Friday, August 17, 2012

නුඹ නොසිටියත් අද එතෙන......

 

දුරුත්තේ සීතල
ගුලිකරන් සිතට
තනිකම ආපු විගස
මතකෙට නැගුනෙ නුඹව
පසුගිය දුරුතුමස
මීඳුම බිඳගෙන
අප හමුවුණා 
ආදරෙන් සිප වැළඳගෙන....

සීතලක් නැහැ ගතට
උණුසුමෙන් පිරුණු නුඹ
පපුතුරේ හොවාගෙන
අනාගතය හා අපගැන
අනේ නුඹ පැවසුවා මට
නොදැන මා තනිවන වග
ගුලි වුණා තවතවත් ගතට
දෝරෙ ගලමින් ආදරය
මීදුම පහවුණා
ආදරේ උණුසුමට.....


නුඹ නොමැත අප හමු වූ තැන
මා පමණකි අද එතෙන
හීතලය එදාටත් වැඩිය අද
නුඹේ උණුසුම සොයනවා මම
නුඹ නොසිටියත් අද එතෙන......

Friday, August 3, 2012

කඳුළු හලන්නට එපා ඉතින්......


නිල් නෙතු අග කඳුලැල් පිපෙනාවිට
පිසලන්න කුමරිය හනික ඉතින්
මගේ හාදුගත් කොපුල්තලය මත
කඳුළු හලන්නට එපා ඉතින්

හදේ රිද්මය ගැහෙන ළය ලඟ
සුසුම් කුමටද මැණික ඉතින්
වෙන් වුනේ දුක් නම් නොදෙන්නට
මලක් සේ හිනැහෙන්න ඉතින්

ලංව හිඳගෙන නුඹේ හද ගැබ
සසරපුරාවට සිපගන්න තුටින්
අපිට අපි වී ඉන්නෙ කොහොමද
අඩු කුලේ ඉපිද මා දුක් වෙනව හිතින්

මවුපියන්ට දුක් දී නුඹ ගෙනයන්නට
හිතක් තිබුණද බැහැනෙ ඉතින්
මගේ දෙව්ලිය නැතත් මා ළඟ
සැමදා හිනැහී ඉන්න තුටින්

වසන්තය අප වටේ හිඳගෙන
අතුපතර බර කලා මලින්
වෙන්වුනත් අපි මවුපිය කැමැත්තට
නුඹේ ලඟ මා ඉන්නවා හිතින්

හමුවෙන්න යළි තව එකවතාවක්
     කුලගෙය පතිනි වෙන්න කලින්..........


නිදාන කථාව,

සිත්තමීට හමුවුණ ආදරණීය සොහොයුරෙකුගේ ආදර කථාව ඇසූ සිත්තමීට ඔහුගේ සිතුම් පැතුම් වලට එබිකම් කරන්න හිතුණා.ඒ ආදර කථාවේ  ඔහුගේ පෙම්වතියට දක්වන ආදරය මා මෙලෙස කවි කිහිපයකින්  නිමකලා.නමුත් ඒ ආදරය කවි කිහිපයකින් නිමකල නොහැකි ආදර කථාවක්. 

පිරිමි සිතකට දැනෙන ආදරය විටෙක මගේ කවියට නගන්නට මට බැරි වෙන්න ඇති. කවිය තුලින් කථාව තේරුම් අරන් මාගේ සාර්ථකත්වය පිණිස වචනයක් නොකිය යන්න එපා........