Tuesday, April 23, 2013

නුඹත් නොසිතූ දිනෙක ...............

අමතක කල ඒ අතීතය 
රැගෙන ගියත් ජීවිතය
ඉතුරු වුන මගේ අහිංසක හිත
කිලිටි නැතිව පිදුවා නුඹට
ආයෙ ආයෙමත් විටින් විට
පෑරුවත් මගේ සිත අතීතය
හීනෙකින්වත් දිව නොයන්නට
ආසයි මම ඒ අතීතයට
නොසිතූ නොපැතූ දිනක
නුඹ පාරවා මගෙ හිත
ආයෙ ආයෙමත් ඒ දුක
අළුත් කලා හිත යට
........................
මිදෙන්නට බැරි තරමට
අතීතය පාරවයිද අනාගතය
හදාගන්න බැරි වුනොත් දිනක
නුඹ හැර යාවි 
මා,
.
.
.
.
.
.
.
.
නුඹත් 
නොසිතූ දිනෙක

Friday, April 5, 2013

කේක් කෑල්ලක් කන්න ඕනිනම් දුවල එන්නෝ..................

                       කාලෙකින් ආපු සිත්තමී ඔන්න නිකම්ම ආවෙ නෑලු බරට බරේ කන්න ‍අරන් දුවල ආවෙ ගොඩක් කාලෙකින් හමුවෙන් බැරි වුණ යාළුවො ටික බලන්නත් එක්ක.මේල් එකට මේල් එවපු මාව මතක් වුණ අය අතරින් මොනව වුනත් මම ලගින් ඇසුරු කල නමුත් මම උන්නද මාලාද නොබලපු මගේ ආදරණීය ස‍හෘදයන් සියල්ලටම මාගේ ප්‍රණාමය .......

                         අහම්බෙන් නෙතගැටුන අහම්බෙන් ගොඩවැදුන බ්ලොගයකට සිත ගියපු සිත්තමී තමන්ටම කියල බ්ලොගයක් හදාගන්න නොවිදපු දුකක් නෑ .‍ මොකද දන්නෙම නැති විශයක් නිසා.ඒත් සිත්තමී තනි වුනේ නෑ අක්කෙ මේ විදියට වෙන්න ඇති මෙහෙම කරල බලමු.අරකද මේකද ගොඩක් දේවල් ලග ඉදගෙන මගේ නැට්ට වගේ සහ වුන ආදරණීය සහෝදරිය මතකනෙ හැමෝටම සිතුවිලි දැහැන කෙලි පොඩ්ඩ තමයි සිත්තමීට ගොඩක් උදව් කලේ.ඇත්තම කියන්න බ්ලොග් ගැන මෙලෝම දෙයක් දන්නෙ නෑ දෙන්නම.......හික්ස්.......ඔහොම ආපු ගමනේ අළුත් දේවල් අළුත් යාළුවන් අළුත් අදහස් වගේම රස නීරස හැමදේම ලැබුණා සිත්තමීට.

                       කථාව කෙටියෙන්ම කියන්නම් සිහින සිත්තමට හරියටම අදට ඒ කියන්නේ 05-04-2013 ට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් කොහේ හිටියත් සිත්තමීට එන්නෙ නැතුව ඉන්නම බැරි වුණා. ඒ වගේම ආයෙ කවදාවත් නොයන්නම දැඩි තීරණයකුත් අරගෙන. විටෙක දැන් සිත්තමීව කාටවත් මතක නැතුවත් ඇති ඒකට කමක් නෑ.තනියම හරි සිත්තමී දිගටම ලියනවා.

                      සිහින සිත්තම් ගැන ලියද්දි අමතක නොකරම බැරි සිත්තම හදාගන්න වියයුතු වෙනස් විය යුතු දේවල් කියල දුන්න බ්ලොග් ලෝකයේ ආදරණීය සහෘද හදවත පිළිගන්න රෙප් මහත්තයා කවදාවත් අමතක කරන්න බෑ. හරියට මුල රැකගන්න ක්ලෝගාඩ් උදව් කරනව වගේ ඔහු මට උදව් කලා කිව්වොත් නිවැරදියි.ඒ වගේම සිත්තමේ එකම පෝස්ට් එකක්වත් මග නොහැරිය ආදරණීය බ්ලොග් සහෘදයාණන් සිතක සංකල්පනා ලියූ මධුරංග අයියාවත් සිත්තමී ආදරෙන් මතක් කලා ඕන්.......

වසරක් තුල පොස්ට් 55 කට කමෙන්ට් 1375  දැමූ  
සිහින සිත්තමේ සියළුම සහෘද ඔබට මාගේ ප්‍රණාමය.................... 


හරි දැන් පාටිය.......................