Saturday, June 2, 2012

උපමාවක් නැති සැබෑ ආදරේ (අවසාන කොටස)

උපමාවක් නැති සැබෑ ආදරේ බැලුවෙ නැත්නම්




ඉතාමත් වෙහෙසකර ලෙස රෝහලෙන් සන්ධ්‍යාව පිටතට ගන්නට කුමාරටත් කුමාරගේ යහළුවාටත් හැකිවිය.කෙසේ හෝ ඇය රැගෙන යන බලාපොරොත්තුව  ඔහුගේ සිතේ තිබෙන්නට ඇත. එය ඉටුකර ගැනීමට ඉතා වෙහෙසක් දරණ්නට සිදු වුවද එය ඉතා පරිශ්‍රමයෙන් සිදු කරනුයේ රෝගාතුරව සිටින සන්ධ්‍යාට තවත් දුකක්නම් නොදෙන්නට වග බලා ගනිමින්.රෝහලින් පිටව යන්නට ගිය කුමාරටත් සන්ධ්‍යාටත් තව තවත් දෛවය සරදම් කරන්නේ ඇයිදැයි නොහැගේ.රෝහලේ ප්‍රධාන දොරටුව අභියසින් පැමිණෙන සන්ධ්‍යාගේ අයියලා දෙදෙනෙක් මුහුණට මුහුණ මුණ ගැසෙන්නට ප්‍රථම ඉක්මන් වූ කුමාරගේ යහළුවා සන්ධ්‍යාගේ අයියලා මුණ ගැසී කථාකරන්නට සැරසුනේ ඔවුන්ගේ අවධානය වෙනතක යොමු කරන්නට වගේම සන්ධ්‍යාට හා කුමාරට මෙතනින් පලා යන්නට.අයියලා සමග කෙටි කථාබසක නියැලුණ කුමාරගේ යහළුවා ඉක්මණින් පා තැබුවේ කුමාර හා සන්ධ්‍යා ඔවුන් මග හැර ගිය දිසාව ඇසින් දුටු නිසාවෙනි.


රාජකාරිය දේවකාරිය මෙන් අකුරට ඉටුකල යහළුවානම් සෑබෑ යහළුවෙක් බව නම් අමතක නොකල යුතුමය.අසනීප සන්ධ්‍යා රැගෙන වේගයෙන් දිවගිය කුමාරටද මහන්සියක් දැණුන නිසා වේගය බාල කලේ මට මේ තරම් අමාරුනම් මේ අහිංසකීට කොහොම ඇද්දැයි සිතමින්.මොවුන් දෙදෙනා පිටුපසින් දිව ආ යහළුවා ඉක්මණින් කුලීරථයක් සොයා මොවුන් දෙදෙනා ඊට නැග්ගුවේ යහළුකමේ අරුත නියමාකාරව පසක් කරමින්.කුමාරට සහ සන්ධ්‍යාට සුභ පැතූ කුමාරගේ යහළුවා නික්ම යන්නට ප්‍රථම මම එනකම් මම කියපු විදියට වැඩ කරපන් යැයි කුමාරට විදානයක ස්වරයෙන් අවසන් වචන කිහිපයත් යහළුවා වෙනුවෙන් අහසට මුදා හරිමින්

කුලී රථය ටික දුරකට වුවද සියල්ලන්ගෙන්ම නිදහස් වී තමාගේම ලොවක් තනා ගන්න යන ගමන ගැන දෙදෙනාම කම්පා නොවූහ.කුමාරගේ යහළුවා ඔවුන් දෙදෙනාට තාවකාලික නැවතුමක්ද සකසා දෙන්නට ඉදිරිපත්ව සිටි නිසා යහළුවාගේ තොරතුරුද රැගෙන කිසිම දාක සිහිනයෙන්වත් එන්නට බලාපොරොත්තු නොවූ ප්‍රදේශයකට පැමිණියේ සන්ධ්‍යාගේ දෙමාපියන්ගෙන් හා සහෝදරයන්ගේ ඇස් වලින් වසන් වෙන්නටයි.දිගු ගමනක අවසානය පුදුමාකාර වෙහෙසක් සන්ධ්‍යාට එක්කලේ තාමත් අසනීපව ඇය සිටි නිසාවෙනි.කරත්ත වල  කුලීරථ කිහිපයක ගමනේ අවසානය සිදු කලද දැඩි වෙහෙසකාරී බව සන්ධ්‍යාට දැනුනද කුමාර හට ඒ බව නොපැවසුවේ ඇය ගැන කරදර වේයැයි සිතමින්..

