Friday, September 28, 2012

පාසලේ අලිගැටපේර කාලපරිච්ඡේදය .....

ඕන් යාළුවනේ හැමෝගෙම ඉල්ලීම පරිදි සිත්තමී නැවතත් පාසලේ දවැඩක් මෙමරි එකෙන් මතකෙටත් මතකයෙන් මෙමරි එකටත් ගන්නයි මේ සූදානම. ඕන් මේ වෙද්දි සිත්තමී‍ගෙ දම කාලෙ. ද කෙරුවයි කියල කවමදාකවත් සිත්තමී ඉස්කෝලෙ වැඩ අනාගත්තෙ නෑ.ඒ ඒ දේවල් ඒ ඒ විදියට කරන්න සිත්තමීට සුපිරි මොලයක් ජාන වලින්ම ලැබුන නිසා වැඩ අනාගත්තෙ නෑ ඉතින්. ද වැඩ කෝටියක් එක්ක පාසල් කාලය හරි ඉක්මණින් ගෙවිල ගියා.ඒ ගැන මතක් වෙද්දිත් දුකයි.

හරි මෙන්න කථාව.මගේ පාසල ළමුන් 2500ක් පමණ ඉගන ගන්නා පාසලක් භූමි ප්‍රමාණයත් සෑහෙන්න විශාලයි.පාසලේ පිටුපස කොටස ගම පැත්තට ආවරණය වීම විටෙක විදුහල්පතිට හා ගුරුවරුන්ට හරි කරදරයක්.ඒ ගැන පස්සෙ කියන්නම්කෝ මෙමරි එකේ තියාගන්නකෝ.නගරයෙන් ටිකක් විතර ඉවත්ව යද්දි තමයි පාසල හමුවන්නේ.පළතුරු විමානයක පිහිටි මගේ පාසල මතක් වෙද්දිත් ඇග නලියනව වගේ.නෙල්ලි (පාසලට අඩිය තියද්දිම තියෙන ළමයින් පිස්සු වැටෙන අපේ ජාතික ආහාරය ගස් 8 ක් පාර දෙපස හිටවල තියෙනවා) ඊලගට ජම්බු. පේර. රඹුටන්. පිණි ජම්බු. අලිගැටපේර. තැඹිලි. කුරුම්බා. වරකා. ගස්ලබු.නමිනං. බෙලි. වලින් ස්වංපෝෂිත පාසලක්. ළමයින්ට ගෙඩි හැදෙන කාලෙට දිව්‍ය වරප්‍රසාද ලැබුන ගානයි...

හ්ම් දන්නවද සිත්තමී වැඩිපුර කන්න කැමතිම අලිගැටපේර.ඉතින් අලිගැට පේර ගස් දෙකට මායිම්ව පිහිටි අපේ පන්තිය ගෙඩි හැදෙන කාලෙට කිසිම ළමයෙකුට ඒ පැත්තට නොයන්න වගබලාගන්නේ අපේ පන්තියේ අයම තමයි.අලිපේර ගහේ මල් ආපු දා ඉදල ගෙඩි පැහිල ඉදෙනකම්ම ගහේ තියෙන ගෙඩි ගානත් අපේ පන්තියේ අය දන්නවා. එක ළගම පිහිටි ගස් 2කේ ගෙඩි පිරිල වැඩි කමට අතුබිමට බර වෙනවා.මේ ගස්දෙක පිහිටන්නේ විදුහල්පති ගුරු නිවාසෙ පිටුපස ඒ කියන්නෙ අපිට යාබදව පිහිටන්නේ විදුහල්පති ගුරු නිවාසය.අපේ පන්තිය පිහිටියේ ටිකක් උස්බිමක හදමින් පවතින ගොඩනැගිල්ලක අවසාන පන්තිය.මුල්ලටම කරල අපිව තියල තියෙන්නෙත් අපේ යහපත් කල්කිරියාවම නිසාම. ඒ ගැන සතුටට පත් විදුහල්පති කාගේවත් ඇස්වහ වැදුණොත් එහෙම කියල මුල්ලකට කොරල අපිව තිබ්බා...හි හි හී...


