....

ලීවත් එහෙට මෙහෙට කර
වචන ගලපමිනි හිඩැස් අතර
පුංචි පුංචි පදවැල් එකතුකර
ලීවත් ආදරේ රසබර
මා නොවෙයි ඔහු හිතෙන තරමට කවිකාරිය.....

නිදහසක් නැති මා මනසට
වෙහෙසකර මගේ දෙනෙතට
එකම සැනසුම මගේ හිතට
කවි ලියන එක විතරයි නුඹහට
එහෙත් මා නොවෙයි මහා කවිකාරිය.....

ලියූ දහසක් කවිපද
නුඹ නමට අකුරු ගැලපුවද
හැඩ නැතිමුත් කැතද බලනවද
නුඹට මා ගැලපූ කවිපද
කිවිඳියක් නොවූ නුඹේ කවිකාරිය.....

කොතරම් ලීවත් පන්හිඳ
මහා කිවිඳියෙක් නොවෙයි මා අද
නුඹට පමණක් කවි ලියන නුඹේ පුංචි කවිකාරිය....

28 comments:

  1. සැමදා පන්හිද තුඩක දැවටෙන
    අකුරින් නුඹ ගැනම කවිකම් කරන
    නුඹටම සැමදා ආදරය කරන
    ආත්මයකි මා දැන් සැරිසරන...

    ReplyDelete
    Replies
    1. නියමයිනෙ ඔය තියෙන්නේ ලස්සන කවිකාරකම්....

      Delete
  2. ලස්සනයි! දිගටම පුබුදන්න සොඳුරු කවිමල්.. කවිකාරියේ....

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා මගේ සිත්තමට සුහදව ඔබව....

      සුතූතියි මුතූ ආයෙමත් එන්නකෝ මේ පැත්තේ...

      Delete
  3. කවකාරියක් නුඹ
    ලියූ කවි පද දහසක් අතර
    පේලි අතර සැගව මට
    ආදරේ කියා ගිය..

    ReplyDelete
    Replies
    1. මහ මෙරක් තරමට
      පුදන නුඹේ ආදරේ ගැන
      කොහොම ලියන්නද
      කිවිඳියක් නොවූ කවිකාරිය.....

      Delete
  4. Replies
    1. වෙන්න ඇති කිව්වේ කිවිඳියක් නොවූ නුඹේ කවිකාරියක් කියලද නිශාන්...

      Delete
  5. නුඹට පමණක් කවි ලියන නුඹේ පුංචි කවිකාරිය....

    ලස්සනයි නංගී.
    :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ එයාට විතරමයි කවි ලිවුවේ... අක්කියෝ
      බොහොම ස්තූතියි...

      Delete
  6. ලස්සනයි අනු කවිකාරියේ....:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිෂ්...ගොඩක් දවසකින් මේ කවියක් ලිවුවේ....

      Delete
  7. ලස්සන කවියක් අක්කේ..

    ReplyDelete
    Replies
    1. පළමුව ආද‍රෙන් පිළිගන්නවා ඔබව මගේ සිත්තමට...

      ස්තූතියි මල්ලියෝ ආයෙමත් එන්නකෝ...

      Delete
  8. අනේ ඇයි එයාට විතරක් කවි ලියන්නේ,ඒක හරි ආත්මාර්ථකාමී වැඩක් නේ!:)

    ReplyDelete
  9. නුවන් ගොඩක් දවසකින්...ආදරේ ගොඩක් ආත්මාර්ථකාමී තමයි නුවන්.

    ReplyDelete
  10. ආදරේ නාමයෙන්
    ලියු පද වැල් ඔහුට
    කවියක්ම වෙයි මිහිරි
    කිවිදියක් නොවුවට ......

    නියමයි ජයවේවා !!!!

    ReplyDelete
  11. ගොඩක් දවසකින් මේ පැත්තෙ ඇවිත්

    ෂා රෙප් මහත්තයත් ලස්සනට කවි ලියනවනෙ...

    ReplyDelete
  12. මට නම් කවි රසවිඳිනවා ඇරෙන්ඩ කවි ලියන්ඩ නම් බෑ. මේ කවි පංතිය ලස්සනයි !!!!

    සමහර කවි ගොඩ දෙනෙක්ට ලස්සන නැති උනාට ඒ කවිය ලස්සන කෙනෙක් මේ ඕකේ කොහේ හරි ඉන්නවා. (මේ කිව්වේ කවි ගැන නම් නෙමේ... :) )

    ප.ලි. - යාන්තන් වටේම කැරකිලා ෆලෝ කරන ප්ලේස් එක හොයාගත්තා.

    ReplyDelete
  13. මධුරංග සිත්තමට සාදරයෙන් පිළිගන්නවා ඔබව..

    ඇත්ත කොච්චර කවි ලිව්වත් හැම කවියක්ම කෙනෙක්ගෙ හිතට අල්ලන්නෙ නෑ..හැබැයි හිතට අල්ලන කෙනෙක් කොහේම හරි ඉන්නවමයි..ආයෙමත් එන්නකො මේ පැත්තෙ යාළු...

    ReplyDelete
  14. //නිදහසක් නැති මා මනසට
    වෙහෙසකර මගේ දෙනෙතට
    එකම සැනසුම මගේ හිතට
    කවි ලියන එක විතරයි නුඹහට//
    මමත් අහන්නෙ..ඇයි..? කවි විතරක් ....!

    ReplyDelete
    Replies
    1. පසුබිම(template) නම් හරි ලස්සනයි...නංගියෝ..!අපිට බෑනෙ..මේ වගේ ලස්සන වැඩ.

      Delete
  15. මගේ සිත්තමට සාදරයෙන් පිළිගන්නවා ඔබව...

    1. මමත් අහන්නෙ..ඇයි..? කවි විතරක් ....!හිතේ තියෙන දේවල් කවි වලට පෙරලන්නෙ ගොඩක් කල් ඉදන් ඒක දැන් පුරුදු වෙලා.

    2. පසුබිම(template) ස්තූතියි ලස්සනයි කිව්වට..ඒත් උදව්වක් ඕනිනම් කියන්න බ්ලොග් ගැන ගොඩක් දේවල් මමත් දන්නෙ නෑ තනියම ඉගනගත්තුවා තමයි පේන්න තියෙන්නේ..උදව්වක් දෙන්න බැරි වෙන එකක් නෑ..

    ReplyDelete
  16. කඳුලට සිනාවට...ලස්සනයිසිත්තමී

    ReplyDelete
  17. විමුක්ති මේ ආවමද මන්ද ඒත් මට මතකයි වගේ ...කොහොම වෙතත් ස්තූතියි යාළු..ඔයත් සිත්තමී කියන්න ගත්තද?

    ReplyDelete
  18. piligannawa siththamata obawa...sthuthee obata Thiwanka

    ReplyDelete