කොළඹට ආ සන්ධ්‍යාත් කුමාරත් අමුතුම ලොවකට ආවා සේ හැගුනේ ගමට වඩා නගරය කලබලකාරී නිසාවෙනි.යහළුවාගේ තොරතුරු මත ඔවුන් හට සපයා තිබූ තානායම සොයා ගැනීමට ඔවුන්ට මහත් වෙහෙසක් දැරුවද සොයා ගැනීමට නොහැකි විය.විස්තර අසා ගැනීමට කුලීරථ රියෙදුරෙක් ලග නැවතුණු කුමාර ආපහු හැරෙන විට දුටුවේ සිහි සුන් වූ සන්ධ්‍යාගේ සිරුර මහපොලොව මත වැටී තිබූ ආකාරයයි.මුවින් ගලායන ලේ පහරින් තව තවත් සන්ධාගේ ජීවිතය ගැන බියක් හිතේ එහෙ‍ මෙහෙ වෙද්දි ඉකිමණින් කුලී රථයේ  නංවාගෙන ලගම ඇති රෝහලක‍ට රැගෙන යන්න යැයි රියදුරාට කුමාර කීවේ හීනෙන් වගේ.රෝහලට යන අතර මගදිවත් සන්ධ්‍යාගෙන් හැල හොල්මනක් නැත. "සුදු මැණිකේ, සුදු මැණිකේ" කුමාර හඩමින් ඇය ඇමතුවාය.නැත ඇගෙන් පිළිතුරක්නම් නැත.

වහාම රෝහලට ඇතුලත් කල සන්ධ්‍යාට ප්‍රතිකාර සිදුකලේ ඇගේ ජීවිතේ අවධානම ගැන කුමාරටත් නොසෑහෙන්න වෛද්‍යවරයා දොස් පවරමින්.අහිංසක කුමාරද වෛද්‍යවරයා ඉදිරියේ දණින් වැටී සන්ධ්‍යාව සනීප කර දෙනමෙන් ඉල්ලීය.යන්නට තැනක් නොමැති කුමාර රෝහලේම අස්සකට වී රෑ පහන් කලේ කල යුතු වෙනත් දෙයක් නොවුන නිසාවෙන්.සන්ධ්‍යාගේ විස්තර මෙන්න මොවුන් දෙදෙනාගේද විස්තර කුමාරගෙන් දැනගත් වෛද්‍යවරයාටද මේ කථාවේ වේදනාත්මක බව දැනී මොවුන් දෙදෙනාට ඉන්න තැනක් පිළිසකර කර දීමට සැරසුනේ  ආදරය වෙනුවෙන්ද අහිංසක මේ ජීවිත දෙක වෙනුවෙන්දැයි මට තාමත් සිතා ගැනීමට නොහැකි විය.

රෝහලේ ප්‍රතිකාර ලබාගෙන අවසන් වූ ආදරණීය පෙම්වතුන් දෙදෙනාට දැන් ඉන්න තැනක් තියෙනවා.සතුටුයිද? ඔයාගෙ සතුට මට පේන්නෙ නෑ අනේ මටනම් ගොඩක් සතුටුයි? වෛද්‍යවරයාගේ යහළුවෙකු වන නීතිඥවරයෙකුගේ ඉඩමක පුංචියට ලෑලි ගේ පොඩිත්තක් සකසා දෙමින් මේ ආදරේට රුකුලක් දුන්නේ මිනිස්කමේ මහිමයද කියාපාමින්.වලි කාගෙන කොහොමහරි බලාපෙරොත්තු ඉෂ්ඨකර ගන්නට මේ දෙන්නට හැකි වුණා.දැන් එකම වහලක් යට මේ දෙන්නා ජීවත් වෙනවා.කුමාරත් කුලීවැඩ කරමින් හෝ කීයක් හරි හොයාගන්නේ සන්ධ්‍යාගේ බෙහෙත් සදහා ලොකු වියදමක් දරන්නට සිදු වන නිසා.සැරින් සැරේ අසනීප වෙන සන්ධයාට බෙහෙත් කරන්නට මෙන්ම මාසිකව ගෙදරට අවශවන දෑ පසයා දෙන්නට වෛද්‍යවරයාද අමතක කරන්නේ නෑ.

