කාලෙකින් ආපු සිත්තමී ඔන්න නිකම්ම ආවෙ නෑලු බරට බරේ කන්න අරන් දුවල ආවෙ ගොඩක් කාලෙකින් හමුවෙන් බැරි වුණ යාළුවො ටික බලන්නත් එක්ක.මේල් එකට මේල් එවපු මාව මතක් වුණ අය අතරින් මොනව වුනත් මම ලගින් ඇසුරු කල නමුත් මම උන්නද මාලාද නොබලපු මගේ ආදරණීය සහෘදයන් සියල්ලටම මාගේ ප්රණාමය .......
අහම්බෙන් නෙතගැටුන අහම්බෙන් ගොඩවැදුන බ්ලොගයකට සිත ගියපු සිත්තමී තමන්ටම කියල බ්ලොගයක් හදාගන්න නොවිදපු දුකක් නෑ . මොකද දන්නෙම නැති විශයක් නිසා.ඒත් සිත්තමී තනි වුනේ නෑ අක්කෙ මේ විදියට වෙන්න ඇති මෙහෙම කරල බලමු.අරකද මේකද ගොඩක් දේවල් ලග ඉදගෙන මගේ නැට්ට වගේ සහ වුන ආදරණීය සහෝදරිය මතකනෙ හැමෝටම සිතුවිලි දැහැන කෙලි පොඩ්ඩ තමයි සිත්තමීට ගොඩක් උදව් කලේ.ඇත්තම කියන්න බ්ලොග් ගැන මෙලෝම දෙයක් දන්නෙ නෑ දෙන්නම.......හික්ස්.......ඔහොම ආපු ගමනේ අළුත් දේවල් අළුත් යාළුවන් අළුත් අදහස් වගේම රස නීරස හැමදේම ලැබුණා සිත්තමීට.
කථාව කෙටියෙන්ම කියන්නම් සිහින සිත්තමට හරියටම අදට ඒ කියන්නේ 05-04-2013 ට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් කොහේ හිටියත් සිත්තමීට එන්නෙ නැතුව ඉන්නම බැරි වුණා. ඒ වගේම ආයෙ කවදාවත් නොයන්නම දැඩි තීරණයකුත් අරගෙන. විටෙක දැන් සිත්තමීව කාටවත් මතක නැතුවත් ඇති ඒකට කමක් නෑ.තනියම හරි සිත්තමී දිගටම ලියනවා.
සිහින සිත්තම් ගැන ලියද්දි අමතක නොකරම බැරි සිත්තම හදාගන්න වියයුතු වෙනස් විය යුතු දේවල් කියල දුන්න බ්ලොග් ලෝකයේ ආදරණීය සහෘද හදවත පිළිගන්න රෙප් මහත්තයා කවදාවත් අමතක කරන්න බෑ. හරියට මුල රැකගන්න ක්ලෝගාඩ් උදව් කරනව වගේ ඔහු මට උදව් කලා කිව්වොත් නිවැරදියි.ඒ වගේම සිත්තමේ එකම පෝස්ට් එකක්වත් මග නොහැරිය ආදරණීය බ්ලොග් සහෘදයාණන් සිතක සංකල්පනා ලියූ මධුරංග අයියාවත් සිත්තමී ආදරෙන් මතක් කලා ඕන්.......
වසරක් තුල පොස්ට් 55 කට කමෙන්ට් 1375 දැමූ
සිහින සිත්තමේ සියළුම සහෘද ඔබට මාගේ ප්රණාමය....................
හරි දැන් පාටිය.......................
සිහිනයන් සිත්තම් කරමින්
ReplyDeleteබ්ලොග් ලෝකය හැඩකල
ආදරයෙන් කවිකම් මවමින්
බ්ලොග් ලෝකය රසකල
සිහින සිත්තමට වේවා සුභ උපන්දිනක්...!!
සිහින සිත්තමට සුභම සුභ උපන්දිනක් මගේ අක්කියෝ..තවත් ලස්සන නිර්මාණ කරමින් මේ බ්ලොග් ලෝකය හැඩකරන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා..එදා වගේම හැමදාමත් ඔයාගේ නංගා නම් ඔයා එක්ක වගේම සිහින සිත්තම එක්කත් ඉන්නවා අක්කියෝ.. ගොඩක් සතුටුයි ආයෙමත් අක්කිගේ ලස්සන කවිකම් දකින්න ලැබෙන එකට නම්..