ඔන්න ඉතින් අලිපේර ගෙඩි හැදෙන කාලෙ ඉදන් අපි පණවගේ බලන් හිටිය ගෙඩි පැහෙනකම්.ගෙඩි පැහෙන කාලෙට කොච්චර පරිස්සම් කලත් පොඩි කොලුපැටවුන්ගෙන් බේරගන්නවා බොරු.විවේක කාලයට රණ්ඩු කෝටියයි ගෙඩි වලට.ඉතින් එදත් මම හිතන්නේ පාසලේ 3වෙනි කාලපරිච්ඡේදය වෙන්න ඇති.ගුරුතුමිය නොපැමිණීම හේතුවෙන් අපි සැමගේ මැදිහත් වීමෙන් අලිගැටපේර කාලපරිච්ඡේදයක් පවත්වන්න සියළු කටයුතු සූදානම් කලා.ඉතින් ඕනෑම පන්තික දග මළු ටිකක් වගේම සයිලන්ස් මූඩ් අයත් සමසේ ඉන්නවනේ අන්න ඒ අයගේ දැඩි විරෝධය මත ඔවුන්ව පන්තියේ හලමින් සිත්තමී ප්‍රමුඛ අලිගැටපේර කමිටුව ඉස්සර වුණා.මගදෙපස පිරික්සමින් තොරතුරු සන්නිවේදනය සදහා සුපුරුදු ලෙස ආරෂක අංශයේ වැඩ බලන පළපුරුදු දෙතුන් දෙනාත් බුද්ධි අංශයේ වැඩ භාරගනිමින් පිරිස ටිකෙන් ටික ගුරු නිවාසෙ පිටුපසට වෙන්න සේනදු වුණා.මල්හතයි කිව්වලු විදුහල්පති හාමිනේත් අද ගුරුනිවාසෙ නෑ...හුරේ නිදහසේ වැඩක් දෙන්න පුළුවන්.ප්‍රීතියෙන් ඉපිලෙමින් වල්පැල අස්සේ පරිස්සමට හන්ගපු පොළු මුලුගුරු අරගෙන වැඩ ආරම්භ කලා.


දහ්....දහ්.....ඩොග්......ඩොග්....ඉදුණු පැසුණු අලිගැටපේර  එකින් එක බිමට සේනුදු වුණා.සිත්තමීත් දුව දුව පැන පැන පොළුපාරවල් බේර බේර වැටෙන අලිපේර ඇහින්දා...හික්ස් පෙරේත කමේ මහත.හරි හරි පෙරේත කම වුනත් දෙයියනේ අලිපේරනේ.

මේ කරෝලයා ඒ බන් සීනි කොහෙන්ද කැන්ටිමෙන් ගන්නවද? 
                                      
සිත්තමී රොබරි අයියා වන කරෝලයාගෙන් ඇහුවා.

උඹට කඩල දුන්නම මගුල තව සීනිත් අහනවා...@@@@@@ (කැත කටක් තියෙන්නෙ එයාට)සිත්තමී නිහඩ වුණා.

මේ අහපන් කරෝලයා අපි ගුරු නිවාසෙම කුස්සිය පැත්තට පැනලා සීනි බෝතලේට දෙමුද .ඒ කටහඩ අවධි කලේ සිත්තමීගේ අඹයා ගයි...හරි පොඩි සර්ච් එකක් දාමු..

කොල්ලෙ ටික ගුරුනිවාසෙ සීනි බෝතලේට ‍ගුස්පියක් අදින අතරේ මුරට දාපු එකෙක්ගෙන් උණු නිවුස් එකක් 

ඒයි පිනා එනෝ......පිනා එනෝ......දුවමූ......