දැන් කුමාරටත් සන්ධ්‍යාටත් වයස අවුරුදු 80වකට ආසන්නව ඇත.සැරින් සැරේ රෝගී වුනත් සන්ධයාගේ ජීවිතය කොහොමහරි රැකගන්න කුමාරද වෙහෙසී වැඩකලාය.අවුරුදු 40ක පමණ කාලයක් සන්ධ්‍යා දියර වශයෙන් ආහාර ලබා ගත්තේය.එහෙත් දැනට අවුරුදු 15ක පමණ සිට සුප් වතුර පමණක් ආහාරයට ගත් ඇය අවුරුදු 5ක පමණ සිට කිරි පමණක් ආහාරය වෙනුවට ගන්නට තරම් ඇය රෝගී වී ඇත.ශරීර අභ්‍යන්තරයේ සිදුවූ පිළිස්සීම් නිසා මවක් වීමට පවා නොහැක වීම ගැන ඇය බොහෝ සේ තැවෙන්නීය.කිරි පමණක් ආහාරයට ගන්න නිසා සන්ධ්‍යාගේ මුඛයේ සිට දමා ඇති කෘතිම නල මසකට වරක් සුද්ධකිරීමට සිදුවන්නේ කිරිකහට නලය අවට බැදීම නිසාවෙන් බවයි වෛද්‍ය මතයනම්.ඈ මෙපමණ කලක් ජීවත් වීම ගැන ඔබටත් විශ්වාස කිරීමට අපහසු ඇති.මේ වන තුරුම තම සැමියාට ආහාර සකසා දෙන්නේ ඇගේ අතින්මයි.අවුරුදු 60-55 ක පමණ කාලයක් ආහාර නොගත් ඇය සැමියා වෙනුවෙන් ඒ කටයුත්ත මැනවින් ඉටුකරන බව ඔහුද පවසන්නේ කඳුලු සලමින්.එය ඇසූ මගේ නෙතටද කඳුලු ඉනුවේ මේ පුදුමාකාර ආදරේ වෙනුවෙන්.

බොහෝ සෙයින් වියපත්ව සිටින මේ දෙදෙනාව බලාගැනීමට අසල්වාසීන් සිටියද හැම වෙලේම කරදර කරන්න බෑ කියන කුමාර තාමත් ගල්වැඩපලක වැඩ කරන්නේ රෝගාතුරව සිටින ආදරණීය බිරිඳ තව දිනක් හෝ ජීවත්කරලීමට.එහෙත් ඔහුගේ ප්‍රාර්ථනය වන්නේ නම් ඇයව ඉක්මණීන් මිය යන්නේනම් හොදයි යන්නයි ඒ ප්‍රාර්තනය ඔබට හිතේ කේන්තියක් එක්කලද ඇයව දුටුවහොත් ඔබටත් එය සිතෙනු නොවනු මානයි.ජීවිතේ අන්ත අසරණව දුක් වින්ද ඇය තවත් දුක් විඳිනවා බලන් ඉන්න බැහැ‍.අනේ ඇය මියයනවානම් හොඳයි ඒ කුමාරගේ එකම ප්‍රාර්ථනයයි.එමෙන්ම කිසිදු ආත්මයක යළි ගැහැණු ආත්මයක්නම් ඇයට නොලැබේවා යන්න ඔහුගේ ඒකායන ප්‍රාර්ථනයයි..පිරිමියෙක් ගැහැණියක් වෙනුවෙන් කරන්න පුළුවන් එකම විවරණය මෙයයැයි මගේනම් මතය.

එහෙත් ඇයනම් ඇගේ ජීවිතය ගැන කිසිම විදියකින් කලකිරෙන්නේ නැති වගයි මා සමගනම් පැවසුවේ.ඇය එදා වගේම ඔහුට මෙන්ම ආදරයටද එදාටත් වැඩිය ආදරය කරන්නීය.පුදුමාකාර ආදරයක් මටනම් ඇය ගැන ඇත්තටම පුදුමයි.සංසාරගත බැදීමකින් හමුවූ මේ පෙම්වත් යුවල අදටත් පුදුමාකාර ආදරේකින් සෙනෙහසකින් ජීවත් වෙනවා පුංචි ලෑලි ගෙදරක කටුනායකට නුදුරු පුංචි ගමක.ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙයි මේ දෙන්නගෙ ගෙවල් වල අය ගැන.සන්ධ්‍යාගේ පවුලේ උදවියනම් සන්ධ්‍යා මැරුණා යැයි කියමින් ජීවත්ව සිටින ඇයට 7 දිනකින් දානයද දී ඇයව පවුලෙන්ම ඉවත්කර ඇතිබවයි මටත් දැන ගන්නට ලැබුනේ.දැන් මේ දෙන්නාට අවුරුදු 80ක් හෝ ඊට ආසන්නව ඇති නිසා ඒ වයසේ නම් දෙකක් තමයි මේ දෙන්නට තියෙන්නේ.

සන්ධ්‍යා සහ කුමාර යනුවෙන්  උපකාර කල කුමාරගේ යහළුවා.මොවුන් දෙදෙනා වෙනුවෙන් උපකාර කල  වෛද්‍යතුමාගේ මිතුරාට සහ වෛද්‍යවරයා,  එතුමාගේ දරුවන් පිරිස (අදටත් පුලුවන් හැමවෙලේම සොයා බලමින් උදවු කරන)  අසල්වාසීන්ට මාගේ ප්‍රණාමය......