ඔන්න අක්කියෝ ඔයාගේ නංගා ලොකුම ලොකු කේක් කෑලී දෙකක්ම කෑවා.. හේ හේ
කියන්න දෙයක් නෑ කෙල්ලේ..........ඇති තරම් කාල යන්න
Deleteස්තූතියි ඔයාට............
අනේ නංගියෙ හොයල බැලුවෙ නෑ කියන චෝදනාවෙන් මාව නිදහස් කරපිය.
ReplyDeleteකී පාරක් බ්ලොගට ගොඩවෙන්න බැලුවද........ම්හ්..මොකක්ද ලටමගලක් කියනව... මෙම්බර්ලට විතරක් යන්න දෙනවලු.
මේල් එකක්වත් දාගන්න බැරිඋනා ඒ නිසා. මම මේල් ලිපිනය දන්නෙ නැහැ. මූනුපොතේ අපි ඉතිං නෑනෙ.
ඔයාගෙ මේ පෝස්ට් එක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නැහැ. දේශකයගෙ එකේ ඉන්නව දැකල කෙල්ලව මතක් වෙලා හනික ආවෙ.
මම හිතුව ලිවිල්ල නවත්තල කියල...පහුගිය ටිකේ බ්ලොග් මඩවගුරක් උනානෙ.
අපේ පැත්තෙවත් ආවෙ නැති නිසා හිතුවෙ ඇත්තටම නවත්තල කියල.
කෝ බොල මේකි.??????
Deleteඅනේ වී අයියේ සිත්තමී ලොකු ප්රශ්නෙක මගේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ පුළුවන්නම් උදව්වක් දෙන්න ඒක හදල දෙන්න.
Deleteදැන් හරිනෙ..මගේ බ්ලොගේ නම් අප්ඩේට් වෙලා තියෙන්නෙ.
Deleteමම ඔය ගැන එච්චර දන්නෑ නංගි.
අපේ චන්දනයට මේල් එකක් දැම්ම නම් හදාවි.හෙන්රිගෙ එකටත් ඔය වගේ අටමගලක් වෙලා ඌතමයි උදව් කලේ.
@ වීයා
Deleteමං දැක්ක මචං. ඊට පස්සේ මං සින්ඩි වලයි රෝල් වලයි බැලුවම මේ පෝස්ට් එක අප්ඩේට් වෙලා තිබුනා. ඒක නිසා පහල කමෙන්ට් එක දාල, කාල බීලා යන්න මං යන්න ගියා. :)
@ සිත්තමී..
සමහර වෙලාවට ටිකක් වෙලා යනවා රෝල් වලට යන්න. අර නිශාන් කිව්ව වගේ සමහර ටෙම්ප්ලේට් නිසාත් ඕක වෙනව. දැන් අවුලක් නෑ නේද. බ්ලොග් රෝල් වලටත් ගිහින් තියන්නේ ඔය.
ගොඩක් අයට ඔය ප්රශ්නෙ එන්නෙ...ගැජට්,බැජට් එල්ල ගත්තම තමා.
Deleteහැපිම හැපිම බර්ත්ඩේ වේවා !
ReplyDeleteකාලා කාලා ඇවිත ගන්නත් බෑ.. ගුඩුස් එනවා.......
ස්තූතිවේවා ඔයාට.............හොදට කන්න
Deleteහැපි බර්ත් ඩේ එක්ක වේවා,, කොහෙද අලේ ගිහින් හිටියේ ??
ReplyDeleteශම්මියෝ ඔයාගෙ බ්ලොගියේ මාව පෙන්නුවෙ නෑ නේද? මාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
Deleteඅක්කියෝ මමත් හරියටම ඕක දන්නෙ නෑ හැබැයි මට හිතෙන්නේ බ්ලොගින් වල අවුලක් කියලා,, මොකද පණු අක්කියා එහෙම දාන පෝස්ට් මට පේන්නෙ නෑ,, මම මූණු පොතෙන් දැකලා තමයි එන්නේ,, තව කීප දෙනෙක්ගෙම ඒවා පේන්නෙ නෑ,, දැනගත්තොත් කියන්නම් අක්කෝ..
Deleteඅප්පේ....මෙන්න සිත්තමි අක්කා ඇවිත්! මං ඒත් බැලුවා මගේ සුන්දර රූපේ චිත්තරයට නගලා ඒක දැකලා විත්තර අදින්නම පිටරට ගිහින්ද කියලා!!!
ReplyDeleteපාටිය නම් මරු! ඉස්මුරුත්තාව වගේ ඈ! ;)
ඔන්න අවුරුද්දට සුභ පැතුම් මගෙන්!!!!