දන්න වැඩ කෑලි දාල එකා එකා කඩපු අලිපේර අතින් අරන් දුවන්න වුණා.එකගෙඩියක් මටනම් මදි.ගෙඩි දෙකතුනක් අරන් මමත් දිඩිදිඩිගාලා දිව්වෙ නැතැයි සිත්තමීට ඉතින් දුවන්න බැරුවයි.දිව්ව ඉතින්...

ඔන්න ඉතින් එකා එකා පිටිපස දුවල ආපි අපි පන්තියට........ ඔය කරල තියෙන්නේ වැඩක් කරෝලයා අලිපේර කඩ කඩ හිටපු පොල්ලත් කරේ තියන්ම පන්තියට දුවල....ඒක පැත්තකින් තියමුකෝ දෙයියනේ කරේ තියන පොල්ල පිටිපස්සෙ කොඩිය හික්ස් ඒ මොකක්ද? අපොයි මලා පින්සිපල්ගේ යටම යටම යට ඇදුමක් ඒකෙ අගිස්සෙ පැටලිලා ඇවිත්....එත් දෙයියනේ දැන් මොකයි කරන්නේ.කරෝලයට ඒක හරි ජොලියක්.හූ තියනවා දුවනවා පොල්ල කරේ තියන් කරකවනවා වැඩ කෝටියයි..බලන් ඉන්න ආසාවෙ බෑ.ඔන්න ඊලග සෙල්ලම පටන් ගත්තා.අලිපේර කාලපරිච්ඡේදයට සහභාගි නොවූ අයගෙ ඔළුවට ප්‍රින්සිපල්ගෙ යට ඇදුම විසිකරනවා.දැන් ඒක පන්තියෙ එහාටයි මෙහාටයි මෙහාටයි එහාටයි යනවා. කෙල්ලො කෑගහනවා අප්පිරියාවට...ෂික්.....

ගුරු නිවාසෙට ගිහින් ආපහු කාර්යාලයට යන ප්‍රින්සිපල්ට අපේ සද්දෙ ඇහිලා ඇවිත්. අපිත් දැක්කෙ නෑ...වැඩේ අතේ මාට්ටු.අනේ මගේ කට කැඩෙනකම් කිව්වා කරෝලයෝ ඕක නවත්තපන් .....වැඩක් වුනේ නෑ...දැන් ඉතින් වැඩ ඉවරයි.

නවත්තපල්ලා ඕක 

ගොරහැඩි කටින් ප්‍රින්සිපල් අපිව ඇමතුවා ආදරෙන්. අවසාන වතාවට යට ඇදුම ඉතුරු වුනේ කෙල්ලෙක්ගෙ ඔළුවෙ. කරඩුව වැඩෙම්මුව වගේ  ඒකිත් ඒක ඔළුවෙ තියාගෙනම දෑතින් අල්ලෙගන නැගිට්ටා. පිනාට යකා නැගල  යකා නගින්නෙ නැද්ද ඉතින් එයාට වුනත් ලැජ්ජාවක් කියල ඒකක් තියෙනවනේ ඒක පැත්තක තියමුකෝ. කොරේ පිටට මරේ කියල කඩපු අලිපේර ටිකයි හොරකම් කරපු සීනියි තාම අපේ ඩෙස්ක් වල උඩ. 

මේක කරපු එවුන් නැගිටපියයව්...... මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඒ අපේ ආදරණීය ප්‍රින්සිපල් 
 මම දැකලම නෑ ඒ තරම් කේන්තියක් 

කරපු ඒවුන් නැගිටපියව්.....

එකෙක්වත් දැන් කරල නෑ.කවුරුවත් කරලත් නෑ.සිංහ නාදය වැඩියි මම දැනගත්තා වැඩේ අවුලටම යන බව නොකරපු උන්ටත් සම්බුව ලැබෙන්න කලින් සිංහ ලීලාවෙන් වැඩා වගේ මම නැගිට්ටා.මම දන්න එක දෙයක් තියනවා මම තනිවෙන්නෙ නෑ කියලා කවුරු නැතත් හවුලට ගයියා ගුටිකන්න   එනවම තමයි ඒ නිසයි නැගිට්ටේ හික්ස්....ඔන්න දැන් පුටු පස්සට වෙවී පන්තියෙන් බාගෙකටත් වැඩියෙන් නැගිට්ටා.