මමත් මේ දෙන්නව බලන්න යන්න අමතක කරන්නෙම නෑ.පඩිය අතට ගත්තුගමන් කිරිපැකට් දෙකකුත් අරන් මේ සීයයි අච්චි අම්මවයි බලන්න යන්න අමතක කලේම නෑ එහෙත් මාස 2-3 යන්න බැරි වුණ නිසා හිතට පුංචි බයකුත් තියෙනවා.අවසාන දවස් ටිකේ ආච්චි අම්මා ගොඩක් අසනීපයෙන් සිටි නිසා..මමත් දැන් අවුරුදු 2ක විතර ඉදලා මේ දෙන්නගේ දුක සැප බලන්න අමතක කලේම නෑ වැඩ රාජකාරී අධික වූ නිසා යන්නම බැරි වුණා.සනීපෙන් ඇතැයි නම් සිතන්න බෑ.තවත් අසනීප වෙලා ඇති.මගේනම් ප්‍රාර්ථනය ජාති ජාතිත් ඉපදෙනවානම් මෙවැනි බාධක නොමැතිව ඔවුන් ඔවුන්ගේම වී යළි ඉපදෙන්න කියා.

ලිවීමේදී ඇති වූ වැරදි අඩුපාඩුකම් නිසා කියවීමට අපහසුවක් වුණානම් ඒ වෙනුවෙන් සමාවන්න...

කථාව බැලූ ඔයාලා වචනයක් නොකිය යන්න අමතක කරන්න එපා.

13 comments:

  1. අක්කිගේ ප්‍රාර්ථනයට නම් මමත් එකතු වෙනවා..සැබෑ ආදරේකට ලොකු ආදර්ශයක්..කතාවට ලස්සන අවසානයක් ගෙනාවේ..හුගක් සතුටුයි ආදරේ දිනපු එකට....

    ReplyDelete
    Replies
    1. දුක් විදල ලබාගන්න ආදරේ පුදුමාකාර වටිනාකමක් තියනවා නංගෝ...

      Delete
  2. හරිම සංවේදී කතාවක් ආදරේ අන්තිමට ජයගත්තා සතුටුදායක අවසානයක් ඒත් අන්තිම ටික ආයෙමත් දුකක් ගෙනාවා

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ දුක පිරිල නිශාන් ඒ දෙන්නට වගේම අහන හැමෝටමත්..ඒ කථාව පුදුමාකාර සංවේදී කථාවක්...

      Delete
  3. සංවේදි කතාවක් බොහොම අපුරුවට ලියලා..

    ReplyDelete
  4. සැබෑ ආදරයට කොයින්ද උපමා.. වචන වලට වඩා වටින ඒ කැප කිරීම් කොයිතරම් වටිනවද..
    සංවේදී සටහනක්..!

    ReplyDelete
    Replies
    1. මටත් ඒකම තමයි බලන අයට තේරුම් කරන්න ඕනි වුනේ නන්දු...ආදරේ වෙනුවෙන් කැපකිරීම ගැන...මම හිතන්නෙ ඒ කථාව මම හරියටම තේරුම් කරලා බලන අයට...

      ඒ ආදරේ වෙනුවෙන් මට දෙන්න උපමාවක් තිබුණෙ නැති නිසයි උපමාවක් නැති සැබෑ ආදරේ කියල දැම්මෙත්..

      Delete
  5. ඒ දෙන්නට හිස නමා ආචාර කරන්න ඕනා !
    මොන ප්‍රශ්නේ තිබ්බත් දෙන්නා සතුටින් ඉන්න එකම මදෑ. මෙහෙම ආදර කතා ගොඩක්ම අඩුයි. ඒ අතරින් මේ දෙන්නා මාරම වාසනාවන්තයෝ දෙන්නෙක් !

    දෙන්නටම නිදුක් නිරෝගි චිර ජීවනය පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් ඒ දෙන්න වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා...පුළුවන් විදියට

      Delete
  6. ඔන්න අද නිවාඩු දවසේ ඉතුරු ලිපි ටිකත් කියෙව්වා. දැන් තියෙන්නේ අළුතින් දාන ලිපි කියවන්ඩ. ඒ නිසා දිගටම ලියන්න. වෙනස්ම ආරක කවි ලියන්නියක් විදිහට සිත්තමිව අදුනගත්තට වරදක් නෑ මහිතේ !!!


    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. වෙනස්ම ආරක කවි ලියන්නියක් විදිහට සිත්තමිව
      අදුනගත්තට වරදක් නෑ මහිතේ

      අම්මෝ ඉතින් සිත්තමීට මාර හැපී.....

      Delete
  7. Lassamata liyala thiyanawa...
    Duka hithena aththa kathawak....
    Adare gabura kothekda yanna oya lassanata therum karala dunna....
    Jaya wewa!!!

    ReplyDelete