ස්තූතියි නාඩි චූටියෝ..................උදව්වක් ඕනි
Deleteමාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
Congrats !! :)
ReplyDeleteThank U..............
Deleteමෙහෙම හරි ආයෙත් දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි.
ReplyDeleteසිත්තමී නංගි ලියන්නෙ නැති එක නම් ලොකු අඩුවක්, ඔන්න ඔහෙ ආයෙමත් ලියන්න ගමු.
එහෙනම් සුබම සුබ උපන්දිනයක් වේවා සිහින සිත්තමට. පාර්ටිය නම් නියමයි ඈ!
ආයෙ ලියන්න කලින් මගේ අවුල ලෙහාගන්න ඕනි උදව් කරන්නකෝ මාර
Deleteවැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
ඒ කියන්නෙ? කොහෙද අප්ඩේට් වෙන්නෙ නැත්තෙ? අලුත් එකක් දැම්මද?
Deleteපාටිය නම් සරුයි වගේ :)
ReplyDeleteඅපිට නම් මතක් වුනා එත් ඉතින් කෝල් එකක්වත් දෙන්න නම්බරයක්වත් නැහැනේ! දුක තමා රන්ජනී
තරහා වෙන්න එපා අක්කා.
මලේ උදාව්................
Deleteමාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
පළමු වසරට මමත් සුබ පතනවා ඇත්තටම බ්ලාග් එකකින් හොද ප්රයෝජනයක් ගත හැකියි.
ReplyDeleteඒ නිසා දිගටම ලියන්න අපි කියවන්න එනවා.
ස්තූතියි ඔබේ අදහස් වලට
Deletehaffe hariyatama avuruddA PIRUNU DAVASE NE EVITH thyenne.....HAPPY ANIVESARY!!!! digatama haravath rasavath de liyannata oyata shakthiya lebeva!
ReplyDeleteස්තූතියි ඔයාට
Deleteසෑහෙන පාටියක් ලෑස්ති කරලනේ.. ඔන්න අපිත් ආවා..
ReplyDeleteඅවුරුද්දේ සැමරුමට සුභ පැතුම් සිත්තමි..
හැමෝටම දෙන්න එපැයි සතුටට............ස්තූතියි ඔයාටත් ඒත් මගේ ප්රශ්නෙට උත්තරයක් දෙන්නකෝ
Deleteමාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
පාටිය බොහොම ජයටම සමරලා වගේ... වසරක් ගත වූ මේ මොහොතේ දිගටම ලියන්න අධිෂ්ඨාන කරගන්නය කියලා ඉල්ලා සිටිනවා. මාත් මුලින්ම බ්ලොගයක් අටවාගත්ත අවස්ථාවේ උදව්කිරීමට ඉදිරිපත්වීම ස්තූතිපූර්වකව සිහිකරනවා.
ReplyDeleteඅපි ඉතින් යාළුවොනේ..................අපි අපිට උදව් කරනවා දැන් මට උදව්වක් කරන්න
Deleteමාර වැඩේ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ නෑ.දන්නවනම් මේ අහිංසකීට කියල දෙනවද ඒක හදාගන්න විදිය
අඩේ මෙනි හැපි අහවල් මෙව්වා එකක් වේවා..
ReplyDeleteමේ නෝටි කටනම් කවදාවත් හැදෙන්නෙ නෑ
Deleteදැන් බැරියර් අයින් කරලා නිසා ඔන්න අපිත් ආවාලු.. කෑවා ඇති වෙන්න. නැගිට ගන්නවත් බෑ වගේ. :D
ReplyDeleteවර්ෂ පූර්ණයට සුබ පැතුම්..! මොකද දැන් ලියන්නේ නැත්තේ.
පරක්කු වෙලා ආවේ... නියමයි...... හැපී බර්ත් දේ... සිහින සිත්තම් . බ්ලොගේ ට ,, ජයෙන් ජය
ReplyDeleteබ්ලොග් එකට ජය..
ReplyDeleteකැම ටික දැක්කහම නම් කටට කෙළ ඉනුවා.
අම්මා.. කාල බඩ පිරිල දැන්නං වචනයක් වත් කියන්න බෑ.. සුභ පැතුම් සිත්තමියෝ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසිත්තමීටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
Deleteඇත්තම කියන්න ආයේ නම් මේල් එකක් වත් දාන්නෙම නැහැ කියලා හිතාගෙනයි හිටියේ. බලමුකෝ ;)
ReplyDelete