වරෙව් යන්න..... ඒ ආදරණීය ප්‍රින්සිපල් 
එකාට වේවැල්පාරවල් දෙක බැගින් පිළිගන්වමින් විදුහල්පති කාර්යාලය ලග අපි පෝලිමට දණ ගැස්සුවා. විවේක කාලයත් පහුවුණා ඒත් අපිව යැව්වෙ නෑ. විවේක කාලයේ එලියට බැහැපු පොඩිඑවුන් අපිට ඔච්චම් කර කර එහෙ මෙහෙ ගියා. මොනව වුනත් ඉවසන්නම බැරිම දේ ඒකයි.පොඩිඅයට දෙයක් දැක්කොත් අමතක කරන්නෙම නෑනේ. මහ අවුවෙ පැය දෙකක් දණ ගැහුවා.නිකම් නෙමෙයි කඩපු අලිපේර ටිකත් අපි ඉදිරියෙන් තියාගෙන අලිපේර හොරු කියල බෝඩ් ඒකකුත් ඉදිරියෙන් තියාගෙන...

අපි හිතුවේ අපි අලිපේර හොරු නමින් ප්‍රසිද්ධ වෙයි කියලා නමුත් අවාසනාව කියන්නේ අපේ ඊළඟ දඟවැඩේ කරලියට එනකම්ම අපි ප්‍රසිද්ධ වුනේ ජ.ගි හොරු නමින්. ඒ නම අපි කවුරු එළියට බැස්සත් පුංචි ළමයින්ගේ කටවල් වලින් රැව්පිළි රැව් දුන්නා.දෙකක් තුනක් ඇණල නිශ්ශබ්ද කල අවස්ථාත් තිබුණා.




Friday, September 7, 2012

ඔබ පැතුවා සේ ඔබට නිවන්සුව ලැබේවා........

යාළුවනේ ඔයාලට කොහොමද......

සිත්තමී තාම ආවෙ නම් නෑ. තව ටික දවසකින් එනවා එකපිට එක ප්‍රශ්න පණ වගේ ආදරෙන් සිත්තමී බලාගත්ත සිත්තමීගේ අච්චි අම්මා අද උදෑසන අන්තරා වුණා.දුක නැතුවම නෙමෙයි නමුත් සිත්තමී දුක් වෙන්නෙ නෑ. ඒ සිත්තමී ආච්චි අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ අවසාන වෙනකම් කල නිසා සිත්තමීට දුක නෑ. නමුත් ‍කියන්න බැරිතරම් හිතට පාලුවක් දැනෙනවා. ඉදිරියටත් ඒ පාලුව හිතට දැනේවි. සිත්තමී මේ ටික ලියන්නෙ සිත්තමී අච්චි අම්ම වෙනුවෙන් සිත්තමීගේ අතින් Death banner එක හදාගන්න ආපු වෙලාවෙ ආච්චි අම්ම වෙනුවෙන් කවියක්වත් ලියවෙන්නෙ නෑ. බැනර් එක හැදුවෙත් අත වෙවුල වෙවුල සිහිනෙන්වත් බැනර් එක හදන්න වෙයි කියල හිතුණෙ නෑ......

  මගේ ආච්චි අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි....ඔයා කියන්න වගේ මම ඔයාගෙ පණ වගේම ඔයත් මට මගේ පණ වගේ

           
අමාමහ නිවන් සුව 
            ඔබ පැතුවා සේ ඔබට ලැබේවා........




විටෙක අඩුපාඩු ඇති නමුත් අද හරිවැරදි බලන්නවත් හිතට පණක් නැති නිසා මම මේ බැනර් එක ප්‍රින්ට් කලා........විටෙක මම අතින් නිමවුණ කැතම බැනර් එක මේක වෙන්න ඇති......